පීතරයින් අවසන් පූර්ව වටයේ ප්‍රවේශ පත්‍රය ඩැහැ ගනී

747
Singer Schools Cricket

සිංගර් අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් එක් තරගයක් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල අතර ඊයේ (30) කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය. ප්‍රසාද ලකුණු පුවරුවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව සාන්ත පීතර විද්‍යාලයට එම තරගයේ ජයග්‍රහණය හිමි විය.

සන්තුෂ් හා ශාලිත්ගෙන් අර්ධ ශතක දෙකක්

සිංගර් අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ එක් තරගයක් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල අතර …..

කාසියේ වාසියේ ජය ගත් සාන්ත තෝමස් විද්‍යාලයේ ආරාධනය පරිදි පළමුව පිටියට පැමිණි සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සඳහා (අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තරගයේ පළමු දිනය නවතා දමන විට) කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා ගෙන සිටියහ.

සන්තුෂ් ගුණතිලක හා භානුක සිල්වා තෝමසුවන්ගේ පන්දු වලට මැනවින් පහර දෙමින්, වේගවත් ලකුණු 68ක සබඳතාවයක් ගොඩ නැංවූ අතර, එම ආරම්භක සබඳතාවය නිමා කරමින් භානුක සිල්වා ලකුණු 14ක් ලබාගෙන සිටිය දී දැවී යන ලදි.  අනතුරුව පිටියට පැමිණි විනුල් ගුණවර්ධන සමඟින් දෙවන කඩුල්ල සඳහා ලකුණු 14ක සබඳතාවයක් ගොඩ නැංවූ සන්තුෂ් ගුණතිලක දක්ෂ පිතිකරණයක නිරත වෙමින් තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් විය.

මනෙල්ක ද සිල්වා  ලකුණු 4කට දවා ගැනීමට හැකි වීම සාන්ත තෝමස් විද්‍යාලයට විශාල අස්වැසිල්ලක් වූ බව නම් නොඅනුමානය. ශැනෝන් විසින් එම කඩුල්ල දවා ගන්නා ලදි.

සාන්ත පීතර විද්‍යාලයේ මැදපෙළ පිතිකරණය සවිමත් කරමින් නොදැවී ලකුණු 53*ක් ලබාගෙන අගනා ඉනිමක් දියත් කළ ශාලිත් ප්‍රනාන්දු හා නායක ලක්ෂින රොද්‍රිගෝ නොදැවී ලකුණු 19*ක් ලබාගෙන සිටිය දී අද (31) දිනය සඳහා සාන්ත පීතර පළමු ඉනිම ආරම්භ විය.

අද දිනයට තවත් ලකුණු 27ක් එක් වූ විට ලකුණු 68ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වුනු ශාලිත් ප්‍රනාන්දුව දවාලීමට රවිදු කොඩිතුවක්කු සමත් වූයේ තමා වෙතම ඇදී ආ උඩ පන්දුව දක්ෂ ලෙස රැක ගනිමිනි.

අනතුරුව පිටියේ එක්වුණු නායක ලක්ෂින රොද්‍රිගෝ හා රන්මිත් ජයසේන 6 වන කඩුල්ල සඳහා නොබිදුනු ලකුණු 174*ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නංවමින් සාන්ත පීතර විද්‍යාලයේ ලකුණු පුවරුව ලකුණු 381ක් දක්වා ඔසවා තබන ලදි. එහි දී ලක්ෂින තම ශතකය සම්පූර්ණ කර ගන්නා විට, රන්මිත් ජයසේන තම අර්ධ ශතකය වාර්තා කර ගැනීමට සමත් විය. අනතුරුව සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කල අතර, අයහපත් ආලෝක තත්ත්වය නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

නමුත් මෙම තරගය අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් නිසා කුමන හෝ කණ්ඩායමක් ඊළඟ වටයට යා යුතු වන අතර, විනිසුරුවරුන් විසින් ප්‍රසාද ලකුණු පුවරුවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය සලකා බලා සාන්ත පීතර විද්‍යාලයට ජයග්‍රහණය ලබා දෙන ලදි. ඒ නිසාවෙන් සාන්ත පීතර විද්‍යාලයට අවසන් පූර්ව වටයට පා තැබීමට අවස්ථාව උදාවිය.

පන්දු යැවීමේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ශැනොන් ප්‍රනාන්දු ලකුණු 69කට කඩුලු 2ක්, පවිත් රත්නායක ලකුණු 92කට කඩුලු 2ක් හා රවිදු කොඩිතුවක්කු ලකුණු 27කට එක් කඩුල්ලක් දවා ගනිමින් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – කඩුලු 5ක් දැවී ලකුණු 381 dec  (පන්දුවාර 105): ලක්ෂින රොද්‍රිගෝ 113*, රන්මිත් ජයසේන 69*, ශාලිත් ප්‍රනාන්දු 68, සන්තුෂ් ගුණතිලක 59, ශැනෝන් ප්‍රනාන්දු 2/69, පවිත් රත්නායක 2/92, රවිදු කොඩිතුවක්කු 1/27

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට