සන්තුෂ් හා ශාලිත්ගෙන් අර්ධ ශතක දෙකක්

757
St. Peters v S. Thomas

සිංගර් අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ එක් තරගයක් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල අතර අද (30) පැවැත්වූයේ කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී ය.

මහනුවර අවසන් පූර්ව වටයට ගෙන ගිය කපුගෙදරගේ ශතකය

බංගලාදේශය සමග මේ දිනවලදී පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වුනු දකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර අද (29) අන්තර්…

තර්ස්ටන් පිටිය තරමක තෙතබරිත ස්වභාවයක් ඉසිලීම නිසාවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් තරගය ආරම්භ වූයේ දහවල් 1.00ට පමණි.

කාසියේ වාසියේ තම සුරතට ලබා ගත් සාන්ත තෝමස් විද්‍යාලයේ ආරාධනය පරිදි පළමුව පිටියට පැමිණි සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉනිම සඳහා (අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තරගයේ පළමු දිනය නවතා දමන විට) කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා ගැනීමට සමත් විය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි සන්තුෂ් ගුණතිලක හා භානුක සිල්වා තෝමසුවන්ගේ පන්දු වලට මැනවින් පහර දෙමින්, වේගවත් ලකුණු 68ක සබඳතාවයක් ගොඩනැංවූ අතර, එම ආරම්භක සබඳතාවය නිමා කරමින් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේ භානුක සිල්වා, ලකුණු 14ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවීමෙනි.  අනතුරුව පිටියට පැමිණි විනුල් ගුණවර්ධන  සමඟින් දෙවන කඩුල්ල සඳහා ලකුණු 14ක සබඳතාවයක් ගොඩනැංවූ සන්තුෂ් ගුණතිලක දක්ෂ පිතිකරණයක නිරත වෙමින් තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම දර්ශනීය පහර කිහිපයකින්ම වර්ණවත් විය. සන්තුෂ්ව දෙවන කඩුල්ල ලෙස ලකුණු 59කට දවා ගැනීමට ශැනෝන් ප්‍රනාන්දුට හැකිවිය.

සාන්ත පීතර විද්‍යාලයේ මැදපෙළ දක්ෂ පිතිකරුවෙක් වන මනෙල්ක ද සිල්වා ලකුණු 4කට දවා ගැනීමට හැකි වීම සාන්ත තෝමස් විද්‍යාලයට විශාල අස්වැසිල්ලක් වූ බව නම් නොඅනුමානය. එම වටිනා කඩුල්ලට ද හිමිකම් කීවේ ශැනෝන් ය.

සාන්ත පීතර විද්‍යාලයේ මැදපෙළ පිතිකරණය සවිමත් කරමින් ලකුණු 53*ක් ලබාගෙන අගනා ඉනිමක් දියත් කළ ශාලිත් ප්‍රනාන්දු හා නායක ලක්ෂින රොද්‍රිගෝ නොදැවී ලකුණු 19*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි. එසේම ඔවුන් දෙපල විසින් තරගයේ පළමු දිනය අවසන් වන විට, සාන්ත පීතර විද්‍යාලයේ 5 වන කඩුල්ල සඳහා ලකුණු 54*ක නොබිදුනු  සබඳතාවයක් ගොඩනංවා ඇත.

පන්දු යැවීමේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ශැනොන් ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 2ක් හා පවිත් රත්නායක ලකුණු 46කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 180 (පන්දුවාර 60): සන්තුෂ් ගුණතිලක 59, ශාලිත් ප්‍රනාන්දු 51*, ශැනෝන් ප්‍රනාන්දු 2/44, පවිත් රත්නායක 2/46

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට