සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ තරග මෙම සිකුරාදා ආරම්භ වීමට නියමිතය. ඉතා තරගකාරී සහ උද්වේගකාරී අන්දමින් පාසල් රග්බි කණ්ඩායම් එකිනෙක ගැටුණු පළමු වටයෙන් අනතුරුව පැවති දින කිහිපයක විරාමය බිඳ දමමින් ඇරඹෙන දෙවන වටයේ තරග ද ඉතා උණුසුම් ස්වරුපයක් ගනු නොඅනුමානයි.

කිංස්වුඩ් ක්‍රීඩකයෝ එල්. ඊ. බ්ලේස් කුසලානය ජය ගනිති

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති වෙස්ලි – කිංස්වුඩ් විද්‍යාල එකිනෙක ගැටෙන “එල්. ඊ. බ්ලේස් කුසලාන” රග්බි තරගය 40-39ක් ලෙස…

ඉසිපතන විද්‍යාලය (3) – සහිරා විද්‍යාලය (8)
ස්ථානය : හැව්ලොක් ක්‍රීඩාංගණය
වේලාව : ප.ව. 4.15
දිනය : 28.04.2017 (සිකුරාදා)

කණ්ඩායම් දෙකම ඉතා දක්ෂ, ශක්තිමත් පසුපෙළ ක්‍රීඩකයින්ගෙන් සමන්විත අතර මෙය ඉතා උද්වේගකර තරගයක් වන බව නම් නොඅනුමානයි. තරගය අතරතුර ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය තරගයේ ප්‍රතිඵලය කෙරෙහි අතිශය වැදගත් වනු ඇත. ගියවර ශූරතාවය දිනා ගැනීමත්, තරගය ඔවුන්ගේ නිල ක්‍රීඩාංගණය වන හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවතීමත් නිසා යම් තරමක වාසියක් ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමට හිමි වේ. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාත්, තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියාත් සහිතව මෙම තරගයට පිවිසෙන සහිරා කණ්ඩායම ද ඉතා හොඳ මානසික තත්වයකින් පසුවේ.

WATCH LIVE: ISIPATHANA V ZAHIRA

පසුගිය වසරේ ඉතා දක්ෂ අන්දමින් ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ නායක සුමුදු රන්කොත්ගේ මෙම තරග වටයේ දී ද සිය සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටියි. ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමට සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ක්‍රීඩා විලාශය ඉතා තීරණාත්මක සාධකයක් වනු ඇත. Full back ක්‍රීඩා කරන චමෝද් ප්‍රනාන්දු, Half back ක්‍රීඩා කරන හරිත් බණ්ඩාර සහ Outside half ක්‍රීඩා කරන රැන්ඩි සිල්වා ගිය වටයේ දී හොඳින් ක්‍රීඩා කළ අතර මෙම වටයේ දී ද ඉසිපතන කණ්ඩායමට ඔවුන්ගේ දක්ෂතා ඉතා වැදගත් වනු ඇත.

අනෙක් පසින් සහිරා විද්‍යාලයීය කණ්ඩායමේ නායක මොහොමඩ් ඉර්ෆාන්ට සිය දණහිසේ ආබාධය නිසා මෙම තරගය අහිමි වේ. නමුත් ඒ වෙනුවට නායකත්වයේ වගකීම පැවරී ඇති ශිෆාස් ආමත් සිය වගකීම උපරිමයෙන් ඉටු කිරීමට සමත්ය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභී සයිඩ් සිංහවංස (ලකුණු 77ක්) ක්‍රීඩා කරන ආකාරය සහිරා විද්‍යාලයීය කණ්ඩායමේ ජයග්‍රහණය කෙරෙහි බෙහෙවින් ඉවහල් වන අතර තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභී යුස්රාන් ලන්ත්‍රා ද සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙස්ලි විද්‍යාලය (2) – සාන්ත ජෝසප් විද්‍යාලය (5)
ස්ථානය : CR & FC ක්‍රීඩාංගණය
වේලාව : ප.ව. 4.15
දිනය : 28.04.2017 (සිකුරාදා)

වෙස්ලි කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ එල්. ඊ. බ්ලේස් කුසලානය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම හමුවේ නොසිතූ ලෙස පරාජය වීමෙන් අනතුරුවයි. එම තරගයේ දී වෙස්ලි කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට පැමිණීමට නොහැකි විය. එම තරගය පරාජය වීමෙන් අනතුරුව වෙස්ලි ක්‍රීඩකයින් එම තරගයේ දී තමන් අතින් සිදු වූ දුර්වලතා මඟ හරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ඇති බව නොඅනුමානයි. වෙස්ලි කණ්ඩායම් නායක Fly half ක්‍රීඩක ඩෙනිස්ටර් ගුණතිලකට සහ ලී සහෝදරයින්ට වෙස්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ වගකීම පැවරී ඇත. ශෂික අශාන්ට සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමේ ගිහාන් පෙරේරාගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇත. Full back ක්‍රීඩා කරන මුර්ෂිඩ් සුබාහීර්ට ප්‍රතිවාදීන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වනු නොඅනුමානයි.

WATCH LIVE: WESLEY V ST.JOSEPH’S

තරගාවලිය ආරම්භයේ තරග දෙකක් පරාජය වීමෙන් අනතුරුව සාන්ත ජෝසප් කණ්ඩායමේ ක්‍රීඩකයින් නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණ ඇත. නමුත් තවමත් සමහර ක්‍රීඩකයින් සිය උපරිම දක්ෂතා අතරට පැමිණ නැත. Full back ක්‍රීඩක ගැමුණු චේතිය සහ Wing ක්‍රීඩක විනුල් ප්‍රනාන්දු දෙපළගේ සුසංයෝගය ප්‍රතිවාදීන්ට තර්ජනයක් ගෙන එනු නිසැකය. Fly half ක්‍රීඩක චතුර සෙනෙවිරත්න ද තරගය ක්‍රීඩා කිරීමට ඉතා හොඳ සූදානමකින් පසු වේ. සාන්ත ජෝසප් කණ්ඩායමේ ස්වේන් මුලර් සහ ශෙවෝන් ග්‍රෙගරි දෙපළ ඉදිරිපෙළ ක්‍රීඩා කිරීමේ දී ඉතා හොඳින් තම කාර්යභාරය ඉටු කළ අතර ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා ද මෙම තරගයේ දී අපේක්ෂා කෙරේ.

සාන්ත ජෝසප් කණ්ඩායමේ සචින් සිල්වා පළමු වටයේ දී ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩා කිරීමට සමත් වූ අතර ඔහු තරග පහක දී උත්සාහක දිනුම් 9ක් ද ඇතුළුව මුළු ලකුණු 72ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ක්‍රීඩා විලාශය හේතුවෙන් සාන්ත ජෝසප් කණ්ඩායමේ Fly half ක්‍රීඩකයින්ට එතරම් පීඩනයක් දරා ගැනීමට සිදු නොවූ අතර ඔහු උත්සාහක දිනුම් 9ක් ලබා ගැනීමට සමත්වීම ද කණ්ඩායමට විශාල ශක්තියක් විය.

සාන්ත තෝමස් විද්‍යාලය (6) – රාජකීය විද්‍යාලය (4) (ගුණරත්න කුසලානය)
ස්ථානය : සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණය
වේලාව : ප.ව. 4.15
දිනය : 29.04.2017 (සෙනසුරාදා)

පසුගිය වසරේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ නවීන් හෙනකන්කානම්ගේ තරගයේ අවසාන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ඉතා තියුණු තරගයකින් අනතුරුව තම කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙන්නට සමත් විය. මෙම තරගය, මෙම තරග වාරයේ සාන්ත තෝමස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ ප්‍රථම වරට යි. අසනීප තත්වයෙන් පසුවූ සාන්ත තෝමස් කණ්ඩායමේ Loose-forward ක්‍රීඩක ක්‍රිස්ටියන් ඩි ලයිල් නැවතත් සිය සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරීමෙන් අනතුරුව මෙම තරගය ක්‍රීඩා කිරීමේ සූදානමෙන් පසුවෙයි. කණ්ඩායම් නායක නවීන් හෙනකන්කානම්ගේ සහ මයෝන් ජයවර්ධන ද තරගය සඳහා සිය උපරිමයෙන් සූදානම්ව සිටියි. නමුත් නායක නවීන් තරගය ආරම්භයේ ක්‍රීඩා කරන්නේ Center ස්ථානයේ ද, Wing ස්ථානයේ ද යන්න නිශ්චිත නැත. කණ්ඩායම් පුහුණුකරු ලගා සිය සැලසුම් ක්‍රියාත්මක කළ ද Center ස්ථානය ඔහුට සුදුසුම ස්ථානය නොවන බව පසුගිය තරග පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී පෙනී යයි. Fly half half ස්ථානයේ ක්‍රීඩා කරන හාන්ස් වල්පොළ සහිරා සහ ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම් සමඟ ඉතා දක්ෂ අයුරින් ක්‍රීඩා කළ අතර ඔහු එම දක්ෂතා අතරට මෙම තරගයේ දී ද පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

