මහනුවරින් ආ ත්‍රිත්වයින් හිස් අතින් ගෙදර යයි

528

සත්කාරක සාන්ත ජෝසප් විදුහල සහ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවති 2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ හතරවැනි සතියේ තරගයකින් ලකුණු 37-19ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායම සමත් විය. තරගය අද (22) හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

රතු කහ කාඩ්පත් මැදින් බෙනඩික්ට් ක්‍රීඩකයින් ජයග්‍රහණය දිනා ගනිති

සත්කාරක සාන්ත බෙනඩික්ට් විදුහල සහ ප්‍රතිවාදී ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර අද (21) පැවති, 2019….

ත්‍රිත්ව විදුහල් කණ්ඩායම ආරම්භයේ පටන් පන්දුව තම අන්තයේ තබා ගනිමින් ක්‍රීඩා කළ ද, පන්දුව ඔවුන්ගෙන් සොරා ගනිමින් තරගයේ 3 වැනි විනාඩියේ තරිඳු මදුරංග ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (සාන්ත ජෝසප් 07-00 ත්‍රිත්ව)

Ruck අවස්ථාවක දී ක්‍රීඩකයින් සීමාවෙන් එපිට ක්‍රීඩා කිරීම නිසා විනිසුරු තරගයේ 15 වැනි මිනිත්තුවේ දී ජෝසප් ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් ලබා දුන් සන්තුෂ් අල්ගම සාර්ථක පන්දුව ගෝල කනු අතරින් යැවීමට සමත් විය. (සාන්ත ජෝසප් 10-00 ත්‍රිත්ව)

තරගයේ 20 වැනි මිනිත්තුවේ දී  ත්‍රිත්ව පසුපෙළ විනිවිද යමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තරිඳු සමත් වූ නමුත් සන්තුෂ්ට ප්‍රවර්තනය මග හැරී ගියේය.  (සාන්ත ජෝසප් 17-00 ත්‍රිත්ව)

නැවතත් ත්‍රිත්වයින්ගේ පන්දු හැසිර වීමේ දී සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන් විනිසුරු 23 වැනි විනාඩියේ දී දඬුවම් පහරක් ලබා දුන් අතර එහි ලකුණු ත්‍රිත්වයත් සාන්ත ජෝසප් ලකුණු පුවරුවට එක්කරන්නට ත්‍රිත්වයින් සමත් විය. (සාන්ත ජෝසප් 20-00 ත්‍රිත්ව)

ගුවන් හමුදාවට ඓතිහාසික තරග ජයක්

2019 ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පැවති අවසන් පූර්ව තරගයෙන් ලකුණු….

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ පීඩනයෙන් හෙම්බත් වී සිටි ත්‍රිත්වයින් අතරින් ක්‍රියාත්මක වූ ටෙවීන් කරුණානායක මහනුවර ක්‍රීඩකයින්ට සැනසුම් සුසුම් එක් කරමින් ප්‍රථම වරට ධවල රේඛාවෙන් එපිටට පන්දුව රැගෙන ගියේය. ලබා ගත් වටිනා අවස්ථාවේ අතිරේක ලකුණු ද එකතු කරන්නට මිරංග සුබසිංහ සමත් විය. (සාන්ත ජෝසප් 20-07 ත්‍රිත්ව)

ප්‍රථම අර්ධයේ අවසන් මොහොතේ දී ක්‍රියාත්මක වූ තරිඳු ද අල්විස් ත්‍රිත්ව ආරක්ෂක ක්‍රීඩකයින් නොතකා ඉදිරියට ඇදෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළේ නැවතත් මහනුවර ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කරමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි.

ප්‍රථම අර්ධය – සාන්ත ජෝසප් විදුහල 25 – 07 ත්‍රිත්ව විදුහල

දෙවන අර්ධය අරම්භ වූ මොහොතේම ක්‍රියාත්මක වූ චේතක ජයවර්ධන ත්‍රිත්ව පසුපෙළ මවිත කරමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සන්තුෂ් විසින් සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත ජෝසප් 32-07 ත්‍රිත්ව)

තරගයේ 38 වැනි මිනිත්තුවේ දී අලංකාර ධාවනයක යෙදෙමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් නොසිතූ මොහොතක ගීෂප කුලතුංග ත්‍රිත්වයින් වෙනුවෙන් වටිනා උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ නමුන් මිරංගට ප්‍රවර්තනය මග හැරී ගියේය. (සාන්ත ජෝසප් 32-12 ත්‍රිත්ව)

වැඩි ගෞරව සමඟින් තර්ස්ටන්ට ජයග්‍රහණය රැගෙන යයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් සඳහා මහනුවර සාන්ත….

ඉන් අනතුරුව ත්‍රිත්වයින් සිය තෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කරන්නේ නැවතත් තරගයට අවතීර්ණ වෙමිනි. හර්ෂණ සමරසිංහගේ ගිණුමට එම උත්සාහක දිනුම බැර වූ අතර ටෙහාන් කරුණානායක අතිරේක ලකුණු එකතු කරන්නට සමත් විය. (සාන්ත ජෝසප් 32-19 ත්‍රිත්ව)

තරගයේ 56 වැනි මිනිත්තුවේ දී පන්දුව තම අන්තයේ තබාගෙන පසුපෙළින් ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සිය අවසන් උත්සාහක දිනුම වාර්තා කරන්නේ සුදාරක දේවප්‍රියගේ සුරතිනි. එහි ප්‍රවර්තනය සන්තුෂ්ට සාර්ථක කරගැනීමට නොහැකි විය. (සාන්ත ජෝසප් 37-19 ත්‍රිත්ව)

පසුපෙළ ක්‍රියාකාරීත්වයේ අකාර්යක්ෂමතාවය නිසාම Ruck අවස්ථාවක පන්දු හැසිරවීමේ දුර්වලතාවකට 65 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව ක්‍රීඩක මේකන් යශ්වන්ත්ට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේය.

අවසන් ලකුණු තත්ත්වය – සාන්ත ජෝසප් විදුහල 37 (5T, 3C 2P) – 19 (3T,2C) ත්‍රිත්ව විදුහල.

ThePapare.com තරගයේ වීරයා – රශෙන් බණ්ඩාර (SJC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ:

සාන්ත ජෝසප් විදුහල

  • උත්සාහක දිනුම් – තරිඳු මදුරංග 2, තරිඳු ද අල්විස් 1, චේතක ජයවර්ධන 1, අභිෂ සිල්වා 1
  • ප්‍රවර්තන – සන්තුෂ් අල්ගම 3
  • දඬුවම් පහර – සන්තුෂ් අල්ගම 2

ත්‍රිත්ව විදුහල

  • උත්සාහක දිනුම් – ටෙවින් කරුණානායක 1, ගීෂප කුලතුංග 1, හර්ෂණ සමරසිංහ 1.
  • ප්‍රවර්තන –  මිරංග සුබසිංහ 1, ටෙහාන් කරුණානායක 1

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<