රාජකීය සටනට පෙර සාන්ත පීතරයින් දක්ෂතා මුවහත් කර ගනී

505

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට අදාලව බම්බලපිටිය සාන්ත පීතර සහ කොළඹ වෙස්ලි විද්‍යාල අතර තරගය අද (24) පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේ දීයි. මෙම තරගයෙන් සාන්ත පීතරයින් ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 22-35ක් ලෙසයි.

තරගය ආරම්භ කිරීමට පෙර, පසුගිය දා සිදු වූ අවාසනාවන්ත අනතුරකින් ජීවිතයෙන් සමුගත් වෙස්ලි විදුහල් හිටපු නායක කෝකිල සම්මන්දපෙරුම සිහි කරමින් මිනිත්තු දෙකක නිහඬතාවක් ආරක්ෂා කිරීමට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් එක්වීම කැපී පෙනුණු කරුණක් විය.

පූර්ණ උත්සාහක දිනුමකින් සිල්වෙස්තරයින් ඉදිරියෙන්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ ප්‍රතිවාදී කොළඹ මහානාම විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 7ක තියුණු…

තරගය ආරම්භ වී මිනිත්තු 5ක් ගත වීමටත් මත්තෙන් වෙස්ලි විද්‍යාලය උත්සාහක දිනුමක් වාර්තා කළේ සාන්ත පීතර කණ්ඩායමේ අතපසුවීමක් මගින් ලැබුණු අවස්ථාවක් මනාව උපයෝගී කර ගනිමිනුයි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔවුන් ලකුණු 7-0ක් ලෙස පෙරමුණ ගන්නට සමත් විය.

කෙසේ වෙතත් වැඩි වෙලා ගත වන්නටත් මත්තෙන් සාන්ත පීතර කණ්ඩායමත් සිය අතපසුවීමේ පාඩුව මකා ගන්නට සමත් වුනේ විශිෂ්ට කණ්ඩායම් ක්‍රියාකාරීත්වයක් හරහා රවීන් ප්‍රනාන්දු වාර්තා කළ උත්සාහක දිනුම තේනුක නානායක්කාර සාර්ථකව ප්‍රවර්තනය කිරීමත් සමඟයි. (වෙස්ලි 07-07 සාන්ත පීතර)

තරූෂ ජයවීර 11 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් මගින් වෙස්ලි කණ්ඩායම යලි පෙරමුණට ගෙන එන්නට සමත් වුවත්, එහි ප්‍රවර්තනය අසාර්ථක වීමත්, ඉන් මිනිත්තු කිහිපයකට පසු ලැබුණු  දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට සාන්ත පීතර ක්‍රීඩක තරූෂ නානායක්කාර සමත් වීමත් සමඟ කණ්ඩායම් දෙක වෙන් වුනේ ලකුණු දෙකක පරතරයකින් පමණයි. (වෙස්ලි 12-10 සාන්ත පීතර)

ඉන් අනතුරුව වෙස්ලි කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙතින් තරගය ආරම්භයේ තිබූ පාලනය ගිලිහී යන අයුරක් දක්නට ලැබුණු අතර තරිඳු සමරකෝන්ට මිනිත්තු 10කට පිටියෙන් ඉවත් වීමට විනිසුරු නියෝග කළේ ප්‍රතිවාදී සාන්ත පීතර ක්‍රීඩකයෙකු වෙත එල්ල කළ අනතුරුදායක ක්‍රීඩා විලාශයක් හේතුවෙනි.

සහිරා තර්ජනයට ඉසිපතනය සාර්ථකව පිළිතුරු දෙයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ලෙස ඉසිපතන විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර හැව්ලොක් පිටියේ දී පැවති තරගයෙන්…

කෙසේ වෙතත් එම කහ කාඩ්පත ලබා දීමට පෙර පන්දුවේ වාසිය අතැතිව සිටි සාන්ත පීතර විද්‍යාලයට එම උත්සාහක දිනුම වාර්තා කිරීමට විනිසුරු ජමාල්ඩීන්  ඉතා ඥානාන්විතව අවස්ථාව ලබා දීම හේතුවෙන් වෙස්ලි විද්‍යාලයේ පාලනය තවදුරටත් ගිලිහී යන ලදි. අදාළ උත්සාහක දිනුමේ අයිතිය සෙන්තික ප්‍රනාන්දු සතු වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය. (වෙස්ලි 12-15 සාන්ත පීතර)

තරගයේ 29 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීම සඳහා ප්‍රතිවාදී ගෝල සීමාව අසලටම පැමිණෙන්නට සමත් වුනේ වෙස්ලි කණ්ඩායමට දැවැන්ත තර්ජනයක් එල්ල කරමිනි. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ දී වෙස්ලි ක්‍රීඩක තරිඳු වල්පිටගේ පන්දුව වටා සිටි ක්‍රීඩකයන් අතරට නීති විරෝධී ලෙස පැත්තෙන් ඇතුල් වීම නිසා විනිසුරුවරයාට සිදු වුනේ සාන්ත පීතර කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ප්‍රදානය කරන්නටයි. මේ අනුව ප්‍රවර්තනයකින් තොරවම ඔවුන්ට ලකුණු 7ක් හිමි වූ අතර තරිඳුගේ වරද අනුව ඔහුටත් කහ කාඩ්පතක් හිමි වුනේ වෙස්ලි කණ්ඩායම ක්‍රීඩකයන් 13 දෙනෙකුට සීමා කරමිනි. (වෙස්ලි 12-22 සාන්ත පීතර)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

වාසනාවට මෙන් ඉතා කෙටි කාලයක් තුළ පළමු කහ කාඩ්පත ලැබූ ක්‍රීඩකයාගේ දඬුවම් කාලය අවසන් වූ අතර පළමු අර්ධය අවසන් වන තෙක් ලකුණු පුවරුව නොවෙනස්ව රඳවා ගන්නට වෙස්ලි කණ්ඩායමට හැකි විය.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 12 – 22 සාන්ත පීතර විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ වන විටත් වෙස්ලි කණ්ඩායම ක්‍රීඩකයන් 14 දෙනෙකුට සීමා වී තිබූ අතර ඉන් උපරිම ප්‍රයෝජන ගත් සාන්ත පීතර ක්‍රීඩකයන් ආරම්භක පහර හරහාම උත්සාහක දිනුමක් කරා පන්දුව ගෙන යන්නට සමත් විය. එම පන්දුව සීමා ඉරෙන් එපිට පතිත කිරීමේ අයිතිය හිමි වුනේ ඩිල්ශාන් මධුශංකටයි. (වෙස්ලි 12-27 සාන්ත පීතර)

48 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් ගෝල සීමාව අසලට යොමු කර ගත් සාන්ත පීතර කණ්ඩායම ඒ හරහා තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ප්‍රතිවාදීන් මුලා කරමින් එම අවස්ථාවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වුනේ සෙන්තික ප්‍රනාන්දුයි. (වෙස්ලි 12-32 සාන්ත පීතර)

ගුවන් තටු සිඳිමින් හැව්ලොක් ක්ලිෆර්ඩ් කුසලානය ඩැහැ ගනී

2019 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සුපිරි අවසානයක් ලබා දෙමින් ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 40-21ක් ලෙස පරාජය…

තේනුක නානායක්කාර තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට සමත් වූ නමුත්, තරගයේ අවසන් මිනිත්තු 10 පමණ තුළ සාන්ත පීතර කණ්ඩායමේ පාලනය ද තරමක් දුරට ගිලිහෙන බවක් දක්නට ලැබුණේ දඬුවම් පහරක් හරහා ප්‍රතිවාදී කණ්ඩායමට උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ අවස්ථාව උදා කිරීම සහ මිනිත්තු කිහිපයක් තුළ ක්‍රීඩකයන් දෙදෙනෙක්ටම කහ කාඩ්පත් අවවාද යටතේ පිටියෙන් ඉවත් වීමට සිදුවීමත් සමඟයි. (වෙස්ලි 17-35 සාන්ත පීතර)

කෙසේ වෙතත් ක්‍රීඩකයන් 13 දෙනෙකු සමඟ මිනිත්තු 8ක පමණ කාලයක් ක්‍රීඩා කළ සාන්ත පීතර කණ්ඩායම එම කාලය තුළ තම ලකුණු සංඛ්‍යාව අභිබවා යන්නට වෙස්ලි කණ්ඩායමට ඉඩ ලබා නොදුන්නත් ඔවුන් සිය 4 වැනි උත්සාහක දිනුම වාර්තා කරමින් අතිරේක ප්‍රසාද ලකුණක් ලබා ගැනීම වළක්වා ලන්නට සාන්ත පීතර ක්‍රීඩකයන්ට හැකි වූයේ නැත.  

මේ අනුව තරගයේ නියමිත මිනිත්තු 70ක කාලය අවසන් බවට ප්‍රධාන විනිසුරු ජමාල්ඩීන්ගේ සංඥාව නිකුත් වන විට ලකුණු 35-22ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගත් බම්බලපිටිය රග්බි බලකාය ලබන සතියේ කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ජයග්‍රාහී පිවිසීමක් සහ යහපත් මානසික ශක්තියක් ගොඩනගා ගන්නට සමත් විය.

අවසන් ප්‍රතිඵලය – වෙස්ලි විද්‍යාලය 22 (4T, 1C) – 35 (5T, 2C,2P)සාන්ත පීතර විද්‍යාලය

  • ThePapare.com තරගයේ වීරයා – ඩිල්ශාන් මධුශංක (සාන්ත පීතර විද්‍යාලය)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<