WATCH LIVE: S.THOMAS’ V ROYAL

අනෙක් අතින් රාජකීය විද්‍යාලය මෙම තරගයට පිවිසෙන්නේ ගිය වසරේ ලද පරාජය, ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමේ අරමුණෙනි. රාජකීය ක්‍රීඩකයින් මෙම තරග වාරයේ Driving maul උපක්‍රමය පසුගිය වසර වල තරම් භාවිතා නොකිරීම හොඳ තත්වයකි. මෙම තරග වාරයේ ඔවුන් වාර්තා කළ උත්සාහක දිනුම් වලින් 50%ක් ඉදිරිපෙළ හා පසුපෙළ ක්‍රීඩකයින් විසින් වාර්තා කරන ලදි. Outside center ක්‍රීඩා කරන ජනිදු දිල්ෂාන් සහ Winger ක්‍රීඩක සබීත් ෆෙරෝස් තරගාවලියේ පළමු වටයේ දී ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට සමත් විය. Inside center ක්‍රීඩා කරන තුලයිබ් හසන් ද පළමු වටයේ දී හොඳින් ක්‍රීඩා කළ අතර නායක ඔවින් අස්කිගේ නායකත්වය ද පළමු වටයේ දී කැපීපෙනෙන සාධකයක් විය.

දක්ෂතා සංසන්දනය කළ විට කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු වේ. කණ්ඩායම් දෙක අතර පවතින එකම වෙනස්කම වන්නේ තරගයේ විනාඩි 80ක් පුරාවටම රැඳී සිටිමින් ක්‍රීඩා කිරීමට රාජකීය ක්‍රීඩකයින් සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට වඩා සමත්කමක් දැක්වීමයි. අවශ්‍ය අවස්ථාවේ දී නිවැරදි තීරණ ගැනීමට ඔවුන් සමත්කම් දක්වන අතර ගන්නා වැරදි තීරණයක් වුවත් ඉක්මණින් ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට ඔවුන්ට හැකියාව ඇත.

සාන්ත පීතර විද්‍යාලය (7) – ත්‍රිත්ව විද්‍යාලය (1) (ඩෙනිස් පෙරේරා කුසලානය)
ස්ථානය : සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගණය
වේලාව : ප.ව. 4.15
දිනය : 29.04.2017 (සෙනසුරාදා)

සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම කුසලාන ශූරතාවය සඳහා තරග කිරීමට සුදුසු කණ්ඩායමක් බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. සාන්ත පීතර කණ්ඩායම ඉතා දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත හොඳ කණ්ඩායමක් වුවත් අවශ්‍ය අවස්ථාවේ දී දක්ෂතා දැක්වීම ද රග්බි ක්‍රීඩාවේ දී වැදගත් වේ. ඔවුන් ගියවර ශූරතාවය දිනා ගත් ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම පරාජය කිරීමට සමත් වූ අතර මෙම තරගයේ දී තිත්ව විද්‍යාලයීය කණ්ඩායම ද පරාජය කරමින් තම කණ්ඩායමේ දක්ෂතාවන් තවදුරටත් ප්‍රදර්ශනය කරන්නට ඔවුන්ට මෙය වටිනා අවස්ථාවක් වනු ඇත. එය පහසු කාර්යයක් නොවන නමුත් එය සිදු කිරීමේ හැකියාව මෙම කණ්ඩායම සතුය. Half back ක්‍රීඩක රවීන් ප්‍රනාන්දු සහ Outside half ක්‍රීඩක ස්ටෙෆන් සිවරාජ් දෙපළගේ සුසංයෝගයෙන් සාර්ථකව තරගයට අවතීර්ණ වීමට සමත් වුවහොත් සාන්ත පීතර ක්‍රීඩකයින්ට උත්සාහක දිනුම් ලබා ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත. තරගය ජයග්‍රහණය කිරීමට නම් Center ස්ථානයේ ක්‍රීඩා කරන තීක්ෂණ දිසානායක සහ කණ්ඩායම් නායක දියත් ප්‍රනාන්දු හොඳින් ක්‍රීඩා කිරීම අත්‍යාවශ්‍ය වන අතර ඔවුන් අතර සන්නිවේදනය සාර්ථකව සිදු කිරීම කෙරෙහි ඔවුන් සිය අවධානය යොමු කළ යුතුය.

WATCH LIVE: ST.PETER’S V TRINITY

දිගු විවේකයකින් අනතුරුව ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම සිය අපරාජිත බව තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මීගමුවේ දී පුහුණු කඳවුරක් පවත්වන ලදී. මෙම තරගයේ වැඩි වාසිය විවාදයකින් තොරව ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම සතුවන නමුත් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම පහසු කටයුත්තක් නොවනු ඇත. දිලුක්ෂ දන්ගේ සහ වොරන් වීරකෝන් ගේ Center ස්ථානයේ සුසංයෝගයත් අවීෂ ප්‍රියංකරගේ සහ ශවීන් ඒකනායකගේ ඉදිරිපෙළ සුසංයෝගයත් තිත්ව විද්‍යාලයීය කණ්ඩායම සඳහා පසුගිය තරග වල දී විශාල ශක්තියක් විය. කණ්ඩායම් නායක නේතන් යී මර්ෂලිං ප්‍රමුඛ පසුපෙළ ක්‍රීඩකයින් ද තරග වාරය පුරාවට ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට