විද්‍යාර්ථ – සිල්වෙස්තර සටනෙන් විද්‍යාර්ථයට ජය

1509

මහනුවර සිල්වෙස්තර සමඟින් මහනුවර විද්‍යාර්ථ කණ්ඩායම් උරෙන් උර ගැටෙන බර්ටි නිල්ලේගොඩ සහ ජී. එම්. එල්. බණ්ඩා අනුස්මරණ වාර්ෂික රග්බි තරගය නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ලකුණු 45-12ක් ලෙස තරගය ජයග්‍රහණය කළ විද්‍යාර්ථ කණ්ඩායම කුසලානය මේ වසරේ දී සිය විද්‍යාලය වෙත රැගෙන යාමට සමත් විය.

වේගවත් ඉසිපතන පසුපෙළ ත්‍රිත්වයින් හඬවයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (10) පැවැත්වුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා ප්‍රබල ඉසිපතන විද්‍යාලය අතරයි.

9 වැනි වරට පැවති මෙම තරගය විද්‍යාර්ථ කණ්ඩායම විසින් ආරම්භ කළ අතර පළමු මිනිත්තු 2 ගෙවීයත්ම පන්දුව විද්‍යාර්ථ සීමා ඉර ආසන්නයට ගෙන ඒමට සිල්වෙස්තර කණ්ඩායම සමත් වූවත් උත්සාහක දිනුමක ආසන්න අවස්ථාවක් මගහැරී ගියේය. තරගයේ 6 වැන මිනිත්තුවේ දීත් එවැනිම අවස්ථාවක් විද්‍යාර්ථ ක්‍රීඩකයන් අතින් ද ගිලිහී ගියේය.

තරගයේ 9 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ වගකීම බාර ගත් විද්‍යාර්ථ කණ්ඩායමේ පී. යූ. ජයකොඩි දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කළේ සිල්වෙස්තර කණ්ඩායමට මෙම තරගය පහසු නොවන බව අඟවමිනි. ප්‍රවර්තනය සාර්ථකයි. (විද්‍යාර්ථ 07-00 සිල්වෙස්තර)

සිල්වෙස්තර කණ්ඩායම දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළ අතර කිහිප වරක්ම විද්‍යාර්ථ සීමා ඉර ආසන්නයට පන්දුව ගෙන ඒමට සමත් විය. තරගයේ 25 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ සිල්වෙස්තර කණ්ඩායමේ නායක ඩිලංක බණ්ඩාර ලකුණු පරතරය ලකුණු දෙකක් දක්වා අඩු කළ අතර ප්‍රවර්තනය සාර්ථක කර ගත් ඔවුන් ලකුණු තත්ත්වය සම කිරීමට සමත් විය. (විද්‍යාර්ථ 07-07 සිල්වෙස්තර)

සංජුලගේ ගිනිකෙළිවලින් සහිරා ක්‍රීඩකයෝ දැවී අළු වෙති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (9) පැවැත්වුණේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතරයි. රොහාන් සංජුලගේ…

තරගයේ 31 වැනි මිනිත්තුවේ දී අවාසනාවන්ත ලෙස සිල්වෙස්තර පන්දු පිරිනැමීමක් විද්‍යාර්ථ වෙත ලැබීම නිසා පහසු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට විද්‍යාර්ථ කණ්ඩායමේ ඒ. එච්. රත්නායක සමත් වීමත් සමඟම ලකුණු තත්ත්වය ලකුණු 12ක් දක්වා ඉහල ගියේය. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (විද්‍යාර්ථ 14-07 සිල්වෙස්තර)

නොපසුබට ක්‍රීඩා රටාවක් අනුගමනය කළ සිල්වෙස්තර කණ්ඩායම විද්‍යාර්ථයින්ට පිළිතුරු ලබා දුන්නේ දෙවන උත්සාහක දිනුම ද වාර්තා කරමිනි. එම උත්සාහක දිනුම එන්. කේ. ආරියවංශ විසින් වාර්තා කළ අතර ප්‍රවර්තනය අසාර්ථකයි. (විද්‍යාර්ථ 14-12 සිල්වෙස්තර)

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 14 – 12 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

දෙවන අර්ධයේ දී වඩාත් සැලසුම් සහගතව තරගයට පිවිසි විද්‍යාර්ථ කණ්ඩායම උත්සාහක දිනුමක පෙරනිමිති පහළ කළේ දෙවැනි අර්ධයේ මුල් මිනිත්තු කීපයේ දී ම වීම විශේෂත්වයකි.

