එක් උත්සාහක දිනුමකින් රාජකීයයින් ඉස්සර වෙයි

606
Royal vs Wesley

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (17) කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වුණේ සත්කාරක රාජකීයයන්ගේ ක්‍රීඩා සංකීර්ණයේ දීයි. විශාල ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේ පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 24-19ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.

මහානාම ඉදිරිපෙළ ධර්මරාජයින් මවිත කරයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තවත් එක් තරගයක් අද (17)…..

ආරම්භයේ පටන්ම ඉතාමත්  උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළ දී රාජකීයයන්ට ප්‍රබල අභියෝගයක් වන්නට වෙස්ලි විද්‍යාල ක්‍රීඩකයන්ට හැකි විය. උද්වේගකාරි තරග රටාවක නියැලුණු වෙස්ලි ක්‍රීඩකයන් තරගයේ ගත වූ 5 වැනි මිනිත්තුවේ දී ම රාජකීය පවුරු බිඳගෙන ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එරන්ද විසින් ලබා ගත් එම උත්සාහක දිනුමට වෙස්ලි නායක සුබෙයිර්ගේ පන්දු යොමු කිරීම මැනවින් දායක විය. නමුත් සුබෙයිර්ට ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි විය. (රාජකීය 00-05 වෙස්ලි)

ඉන් අනතුරුව රාජකීයයන් තම ආරක්ෂක පවුරු ශක්තිමත් කරගෙන තරගයට අවතීර්ණ වන්නට වූ අතර එහි දී රාජකීයයන් වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන්නට කලිඳු නන්දිල සමත් විය. එහි දී ද දුලාන් වෙතින් ප්‍රවර්තනය ගිලිහී ගිය අතර 7 වැනි මිනිත්තුවේ දී රජකීයයන් වෙත ලැබුණු දඬුවම් පහරක් ද මලීෂ වෙතින් අසාර්ථක විය. 17 වැනි මිනිත්තුවේ දී වෙස්ලි විද්‍යාලයට දඬුවම් පහරක් ලැබුණු නමුත් එය ද සාර්ථකව ගෝල කනු අතරින් යැවීමට සුබෙයිර් නොහැකි විය. (රාජකීය 05-05 වෙස්ලි)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන් අනතුරුව පළමු අර්ධය අවසන් වීමට ආසන්න වන තෙක්ම දෙපිලෙන්ම ලකුණු වාර්තා නොවූ අතර කණ්ඩායම් දෙකෙන්ම කරට කර තරගයක් දක්නට ලැබුණි. නමුත් 33 වැනි මිනිත්තුවේ දී රාජකීයයන්ගේ අචිත රදීශ ක්‍රියාත්මක වෙමින් අගනා උත්සාහක දිනුමක් ලබා ගත්තේ පළමු අර්ධය රාජකීයයන් සතුකර ගැනීමෙනි. එහි ප්‍රවර්තනය  සාර්ථකව කනු අතරින් යැවීමට දුලාන්ට හැකි විය.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 12 (2T,1C) – 05 (1T) වෙස්ලි විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ පටන් රාජකීය ක්‍රීඩකයන් තම ආරක්ෂක පවුරු තව තවත් ශක්තිමත් කොටගෙන උපක්‍රමශීලීව තරගයට අවතීර්ණ වූ අතර 40 වැනි මිනිත්තුවේ දී මිගාර මිහිසංක ක්‍රියාත්මක වෙමින් රාජකීය ලකුණු පුවරුව 17ක් දක්වා ඉහළ නැංවූවේ ඔහු ලබා ගත් උත්සාහක දිනුම නිසාවෙනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට යලිත් වරක් දුලාන්ට හැකි විය. (රාජකීය 19-05 වෙස්ලි)

අතුගල්පුරයට උත්සාහක දිනුම් වර්ෂාවක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ අද (16) සත්කාරක මලියදේව විදුහල..

වෙස්ලි විද්‍යාල ක්‍රීඩකයන්ට ක්‍රියාත්මක වන්නට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් රාජකීය ක්‍රීඩකයන් තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නට සමත් වුනේ 50 වැනි මිනිත්තුවේ දීය. එවර කෙවින් සමරසේකර රාජකීයයන් වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබා ගත් අතර දුලාන්ට එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි විය. (රාජකීය 19-05 වෙස්ලි)

අනතුරුව වෙස්ලි ක්‍රීඩකයන්ගෙන් නැවතත් රාජකීයයන් වෙත ප්‍රබල අභියෝගයක් එල්ල වන්නට පටන් ගත් අතර වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් සමුවෙල් ඔග්බෙබර් උත්සාහක දිනුමක් වාර්තා කළේ වෙස්ලි කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් වෙමිනි. 60 වැනි මිනිත්තුවේ දී ලබා ගත් මෙම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය මුර්ශීඩ් සුබෙයිර් විසින් සාර්ථක කර ගන්නා ලදි. (රාජකීය 24-12 වෙස්ලි)

අවසන් මිනිත්තු කිහිපයේ දී ඉතා උණුසුම් තරගයක් දැක ගන්නට ලැබුණු අතර SCRUM අවස්ථාවකින් පසුව වෙස්ලි නායක මුර්ශීඩ් සුබෙයිර්ගේ අගනා පන්දු යොමු කිරීම හේතුවෙන් 66 වැනි මිනිත්තුවේ දී කාවින්දන පෙරේරා උත්සාහක දිනුමක් තම නම ඉදිරියේ සටහන් කරගත්තේය. තම කණ්ඩායමට ලකුණු අවශ්‍යම මොහොතේ එහි ප්‍රවර්තනය ද මැනවින් සාර්ථක කර ගන්නට සුබෙයිර් සමත් විය. (රාජකීය 24-19 වෙස්ලි)

ඉසිපතනය හමුවේ විද්‍යා ක්‍රීඩකයින් සිය නිවහනේ දී ම අසරණ වෙයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (16) ගල්කිස්ස විද්‍යා විදුහල්…

අවසන් මිනිත්තු කිහිපය තුළ ලකුණු රැස් කිරීමට වෙස්ලි ක්‍රීඩකයන් මහත් පරිශ්‍රයක් දැරුව ද, රාජකීයයන් එයට අවස්ථාවක් ලබා දුන්නේ නැත.

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 24 (4T,2C) – 19 (3T,2C) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: කලිඳු නන්දිල (රාජකීය විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ:

  • රාජකීය විද්‍යාලය: කලිඳු නන්දිල (1T), අචිත රදීශ (1T), මිගාර මිහිසංක (1T), කෙවින් සමරසේකර (1T), දුලාන් ගුණවර්ධන (2C)
  • වෙස්ලි විද්‍යාලය: එරන්ද හර්ෂන (1T), සමුවෙල් ඔග්බෙබර් (1T), මුර්ශීඩ් සුබෙයිර් (2C), වින්දන පෙරේරා (1T)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<