අපරාජිතයින්ගේ සටනින් ඉසිපතනය පරාජය වෙයි

684

ලකුණු 18-17ක් ලෙස ඉතාමත් තියුණු අවසානයක් සමඟින් නිමාව දුටු, මරදාන සාන්ත ජෝසප් සහ කොළඹ ඉසිපතන විදුහල් අතර සටනින් ජයග්‍රහණය හිමිකර ගන්නට මරදාන ක්‍රීඩකයින් සමත් වූයේ සිය අපරාජිත වාර්තාව තවදුරටත් ඉදිරියට රැගෙන යමිනි. 2019 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරගයක් වූ මෙය අද (30) හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

වසර 5කට පසු රාජකීය බළකොටුවට බම්බලපිටියෙන් ප්‍රහාරයක්

වසර 5කට පසු කොළඹ රාජකීය විද්‍යාලය සමග පැවැත්වෙන වාර්ෂික රග්බි තරගය ජය ගනිමින් බී. සී…

සාන්ත ජෝසප් විදුහල හා ඉසිපතන විදුහල මෙතෙක් පවත්වා ගත් සිය අපරාජිත වාර්තාව රැක ගැනීමේ මෙම සටන ආරම්භ කරමින් ඉසිපතනය පන්දුව ගුවන් ගත කළ අතර එසැණින්  ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් ඉදිරිපෙළ තම සුපුරුදු රිද්මය සොයා ක්‍රීඩා කරන්නට විය.

තරගයේ 9 වැනි විනාඩියේ  පන්දුව ජෝසප්වරුන්ගෙන් පන්දුව ඩැහැ ගනිමින් ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩක චමත් කල්හාර ප්‍රේක්ෂක ප්‍රීති ඝෝෂා මැද අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර මනිල්ක රුබේරු එහි ප්‍රවර්තනය පහසුවෙන් සාර්ථක කර ගන්නට සමත් විය. (ඉසිපතන 07-00 සාන්ත ජෝසප්)

නැවතත් 10 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ඉසිපතන ඉදිරිපෙළ සාන්ත ජෝසප් ආරක්ෂක බැමි බිඳ දමමින් ඉදිරියට ඒමට උත්සහ කරන විට එහි දී සිදු වූ වරදකින් දඬුවම් පහරක් ඉසිපතනුවන්ට ලැබුණු නමුත් එය සාර්ථක කර ගැනීමට මනිල්කට නොහැකි විය.

එයින් පසුබට නොවූ ඉසිපතනුවන් තරගයේ 19 වැනි විනාඩියේ තම පසුපෙළේ වේගය මනාව හසුරුවමින් ඉදිරියට ඇදුණු අතර එහි දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත් මනිල්ක තවත් ලකුණු 3ක් ඉසිපතන ලකුණු පුවරුවට එකතු කළේය. (ඉසිපතන 10 – 00 සාන්ත ජෝසප්)

තරගයේ 21 වැනි මිනිත්තුවේ දී නීති විරෝධීව ක්‍රීඩකයෙකු වැළැක්වීමේ වරදට ජෝසප්වරුන්ට දඬුවම් පහරක් හිමි වූ අතර එයින් ප්‍රයෝජන ගනිමින් තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සන්තුෂ් අල්ගමට හැකි විය. (ඉසිපතන 10 – 03 සාන්ත ජෝසප්)

කිංග්ස්වුඩ් උත්සාහක දිනුම් සංදර්ශනයෙන් මලියදේවය විඩාවට පත්වේ

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (30) මහනුවර…

27 වැනි විනාඩියේ දී නැවතත් ඉසිපතනුවන් පසු බසිද්දී පීඩනයත් සමඟ පෙරමුණ ගත් ජෝසප්වරුන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සූදානම් වූ අවස්ථාවක ඉසිපතන ඉදිරිපෙළින් සිදු වූ අතපසුවීමක් නිසා ජෝසප්වරුන්ට තවත් දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි විය. (ඉසිපතන 10 – 06 සාන්ත ජෝසප්)

