ආනන්දයින් සිය පිටියේ දී ම ලුම්බිණියෙන් බැට කයි

1311

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩය යටතේ රාජගිරිය ආනන්ද විද්‍යාලයීය රග්බි පිටියේ දී කොළඹ ආනන්ද විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර පැවැත්වුණු තරගය ලකුණු 05-20ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට ලුම්බිණි විද්‍යාලය සමත් වුනේ සිය කාණ්ඩයේ ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ආනන්දයින් විසින් තබා සිටි බලාපොරොත්තු බිඳ දමමිනි.

රාජකීය සටනට පෙර සාන්ත පීතරයින් දක්ෂතා මුවහත් කර ගනී

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට අදාලව බම්බලපිටිය සාන්ත පීතර සහ…

දැඩි උණුසුම් කාලගුණ තත්වයක් යටතේ ආරම්භ වූ  තරගයේ දී දෙපිළෙහිම ක්‍රීඩකයින් මන්දගාමී විලාසයකින් තරගයේ යෙදෙනු දක්නට ලැබුණු නමුත් ආනන්ද ක්‍රීඩකයින් ඉදිරියට ඇදෙමින් සිය ගෝලය වෙත ගමන් කිරීමට යම් උත්සහයක් ගන්නා ලදි.

ඊට එරෙහිව ලුම්බිණි පිළ ප්‍රතිරෝධයක් දැක්වීමට අපොහොසත් වන බවක් දිස් විය. කිසිවෙකුට හෝ ලකුණු අතරට පිවිසීමට නොහැකිව සිටින අවස්ථාවක දී ආනන්ද පිළට විනිසුරු විසින් ලබා දුන් දඬුවම් පහරක් නිසි පරිදි ගෝල කණු අතරින් යැවීමට බී. මදුෂාන් හට නොහැකිවීම ඔවුන්ව මහත් පසුබෑමකට ලක් කිරීමට සමත් විය.

දුර්වල ලෙස ක්‍රීඩා කරමින් සිටි කණ්ඩායම් ද්විත්වයම විටෙන් විට බොහෝ අත්වැරදීම් සිදු කළ අතර එය ඔවුන්ගේ ඉදිරියට යෑම තවත් අඩාල කළේය. පන්දුව දෙපිළ අතර දෝලනය වෙමින් තිබූ අතර ආනන්ද ක්‍රීඩකයින් කිහිප විටක් සිය ගෝල රේඛාවට ආසන්න වුවද ලුම්බිණි ආරක්ෂකයින් ඔවුන් වෙත දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරන ලදි. මේ අතර තරගයේ 30 වන මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත් ඒ. එස්. එරංග ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් තරගයේ ප්‍රථම ලකුණ ලබා ගැනීමට සමත් විය. (ලුම්බිණි 03 – 00 ආනන්ද)

මේ සමඟම ලුම්බිණි විද්‍යාලය සටන්කාමී ලෙස පන්දුව ඩැහැගන්නට වෙර දැරූ අතර ආනන්ද ක්‍රීඩකයින්ට සාපේක්ෂව කුඩා ශරීර ප්‍රමාණයන්ගෙන් යුතු වූ ඔවුන් සිය ප්‍රතිවාදීන්ට වඩා මනා ශරීර යෝග්‍යතාවයකින් පසුවන බවක් දිස්විය.

ගුවන් තටු සිඳිමින් හැව්ලොක් ක්ලිෆර්ඩ් කුසලානය ඩැහැ ගනී

2019 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සුපිරි අවසානයක් ලබා දෙමින් …

ඩී. දිල්හාර පන්දුව රැගෙන තම ගෝලය වෙත දිව යමින් ලුම්බිණිය වෙත යම් සහයක් ගෙන දුන් අතර ඒ අතරතුර දී ආනන්දයින් විසින් නොසැලකිලිමත් ලෙස පිටියේ කටයුතු කරන අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ ඇස් වසා උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඒ. එස්. එරංග සමත් විය. නමුත් ඔහුට එහි ප්‍රවර්තනය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැත. (ලුම්බිණි 08 – 00 ආනන්ද)

ඉන් අනතුරුව පන්දුව හිමි වූ ආනන්ද ක්‍රීඩකයින් ලුම්බිණි කණ්ඩායමට දැඩි සටනක් දෙමින් සිය ගෝලය දෙසට ඇදුණු අතර එය අසල දී සුපිරි ස්ක්‍රම් අවස්ථාවකින් වාසිය ගත් එච්. ජී. පෙරේරා පන්දුව සමඟ ඉහළින් ඉපිලී ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේය. ඔහු විසින්ම එහි ප්‍රවර්තනය ලබා ගැනීමට දැරූ වෑයම අසාර්ථක විය.

පළමු අර්ධයේ අවසානය ළඟා වෙමින් තිබිය දී නැවත උත්සාහක දිනුම් රේඛාව මත පන්දුව තැබූ ආනන්ද ක්‍රීඩක ටී. වයි. සිල්වාගේ එම ක්‍රියාව විනිසුරු විසින් අවලංගු කළේ ඔහු ඊට මොහොතකට පෙර පන්දුව සමඟ දිව යන විට එක් පාදයක් පිටියේ සීමාවෙන් පිටත තැබීම හේතුවෙනි.

පළමු අර්ධය: ලුම්බිණි විද්‍යාලය 08 – 05 ආනන්ද විද්‍යාලය

ආනන්දයින් විසින් සිය අත්වැරදීම් අවම කර ගනිමින් ලුම්බිණිය වෙත අභියෝග කරන්නට වූ අතර ලකුණු ලබා ගැනීම අතින් ඉදිරියෙන් සිටිය ද බොහෝ Knock on ක්‍රියාවන් සිදු කළ ඔවුන් ආනන්ද ක්‍රීඩකයින් වෙත පන්දුව තෑගි කරනු දක්නට ලැබුණි.

ආනන්ද ක්‍රීඩකයින් වූ බී. මධුෂාන් සහ කේ. එස්. ද සිල්වා පිටියේ පැති රේඛාවක් ඔස්සේ පන්දුව හුවමාරු කර ගනිමින් යම් දුරක් ඉදිරියට ගොස් තම ගෝලය වෙත ළඟා වූ අතර මෙහි දී  සිය ගෝල රේඛාවට මීටර 5ක් පමණ ඉතා කෙටි දුරකින් සිට ලකුණු ලබා ගැනීම වෙනුවෙන් සටන් කළ ද එය මැඩපැවැත්වීමට ලුම්බිණි ආරක්ෂකයින් කටයුතු කළේය.

කේ. සී. රාජපක්ෂ විසින් සුපිරි ධාවනයක නිරත වෙමින් පන්දුව සමඟ ගෝලය වෙත යාමට සිය කණ්ඩායමට සහයක් දුන් අතර ප්‍රතිවාදී ආනන්ද ක්‍රීඩකයින් පිටියේ විසිරි සිටි පිළිවෙළෙහි හිඩැසක් අතරින් ගෝල රේඛාව වෙත පැන තවත් උත්සාහක දිනුමක් ලබා ගනිමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට ඩබ්. ඩී. අශේන් සමත් වූ නමුත් එරංගගේ ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (ලුම්බිණි 13-05 ආනන්ද)

සහිරා තර්ජනයට ඉසිපතනය සාර්ථකව පිළිතුරු දෙයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ලෙස ඉසිපතන විද්‍යාලය සහ…

ඩබ්. ඩී. අශේන් විසින් පන්දුව රැගෙන මීටර 70ක පමණ දුරක් කිසිවෙකුගේ සහයක් නොමැතිව දිව ගොස් උත්සාහක රේඛාවට ළඟා වී පන්දුව තැබීමට නිමේෂයකට පෙර ඔහුව වැළැක්වීමට ආනන්දීය වින්ග් ක්‍රීඩක කේ. එස්. ද සිල්වා හට හැකි විය. නමුත් ඉන් මොහොතකට පසුව ඒ. එස්. එරංගගේ ප්‍රවර්තනයෙන් වර්ණවත් වූ තරගයේ අවසන් උත්සාහක දිනුම ලුම්බිණිය වෙනුවෙන් වාර්තා කිරීමට වයි. යූ. ග්‍රේරෝ සමත් වූයේ ආනන්ද විද්‍යාලයේ බලාපොරොත්තු සුන් කර දමමිනි.

තරගයේ අවසානයට තවත් ස්වල්ප මොහොතක් ඉතිරිව තිබිය දී ආනන්ද ක්‍රීඩකයින් ලකුණු රැස් කිරීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ලුම්බිණි විද්‍යාලයීය කණ්ඩායමට හැකි විය. මේ අනුව සිය ප්‍රතිවාදීන්ව අසරණ කරමින් තරගයේ ජයග්‍රහණය වැළඳ ගැනීමට ලුම්බිණිය සමත් වූයේ IIB ලකුණු සටහනේ සිය ස්ථාවරත්වය තහවුරු කරමිනි.

අවසන් ලකුණු තත්වය: ලුම්බිණි විද්‍යාලය 20 – 05 ආනන්ද විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • ලුම්බිණි විද්‍යාලය: ඩබ්. ඩී. අශේන් 1T, වයි. යූ. ග්‍රෙරෝ 1T, ඒ. එස්. එරංග 1T 1P 1C
  • ආනන්ද විද්‍යාලය: එච්. ජී. පෙරේරා 1T

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<