ගුරුකුල ඉනිමකින් හා ඩී. එස්. කඩුලු 8කින් ජයග්‍රහණ වාර්තා කරති

189

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (16) අවසන් වූ තරග අතුරින් කැළණිය ගුරුකුල විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වි

B කාණ්ඩයේ තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ ගුරුකුල විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය අතර තරගයේ දී ඉනිමකින් සහ ලකුණු 14කින් ජය ගැනීමට ගුරුකුල ක්‍රීඩකයෝ සමත් වූහ. මේ අතර A කාණ්ඩයේ තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ කොළඹ ඩී. එස්. සේනානායක සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගයෙන් කඩුලු 8කින් ජය ගැනීමට ඩී. එස්. ක්‍රීඩකයෝ සමත් වූහ.

ගුරුකුල – ජෝසප් වාස් පන්දු යවන්නෝ පිතිකරුවන් අනාථ කරති

විශ්වාස තැබිය නොහැකි යැයි පැවසෙන ක්‍රිකට් පිටියට නැවත වරක් සාක්ෂියක් වෙමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ …

ගුරුකුල සහ ජෝසප් වාස් අතර තරගය

මහර දී පැවති මෙම තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි දිනයේ දී තවත් කඩුලු 6ක් පමණක් ඇතැතිව ලකුණු 65ක් පිටුපසින් සිට පිටියට පිවිසි ජෝසප් වාස් ක්‍රීඩකයෝ නැවත වතාවක් අසරණ වෙමින් තම ඉනිම ලකුණු 89ක් ව තිබිය දී අවසන් කර ගත්හ. ඒ අනුව ඔවුන් අද රැස් කළේ ලකුණු 51ක් පමණි.

ජෝසප් වාස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 42 (23.2) ලික්ශාන් සසංග 3/04, මළිඳු විදුරංග 4/18

ගුරුකුල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (48.2) කෙමිර නයනතරු 21, ලික්ශාන් සසංග 37, ආකාශ් කනිශ්ක 4/43, සොහාන් අනුරුද්ධ 3/11

ජෝසප් වාස් විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 89  (38.5) තිලාන් ප්‍රදීප්ත 34, නවෝද් පීරිස් 24, පෘතුවි රූසර 3/32, නුවන් චානක 2/07, ලික්ශාන් සසංග 2/11, මළිඳු විදුරංග 2/15


ඩී. එස්. සේනානායක සහ ධර්මාශෝක අතර තරගය

බණ්ඩාරගම මහජන පිටියේ දී අද නිමා වූ මෙම තරගයේ දිනය ආරම්භයේ දී ම ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමට ලකුණු 140ක් ලබා සිටිය දී දැවී ගියහ. ඒ අනුව සත්කාරක ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලැබුණ ඉලක්කය ලකුණු 23කි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කළහ.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (49.3) ගිහාන් ගුණසේකර 49, සඳරු චන්දිත 37, මුදිත ලක්ෂාන් 48, දිනුක ඩිල්ශාන් 4/55, නිමේෂ් මෙන්ඩිස් 3/32

ධර්මාශෝක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (38.3) නිමේෂ් මෙන්ඩිස් 26, චමිඳු ඩිල්ශාන් 24, සචින්ත හෙට්ටිගේ 3/25, මෙතුශාන් තිළිණ 2/10 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 140 (49.0) සචින් සංගීත් 42, උෂාන් ඉමන්ත 35, මුදිත ලක්ෂාන් 5/50, සචින්ත හෙට්ටිගේ 3/36

ඩී. එස්. සේනානායක විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 24 (3.0) විනුක ඩිල්ශාන් 2/08


සාන්ත තෝමස් සහ මහින්ද අතර තරගය

පළමු කොටසේ D කාණ්ඩයේ තරගයක් ලෙසින්  අද ගල්කිස්සේ දී නිමා වූ මෙම තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. පළමු දිනය පුරා පන්දුවට පහර දෙමින් සත්කාරක ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 278ට පිළිතුරු ලෙසින් සංචාරක මහින්ද විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත්තේය.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 278 (96.3) කිශාන් මුණසිංහ 110, සිතාර හපුහින්න 61, ඩෙලන් පීරිස් නොදැවී 42, දිනෙත් කන්නංගර 18, මන්තිල විජේරත්න 19, පසන් පෙතන්ගොඩ 2/72, සුබානු රාජපක්ෂ 2/33

