වේගවත් ඉසිපතන පසුපෙළ ත්‍රිත්වයින් හඬවයි

1762

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (10) පැවැත්වුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා ප්‍රබල ඉසිපතන විද්‍යාලය අතරයි. දෙවන අර්ධයේ ත්‍රිත්ව ප්‍රහාරයෙන් මිදී ලකුණු 27-15ක් ලෙස තරගය ජය ගන්නට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වූයේ උණුසුම් තරගයකට පසුවයි. තරගය පැවැත්වුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දීයි.

සාන්ත පීතර ක්‍රීඩකයින් හමුවේ කිංග්ස්වුඩ් පසුබසී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය…

ත්‍රිත්ව විද්‍යාලය පසුගිය සතියේ දී සහිරා විද්‍යාලය පරාජය කරමින් තරගාවලියට පිවිසුණු අතර ඉසිපතන විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලයට දරුණු පරාජයක් අත්කර දෙන්නට සමත් විය. වසරේ උණුසුම්ම රග්බි ගැටුමක් වන ඉසිපතන-ත්‍රිත්ව ගැටුම පසුගිය වසරේ දී අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

ඉසිපතන ක්‍රීඩක කල්හාරගේ පන්දුවට පා පහර දීමත් සමඟ තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුව තුළ දී ම ලකුණු රැස් කර ගැනීමට තිබූ අවස්ථාවක ඉසිපතනයෙන් ගිලිහි ගියේ අවාසනාවන්ත ලෙසයි. පන්දුව සමඟ ඉසිපතන සෙන්ටර් ක්‍රීඩකයා ඉදිරියට ධාවනයේ යෙදී ධවල රේඛාව ආසන්නයේ දී පන්දුව සිය සගයාට හුවමාරු කළත්, අවාසනාවන්ත ලෙස එම පන්දුව හුවමාරුව සාර්ථක වූයේ නැත. ත්‍රිත්ව ක්‍රීඩකයින් ද පළමු මිනිත්තු දෙක තුළම පන්දුවට පා පහර දීමේ දී නිසි ලෙස පිටියෙන් ඉවතට පන්දුව යොමු කිරීමට අසමත් වූයේ ඉසිපතනයට අමතර වාසියක් ගෙන දෙමින්.

පළමු මිනිත්තු හය ඇතුළත තෙවතාවක් ම ත්‍රිත්ව අර්ධය ආක්‍රමණය කළ ඉසිපතන ක්‍රීඩකයෝ 8 වන මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ රමිත ද සිල්වාගේ සුරතින්. මනිල්ක රුබේරුගේ දක්ෂ පන්දු යොමු කිරීමක් රැකගත් රමිත ත්‍රිත්ව ආරක්ෂක වළලු බිඳිමින් සුපිරි ධාවනයක යෙදී ලකුණු රැස් කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (ඉසිපතන 05-00 ත්‍රිත්ව)

ස්වර්ණමය යුගයක් අරඹන්නට බම්බලපිටියේ සාන්තුවරුන්ට හැකි වෙයි ද?

2018 වසරේ පාසල් රග්බි පිටියේ සාර්ථකම කණ්ඩායමක් වන බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වසරේ දී සූදානම්…

14 වැනි මිනිත්තුවේ දී පන්දුව රැක ගැනීම සඳහා ගුවන් ගත වී සිටි ඉසිපතන ක්‍රීඩකයෙකුට ගුවනේ දී භයානක බාධා කිරීමක් සිදු කිරීම නිසා අමිත් කුලතුංග හට කහ කාඩ්පතක් හිමි වූ අතර මේ පළමු මිනිත්තු 15 ඇතුළත ආබාධ නිසා පිටියෙන් ඉවත් වූ දෙවන ඉසිපතන ක්‍රීඩකයා වීම ඔවුන්ට දැඩි අවාසියක් විය.

ත්‍රිත්ව ක්‍රීඩක මිනිදු හා නායක රෙෂාන් බණ්ඩාරනායකගේ පන්දුවට පා පහර දීම් පිටියේ වූ අධික සුළඟ නිසාම දිගින් දිගටම අසාර්ථක වූ අතර ඉන් නිසි වාසි උකහාගත් වේගවත් ඉසිපතන පසුපෙළ පන්දුව රැකගෙන නැවත වතාවක් 19 වන මිනිත්තුවේ දී ලකුණු රැස් කිරීමට සමත් විය. මනිල්ක රුබේරු මෙවර පන්දුව සමඟ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය නමුත් එහි ප්‍රවර්තනය නම් ඔහුට සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. (ඉසිපතන 10-00 ත්‍රිත්ව)

29 වන මිනිත්තුවේ දී මනුල රත්නායක ත්‍රිත්ව ක්‍රීඩකයින්ගෙන් පන්දුව උදුරා ගෙන පහසුවෙන් ධවල රේඛාව ඉක්මවා ගිය අතර ඔහුව නැවැත්වීමට කිසිදු ත්‍රිත්ව ආරක්ෂක ක්‍රීඩකයෙකු සිටියේ නැත. මනිල්ක පහසුවෙන් අමතර ලකුණු එකතු කිරීම සමත් විය. (ඉසිපතන 17-00 ත්‍රිත්ව)

නැවත තරගය ආරම්භ කිරීමත් සමඟම ක්‍රියාත්මක වූ ත්‍රිත්ව වින්ග් ක්‍රීඩක ගීෂප කුලතුංග,  පිටිය කොණේ සිය ප්‍රතිවාදියාගෙන් මිදෙමින් අලංකාර ධාවනයක යෙදුණේ සුපිරි උත්සාහක දිනුමක් රැස් කරමින්. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (ඉසිපතන 17-05 ත්‍රිත්ව)

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 05 (1T) –17 (3T, 1C) ඉසිපතන විද්‍යාලය

පළමු අර්ධයේ සිදු කළ අතපසුවීම් නිවැරදි කර ගනිමින් දෙවන අර්ධයේ පළමු මිනිත්තුවේ සිටම ත්‍රිත්ව ක්‍රීඩකයෝ ආක්‍රමණයේ නිරත වූ අතර රොබින්සන් ඉසිපතන ක්‍රීඩකයින්ගෙන් මිදී පන්දුව සමඟ දක්ෂ ලෙස ඉදිරියට ඇදුනත් කරුණානායක ඔහුගේ පන්දු යොමු කිරීම හරි හැටි රැක ගත්තේ නැත.

39 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව විද්‍යාලය ප්‍රබල ආක්‍රමණයක යෙදෙමින් පන්දුව සමඟ ඉදිරියට ඇදුණු අතර ඔවුන් පන්දුව ධවල රේඛාවෙන් එපිට බිම ස්පර්ශ කිරීමට උත්සහ කරද්දී පන්දුව අතහැරුණේ අවාසනාවන්ත ලෙසයි. කෙසේ වෙතත් ත්‍රිත්ව ක්‍රීඩකයින් එය උත්සාහක දිනුමක් දැයි විනිසුරුගෙන් අසන්නට නැවතුණු ක්ෂණයේ ඔවුන්ගේ ඒ අතපසුවීම ප්‍රයෝජනයට ගත් ඉසිපතන ක්‍රීඩකයෝ පන්දුව රැගෙන ඉදිරියට ධාවනයේ යෙදී ලකුණු රැස් කලේ ඉතා පහසුවෙන්. ත්‍රිත්ව ක්‍රීඩකයින් විනිසුරුගේ නලාවට සවන් නොදීම නිසා ලකුණු හතක්ම ඉසිපතන ක්‍රීඩකයින් පූජා කළේ මනිල්ක රුබේරු  අමතර ලකුණු ද එකතු කිරීමත් සමඟයි. (ඉසිපතන 24-05 ත්‍රිත්ව)

සංජුලගේ ගිනිකෙළිවලින් සහිරා ක්‍රීඩකයෝ දැවී අළු වෙති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (9) පැවැත්වුණේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය….

කෙසේ වෙතත් සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය දිගටම පවත්වා ගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් 44 වැනි මිනිත්තුවේ දී හා 46 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් රැස් කළේ ඉසිපතන ක්‍රීඩකයින් අන්ද මන්ද කරමින්. රෙෂාන් බණ්ඩාරනායක ඉසිපතන ක්‍රීඩකයින් මර්දනය කරමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ගීෂප කුලතුංග පහසුවෙන් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ දීර්ඝ පන්දු යොමු කිරීමකින් උපරිම ප්‍රයෝජන ගනිමින්. එම ප්‍රවර්තන දෙකම සාර්ථක වූයේ නැත. (ඉසිපතන 15-24 ත්‍රිත්ව)

59 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව ක්‍රීඩක ටෙහාන් කරුණානායක හට රතු කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීම විනිසුරු රොහාන් ප්‍රනාන්දු තීරණය කළේ ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ හිසට පා පහර එල්ල කළේ යැයි පවසමින්. ඉන් ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට මනිල්ක උත්සාහක කළත් එම උත්සාහක සාර්ථක වූයේ නැත.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ වෙතත් අවසන් මිනිත්තු 10 තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සඳහා ලකුණු නවයක් අවශ්‍යව තිබූ අතර 61 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරකින් ලකුණු රැස් කරමින් මනිල්ක ලකුණු පරතරය 12ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. (ඉසිපතන 27-15 ත්‍රිත්ව)

63 වන මිනිත්තුවේ දී ඉසිපතන ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක අතුකෝරළ හට කහ කාඩ් පතක් හිමි වුණේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සම කරමින්. අවසන් මිනිත්තු කිහිපයේ දී ත්‍රිත්ව ක්‍රීඩකයින් කෙතරම් උත්සහ කළත් ඉතා ඉවසිලිවන්ත ලෙස ක්‍රීඩා කළ ඉසිපතන ක්‍රීඩකයෝ තරගයේ ජය කොළඹට රැගෙන යන්නට සමත් වූහ.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 27 (4T, 2C, 1P) – 15 (3T) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – මනිල්ක රුබේරු (ඉසිපතන)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ඉසිපතන විද්‍යාලය – රමිත ද සිල්වා (1T), මනිල්ක රුබේරු (1T, 2C, 1P), මනුල රත්නායක (1T)
  • ත්‍රිත්ව විද්‍යාලය – ගීෂප කුලතුංග (2T), රෙෂාන් බණ්ඩාරනායක (1T)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

Live – Trinity College vs Isipathana College – Match #10

Action from the Trinity College vs Isipathana College game of the Singer Schools Rugby League…