ආනන්දීයයන් සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි

859

2019 අන්තර් පාසල් සිංගර් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ආනන්ද විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර අද (31) පැවැත්වුණේ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීයි.

එහි දී ලකුණු 32-05ක් ලෙස තරගය පහසුවෙන් ජය ගැනීමට සත්කාරක ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ආනන්ද විද්‍යාල කණ්ඩායම මෙම තරගාවලියේ ලද ප්‍රථම ජය ලෙස මෙය වාර්තා විය.

උත්සාහක දිනුම් වැස්සකින් ත්‍රිත්වයන් පල්ලෙකැලේ ආක්‍රමණය කරයි

සිංගර් අන්තර් පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ කාණ්ඩය’ යටතේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ

තරගය ආරම්භ කර මිනිත්තු කීපයක් ගත වන තුරුම දෙපිළම කරට කර උණුසුම් තරග රටාවක් පෙන්නුම් කරන්නට වූ අතර පළමු මිනිත්තු 15 තුළ දී ම දෙපිලෙන්ම ලකුණු පුවරුව වෙත කිසිදු දායකත්වයක් නොලැබීය. තරගය ආරම්භ කිරීමෙන් පසු ගත වූ 10 වැනි මිනිත්තුවේ දී ආනන්ද ක්‍රීඩක යෙශාන් කවින්ද විසින් කරන ලද වැරැද්දක් හේතුවෙන් කහ කාඩ් පතක් නිකුත් කිරීමට විනිසුරු අජිත් මහතා කටයුතු කළේය.

ඉන් අනතුරුව ආනන්ද විද්‍යාල කණ්ඩායම ක්‍රියාත්මක වන්නට වූ අතර තරගයේ 18 වැනි මිනිත්තුවේ දී ආනන්දය වෙනුවෙන් ප්‍රසාද් උත්සාහක දිනුමක් ලබා ගත්තේය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හරූෂට හැකියාවක් නොලැබුණු අතර ලකුණු තත්ත්වය 05-00ක් ලෙස ආනන්ද විද්‍යාල කණ්ඩායම ඉදිරියට පමිණියේය. (ආනන්ද 05-00 බෙනඩික්ට්)

අන්තෝනිවරුන් ගිලිහෙමින් තිබූ සිය ගෞරවය රැක ගනියි

2019 ඩයලොග් අන්තර් පාසල් රග්බි කුසලාන ශූරතාවලියේ පළමු වටයේ එක් තරගයක් අද (30) මරදාන සහිරා විද්‍යාලය සහ

ආනන්ද විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් නදූශන්, ප්‍රභාෂ්වර සහ යෙෂාන් කාවින්ද උත්සාහක දිනුම් සඳහා තම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් පිරිනැමූ අතර එම උත්සාහක දිනුම් සියල්ලේම ප්‍රවර්තන මනා අයුරින් සාර්ථක කරගන්නට හරූෂ පෙරේරා සමත් විය.

පළමු අර්ධය පුරාවටම ආනන්ද කණ්ඩායම තම අණසක පිටිය පුරා පතුරවමින්  ලකුණු 26ක් රැස්කළේ ප්‍රතිවාදී සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයන්ට කිසිදු ලකුණක් රැස්කර ගැනීමට ඉඩප්‍රස්තාව ලබා නොදීමෙනි. (ආනන්ද 26-00 සාන්ත බෙනඩික්ට්)

පළමු අර්ධය: ආනන්ද විද්‍යාලය 26 – 00 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ පටන් නැවතත් දෙපිලම කරටකර තරග රටාවක් පෙන්නුම් කරන්නට පටන් ගත් අතර පළමු අර්ධයේ දී අලස තරග රටාවක් පෙන්නුම් කළ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයන් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් ප්‍රතිවාදි ආනන්ද ක්‍රීඩකයන්ට හොඳ තරගයක් ලබා දෙන්නට සමත් විය.

තරගයේ 48 වැනි මිනිත්තුවේ දී සාන්ත බෙනඩික්ට් ක්‍රීඩක එවන් වොලස් විසින් ඉතා දක්ෂ අයුරින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට ඔහුට නොහැකි විය. (ආනන්ද 26-05 සාන්ත බෙනඩික්ට්)

ඔලිවර් ගුණතිලක කුසලානය වෙස්ලි ක්‍රීඩකයෝ රැගෙන යයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියෙහි පස්වැනි සතිඅන්තයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද

ඉන් අනතුරුව මිනිත්තු 5ක් ගතවන්නටත් පෙර නැවතත් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් තරූෂ සිල්වා ක්‍රියාත්මක වෙමින් උත්සාහක දිනුමක් ලබා ගත් අතර එහි ප්‍රවර්තනය ද හරූෂ පෙරේරා විසින් සාර්ථක කරගැනීමට සමත් විය. (ආනන්ද 33-05 සාන්ත බෙනඩික්ට්)

අද තරගය සඳහා තරග වැදුණ මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගි වූ සියලුම තරග පරාජය වී තිබීම විශේෂත්වයක් වූ අතර ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ලබා ගත් මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ මෙම තරගාවලිය තුළ ලද එකම ජයග්‍රහණය ලෙසයි.

ආනන්ද විද්‍යාලය ප්‍රසාද ලකුණ ලබා ගැනීමට ද සමත් වූ අතර බෙනඩික්ට් විද්‍යාලය මෙම තරගාවලියේ  තමන් සහභාගී වූ තරග සියල්ලම පරාජය වීමෙන් අමිහිරි අත්දැකීමක් ලබන්නට විය.

අවසන් ලකුණු තත්ත්වය: ආනන්ද විද්‍යාලය 33 (5T,4C) – 05 (1T) සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ආනන්ද විද්‍යාලය: ප්‍රසාද් (1T), නදූශන් (1T), යෙශාන් කාවින්හ (1T), ප්‍රභාශ්වර (1T), තරුෂ සිල්වා (1T), හරූෂ පෙරේරා (4C)
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය: එවන් වොලස් (1T)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<