සිල්වෙස්තර සීමා ඉර ආසන්නයේ පන්දුව තබා ගනිමින් ඔවුන් දැඩි ආක්‍රමණයක් දියත් කළේ සිල්වෙස්තර කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල කරමිනි. මිනිත්තු කීපයකින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට විද්‍යාර්ථ කණ්ඩායමේ පී. යූ. ජයකොඩි සමත් වූයේ ලකුණු 19ක් දක්වා ලකුණු තත්ත්වය ඉහල දමමිනි. එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (විද්‍යාර්ථ 19-12 සිල්වෙස්තර)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එයින් සෑහීමකට පත් නොවූ විද්‍යාර්ථ ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ඔවුන්ගේ මීටර් 22 සීමාවේ සිට පන්දුව තනිව රැගෙන ගිය සී. ඩී. කෝදාගොඩ විසිනි. සාර්ථක ප්‍රවර්තනයකින් පසු ලකුණු 7ක් කණ්ඩායමට එකතු විය. (විද්‍යාර්ථ 26-12 සිල්වෙස්තර)

විද්‍යාර්ථය වෙනුවෙන් 5 වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවය ද සී. ඩී. කෝදාගොඩට ලැබුණු අතර සාර්ථක ප්‍රවර්තනයකින් පසු ලකුණු 33ක් ලෙස ඔවුන්ගේ ලකුණු පුවරුව දිස්විය. (විද්‍යාර්ථ 33-12 සිල්වෙස්තර)

මෙම තරගයේ කෝදාගොඩ විසින් වාර්තා කළ තුන්වැනි උත්සාහක දිනුම තරගයේ 63 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ අතර දර්ශනීය පාද චලන කිහිපයක් ද සමඟින් වාර්තා වූ එම උත්සාහක දිනුම විද්‍යාර්ථයට නිසැක ජයක් ලැබෙන බවට සාක්ෂි සැපයීමට සමත් විය. (විද්‍යාර්ථ 38-12 සිල්වෙස්තර)

සාන්ත පීතර ක්‍රීඩකයින් හමුවේ කිංග්ස්වුඩ් පසුබසී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර අද (09) මහනුවර නිත්තවෙල ‍රග්බි…

ලකුණු හඹා යාම අවසන් නොකළ විද්‍යාර්ථ කණ්ඩායම සිල්වෙස්තර ඉදිරිපෙළ සම්පූර්ණයෙන්ම වනසා දැමුවේ කේ. එල්. බණ්ඩාර විසින් ලබා ගත් උත්සාහක දිනුමත් සමඟිනි. එය විද්‍යාර්ථ කණ්ඩායම මෙම තරගයේ ලබා ගත් 7 වැනි උත්සාහක දිනුම වූ අතර ඒ අතරින් 5ක්ම දෙවන අර්ධයේ දී වාර්තා වීම විශේෂත්වයකි. (විද්‍යාර්ථ 45-12 සිල්වෙස්තර)

අවසන් ලකුණු තත්ත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 45 (7T, 5C) – 12 (2T, 1C) සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • විද්‍යාර්ථ විද්‍යාලය: සී. ඩී. කෝදාගොඩ (3T), කේ. එල්. බණ්ඩාර (1T), පී. යූ. ජයකොඩි (2T), ඒ. එච්. රත්නායක (1T), සී. බී. කළුආරච්චි (5C)
  • සිල්වෙස්තර විද්‍යාලය: ඩිලංක බණ්ඩාර (1T), එන්. කේ. ආරියවංශ (1T), ජී. එම්. බණ්ඩාර (1C)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<