2019 පාසල් රග්බි ලීගයේ මංගල ජය ගල්කිස්සට

958

මෙම වසරේ (2019) සිංගර් පාසල් රග්බි ලීගය ආරම්භ කරමින් අද (28) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 20-19ක් ලෙස ජයග්‍රහණය කිරීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

ගිලිහුණු ගෞරවය යලි සොයා යන්නට ධර්මරාජ රග්බි හමුදාව සූදානම්

අවාසනාවන්ත තරග වාරයකට පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායමට පසුගිය වසරේ නොසිතූ ලෙස B කාණ්ඩය දක්වා පසු බැසීමට සිදු විය. කෙසේ වෙතත් අමිහිරි…

ආචිබල් පෙරේරා අනුස්මරණ කුසලානය සඳහා පැවති මෙම තරගයේ දී හරිත් සේනානායක විසින් සාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම මෙහෙයවූ අතර බිලාල් හිල්මි විසින් සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

සාන්ත තෝමස් විද්‍යාලයේ ජාන් ද සොයිසාගේ පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත පීතර විද්‍යාලයේ සංදේශ් ද මෙල් සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තෙනුක නානායක්කාර සමත් විය. (සාන්ත තෝමස් 00-07 සාන්ත පීතර)

පළමු උත්සාහක දිනුම වාර්තා කර නැවත ක්‍රියාත්මක වූ සාන්ත පීතර විද්‍යාලයේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට රවීන් ප්‍රනාන්දු සමත් විය. තරගයේ 04 වන මිනිත්තුවේ දී වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තෙනුක නානායක්කාර සමත් විය. (සාන්ත තෝමස් 00-14 සාන්ත පීතර)

රග්බි පිටිය දෙවනත් කරන්නට තෝමසුවන් සහ ජෝසප්වරුන් පෙරමුණ ගනී

මාස හතරක් වැනි දීර්ඝ කාලයක් පුරාවට පැවති Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය අවසන් වනවාත් සමගම රග්බි පිටිය නැවතත් උණුසුම් කරමින් 2019 Singer…

තරගයේ 05 වන මිනිත්තුවේ දී සාන්ත පීතර විද්‍යාලයේ නිස්රාන් නිලාර් හට කහ කාඩ්පතක් හිමි වූ අතර එයින් ප්‍රයෝජනයක් ගැනීමට තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයින් උත්සාහ කළ ද සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩකයින්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ එය අසාර්ථක විය.

පළමු අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය 00 – 14 (2T, 2C) සාන්ත පීතර විද්‍යාලය

තරගයේ දෙවන අර්ධය සාන්ත පීතර විද්‍යාලයේ තෙනුක නානායක්කාරගේ පා පහරින් ආරම්භ වූ අතර කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් එකිනෙකාට නොදෙවෙනි සේ දක්ෂ ලෙස ක්‍රීඩා කළේ කෙසේ හෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ අරමුණ සහිතවයි.

නමුත් තරගයේ 44 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතර විද්‍යාලයේ ජූලියන් චාල්ස් හට කහ කාඩ්පතක් හිමි වූ අතර ඉන් ප්‍රයෝජනයක් ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයින් උත්සාහ කළ නමුත් 46 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරින් සෑහීමකට පත් වීමට ඔවුන්ට සිදු විය. හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ජාන් ද සොයිසා සමත් විය. (සාන්ත තෝමස් 03-14 සාන්ත පීතර)

හිමි වූ දඬුවම් පහරින් සෑහීමකට පත්නොවූ බවක් පෙන්වූ සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩකයින් තම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූයේ තරගයේ 56 වැනි මිනිත්තුවේ දී ය. ලශේන්ද්ර ද සිල්වා විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ජාන් ද සොයිසා සමත් විය. (සාන්ත තෝමස් 10-14 සාන්ත පීතර)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන් නොනැවතී නැවතත් ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් විද්‍යාලය තරගයේ 59 වැනි මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. සදාක් ඉෂාක් විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ජාන් ද සොයිසා විසින් සාර්ථක කර ගැනීමට සමත් විය. (සාන්ත තෝමස් 17-14 සාන්ත පීතර)

නැවතත් තරගයේ ග්‍රහණය සාන්ත පීතර විද්‍යාලයෙන් ගිලිහෙන්නට වූයේ 64 වැනි මිනිත්තුවේ දී සාන්ත තෝමස් විද්‍යාලයට හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ජාන් ද සොයිසා සමත් වීමත් සමඟයි. (සාන්ත තෝමස් 20-14 සාන්ත පීතර)

තරගය නිමා වීමට තවත් එක් මිනිත්තුවක් පමණක් තිබිය දී සාන්ත තෝමස් විද්‍යාලයේ ලශේන්ද්‍ර ද සිල්වා හට කහ කාඩ්පතක් හිමි වූ අතර ඉන් උපරිම ඵල නෙලා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් වූයේ අවසන් මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. සාන්ත පීතර විද්‍යාලය තරගය ජය ගැනීමට නම් ජූලියන් චාල්ස් විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගත යුතු වූවත් තෙනුක නානායක්කාර ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (සාන්ත තෝමස් 20-19 සාන්ත පීතර)

නව බලාපොරොත්තු රැසක් සමඟින් සහිරා කණ්ඩායම යුධ පිටියට

දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් කියන මරදාන සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායම වරෙක ශ්‍රී ලංකාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් බවට පත්ව සිටියා. වසර කිහිපයක පසුබෑමකට…

ඒ අනුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 20 (2T, 2C, 2P) – 19 (3T, 2C) සාන්ත පීතර විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • සාන්ත තෝමස් විද්‍යාලය: ජාන් ද සොයිසා (2C, 2P), ලශේන්ද්‍ර ද සිල්වා (1T), සදාක් ඉෂාක් (1T)
  • සාන්ත පීතර විද්‍යාලය: සංදේශ් ද මෙල් (1T), රවීන් ප්‍රනාන්දු (1T), ජූලියන් චාල්ස් (1T), තෙනුක නානායක්කාර (2C)  

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<