ප්‍රථම අර්ධය – ඉසිපතන විදුහල 10 – 06 සාන්ත ජෝසප් විදුහල

දෙවන අර්ධය ආරම්භ වූ මොහොතේ පටන් ජෝසප්වරුන් තම රිද්මය මනා ලෙස හසුරුවා ගනිමින් ඉසිපතන ආරක්ෂක වේල්ල බිඳ දැමීමට උත්සහ කළ ද, ඉසිපතනුවන් ද තම අන්තයේ ආරක්ෂාව මනා ලෙස තර කිරීමට වග බලා ගත්තේය.

නමුත් 39 වැනි විනාඩියේ දී ජෝසප්වරුන් තමන්ටම ආවේණික ඉදිරිපෙළ තරග රටාව (Pick & Go) භාවිතා කරමින් වටිනා උත්සාහක දිනුමක් වාර්තා කිරීමට පවිඳු දිල්ෂාන් සමත් වූ අතර එහි ප්‍රවර්තනය අල්ගමට සාර්ථක කරගැනීමට නොහැකි විය. (ඉසිපතන 10 – 11 සාන්ත ජෝසප්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉසිපතනුවන් මෙල්ල වූ අකාරයක් පෙන්නුම් නොකළ ද තමන් අත පන්දුව තබාගෙන ක්‍රීඩා කිරීමට ඔවුන් සමත් වූයේ නැත. ජෝසප්වරුන්ගේ අතපසුවීම් රාශියකින් ඉසිපතනුවන්ට දඬුවම් පහර ලැබෙද්දී ඒවා ද සාර්ථක කර ගැනීමට මනිල්කගේ වෙහෙසකර පාදවලට නොහැකි වන්නේ ඉසිපතන ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි.

ඉසිපතනයේ ආරක්ෂාව බිඳ දමමින් ඉදිරියට අදුණු ජෝසප්වරුන් නැවතත් තමන්ගේ Pick & go ක්‍රීඩා රටාව මනාව ප්‍රයෝජනයට ගනිමින් හසිත විජේසේකර උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර අල්ගම විසින් අතිරේක ලකුණු එකතු කළේ ප්‍රේක්ෂක ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. (ඉසිපතන 10 – 18 සාන්ත ජෝසප්)

රග්’B’ කාණ්ඩයේ උඩට එන්න ඕන මෙන්න මෙහෙමයි

“වෙහෙසකර සති 4කට පස්සේ B කාණ්ඩයෙන් Plate Championship එකට (පලඟ ශූරතාවයට) තරග…

ඉසිපතනුවන් කොතෙක් උත්සහ කළ ද ඔවුන්ගේ උත්සාහක දිනුම් දොරටු සියල්ලක්ම වසා දමන්නේ ඉසිපතනයේ අපරාජිත වාර්තාව ද බිඳ දමමින් තරගය නිමා වූයේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තවදුරටත් අපරාජිත තත්වයේ තබමිනි.

අවසන් ලකුණු තත්ත්වය – ඉසිපතන විදුහල (2T 2C 1P) 17  – 18 (2T 1C 2P) සාන්ත ජෝසප් විදුහල

ThePapare.com තරගයේ වීරයා – තරිඳු මදුරංග (SJC)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ:

සාන්ත ජෝසප් විදුහල

  • උත්සාහක දිනුම් – පවිඳු දිල්ෂාන් 1, හසිත විජේසේකර 1.
  • ප්‍රවර්තන – සන්තුෂ් අල්ගම 1
  • දඬුවම් පහර – සන්තුෂ් අල්ගම 2

ඉසිපතන විදුහල

  • උත්සාහක දිනුම් – චමත් කල්හාර 1, මනුල රත්නායක 1
  • ප්‍රවර්තන – මනිල්ක රුබේරු 2
  • දඬුවම් පහර – මනිල්ක රුබේරු 1

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<