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (113.1) කවිඳු එදිරිවිර 81, පසන් පෙතන්ගොඩ 33, රෙශාන් කාවින්ද 23, ශලින් ද මෙල්  4/39, තෙවින් ඊරියගම 2/41, ඩෙලොන් පීරිස් 3/56


නාලන්ද සහ වෙස්ලි අතර තරගය

වෙස්ලි පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයකින් තොරව  අද නිමා වූයේ තියුණු තරගයකින් අනතුරුව ය. වෙස්ලි දෙවැනි ඉනිම ලකුණු 81කට නිමා වීමත් සමඟ තරගය නාලන්ද ක්‍රීඩකයන්ට විවෘත වූයේ ජයග්‍රහණය සඳහා ලකුණු 64ක ඉලක්කයක් ලැබෙමිනි.

ඒ පසුපස ගිය දා නාලන්ද ක්‍රීඩකයෝ තරගය නිමා කර ගත්තේ දිනයේ නියමිත පන්දු වාර ගණන අවසාන වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 50ක් ලබා සිටිය දී ය.

වෙස්ලි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (60.5) තිසරක අක්මීමන 84, රාහුල් ගුණසේකර 24, තරින්ද බක්මීවැව 34, සුහඟ විජේවර්ධන 5/18, කවීෂ් මධුරප්පෙරුම 4/52

නාලන්ද විද්‍යාලය: පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (81.0)  සුහඟ විජේවර්ධන නොදැවී 25, රනිඳු ද සිල්වා 21, ලක්ෂිත රසාංජන 38, කවීශ් මධුරප්පෙරුම 31, මහීම වීරකෝන් නොදැවී 23, රනිඳු ද සිල්වා 21, ශෙනාල් දංගල්ල 3/18, සකුන්ත ලියනගේ 3/48, මොවීන් සුබසිංහ 2/37

වෙස්ලි විද්‍යාලය: දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 81 (41.0) මොවීන් සුබසිංහ 31, තිසුරක අක්මීමන 23, මහිම වීරකෝන් 4/24, සුහඟ විජේවර්ධන 2/11, රවීන් ද සිල්වා 2/20, උමේක්ෂ ඩිල්ශාන් 2/20

නාලන්ද විද්‍යාලය: දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 50 (8.0) මොවින් සුබසිංහ 2/06, ශෙනාල් දංගල්ල 2/24


තර්ස්ටන් සහ සාන්ත සෙබස්තියන් අතර තරගය

තර්ස්ටන් පිටියේ දී අද ජය පරාජයෙන් තොරව නිමා වූ මෙම තරගයේ පළමු ඉනිමේ වැඩි වාසි තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සතු කර ගත්හ.  

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (44.0) තරූෂ ප්‍රනාන්දු 39, ශනෙල් ප්‍රනාන්දු 32, මලින්ත පීරිස් 24, සඳරු ඩයස් 5/43, අයේෂ් හර්ෂණ 3/26

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (57.1) පසිඳු දේශාන් 34, නිමේෂ් පෙරේරා 27, යෙශාන් වික්‍රමාරච්චි 24, ජයවිහාන් මහවිතාන 20, විනුජ රණසිංහ 5/47, ගිහාන් සේනානායක 2/16, ටෂික පෙරේරා 3/33

සාන්ත සෙබස්තියන් විද්‍යාලය: දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 207 (54.0) තරුෂ ප්‍රනාන්දු නොදැවී 53, සුකිත ප්‍රසන්න 34, ශනෙල් ප්‍රනාන්දු 24, නිසිත අභිලාශ් 22, විනුජ රණසිංහ 21, සඳරු ඩයස් 3/43

තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 90 (33.0) සවන් ප්‍රභාෂ් නොදැවී 29, නදීර ප්‍රනාන්දු 2/28


සාන්ත අන්තෝනි සහ ජනාධිපති අතර තරගය

වත්තල දි පැවති මෙම තරගය අද නිමාව දුටුවේ දෙපිලේ ම ක්‍රීඩකයන් තරගයට මෙන් රැස් කරද්දී ය.  

ජනාධිපති විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 343 (70.3) ගනිඳු දෙව්මිණ 94, ශසික නිර්මාල් 33, අකිල රොෂාන් 31, හසිඳු ප්‍රමුඛ 74, තනිල චමෝද් නොදැවී 40, කවීශ දුලාංජන 4/88, අශාන් මලිත් 3/72, අවිශ්ක තරිඳු 2/37

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (73.5)  එරංග මධුශාන් 81, යසිඳු ජයවීර 66, අවිශ්ක තරිඳු 43, අවිඳු චතුරංග 26, හසිඳු  ප්‍රමුඛ 5/99, චමිල චමෝද් 2/50

ජනාධිපති විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 267 (43.5) රිෆාස් මව්රෝස්් 78, අකිල රොෂාන් නොදැවි 64, හිරුන සිගේරා 37. ගනිඳු දෙව්මිණ 31, රසිත ලක්මාල් 25. කවීෂ දුලාංජන 4/125, රශ්මික දුලාංජන 2/38


සාන්ත පීතර සහ සාන්ත සර්වේශස්  අතර තරගය

මාතර සාන්ත සර්වේශස්  විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර මාතර  උයන්වත්ත ක්‍රිඩාංගණයේ දී අද (16) ආරම්භ වූ තරගයේ පළමු දිනය අවසන් වන විට දෙපිලේ ම ක්‍රීඩකයෝ තම පළමු ඉනිම නිමා කරගෙන සිටියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා රැස් කළ ලකුණු 138ට පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 66ක් පමණි.

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 138 (60.1) පබසර හේරත් නොදැවී 36, සහීන් ප්‍රනාන්දු 23, ශෂික දුල්ශාන් 4/28, තිලාන් ප්‍රශාන් 2/24, චරිත් හර්ෂාන් 2/41

සාන්ත සර්වේශස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 66 (33.1) මොහොමඩ් අමීන් 3/11, සචින් සිල්වා 3/41, පබසර හේරත් 2/07, තාරික් සබූර් 2/14


මහානාම සහ වේල්ස් කුමාර අතර තරගය

කොළඹ මහානාම විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර අද රත්මලානේ දි  පැවති තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් මහානාම  විද්‍යාලය රැස් කළ ලකුණු 236ට පිළිතුරු ලෙසින් වේල්ස් කුමාරුවන් දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 110ක් ලබා සිටියහ.

මහානාම විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (71.5) පවන් රත්නායක 51, භිෂාන් මෙන්ඩිස් 48, හේෂාන් හෙට්ටිආරචිචි 30, වත්සල පෙරේරා 27, පවන්ත වීරසිංහ 24, සවිඳු පීරිස් 3/40

‍‍වේල්ස් කුමාර විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 110 (30.0) විශ්ව පීරිස් 34, අවිඳු ප්‍රනාන්දු නොදැවී 29, සඳුන් ප්‍රනාන්දු 20, ලහිරු විතාන 22/10


ලුම්බිණි සහ ආනන්ද අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී අද (16දා) ආරම්භ වූ මෙම තරගය පළමු දිනයට නිමා වූයේ සංචාරක ක්‍රීඩකයන්ට වැඩි වාසි  අත් කර දෙමිණි.

ලුම්බිණි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 139  (38.1) විනූ හේමාලංකාර 34, අමිත දාබරේ 29, දුශාන් ප්‍රනාන්දු 26, අසේල් සිගේරා 5/33, චාමික ගුණසේකර 2/25

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 221 (54.0) අසේල් සිගේරා 70, ලහිරු හිරන්‍යා 54, කමේෂ් නිර්මාල් 36, කනිශ්ක රන්තිලකගේ 35, විමුක්ති කුලතුංග 4/70

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<