කෙවින් පෙරේරා සහ අශාන් ප්‍රනාන්දු තරගෙට ශතක රැස් කරයි

458

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර කොළඹ තර්ස්ටන් පිටියේ දී අද (09) ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයේ දී අශාන් ප්‍රනාන්දු සහ කෙවින් පෙරේරා තරගයට මෙන් ශතක රැස් කිරීමට සමත් වූහ.

මොවින් හා විශ්ව පිටිය සිසාරා පිතිකරණයක

විශ්ව පීරිස් හා මොවින් සුබසිංහගේ ශතකවලින් හැඩවුණු අද (8) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම ආරම්භ විය.

කොළඹ තර්ස්ටන් සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා

කාසියේ වාසිය දිනාගත් සත්කාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 363ක් ලබා ගනිමින් ඉනිම අත්හිට විය. එම ඉනිමේ දී කෙවින් පෙරේරා පන්දු 120ක දී හතරේ පහර 14ක් සමඟින් ලකුණු 102ක් ද, අශාන් ප්‍රනාන්දු පන්දු 131ක දී හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 102ක් ද රැස් කිරීමට සමත් වූහ. ඔවුන් දෙදෙනා අතර පස් වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 147කි.

පන්දු යැවීමේ දී යෙෂාන් වික්‍රමාආරච්චි සහ අයේෂ් හර්ෂණ කඩුලු 3 බැගින් දවා ගත්හ.

දිනය අවසන් වන විට සත්කාරක කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 55ක් ලබා සිටියේය. එහි දී නවීන් ප්‍රනාන්දු සහ පසිඳු විශ්හෙට්ටි කඩුලු 2 බැගින් දවාගෙන සිටියහ.

මාරිස්ටෙලා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 363 (72.0) චතුර අනුරාධ 30, කෙවින් පෙරේරා 102, අශාන් ප්‍රනාන්දු නොදැවී 102, රවිඳු ප්‍රනාන්දු 74, නිපුන් ලක්ෂාන් 2/76, යෙෂාන් වික්‍රමආරච්චි 3/67, අයේෂ් හර්ෂණ 3/64

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 55 (14.4) යෙෂාන් වික්‍රමආරච්චි 25, ජයවිහාන් ප්‍රදීප්ත්ත 29, නවීන් ප්‍රනාන්දු 2/30, පසිඳු විශ්හෙට්ටි 2/00


සාන්ත පීතර සහ රිච්මන්ඩ් විද්‍යාල අතර තරගය

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර අද (09) බම්බලපිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 203ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් දිනය අවසන් වන විට සත්කාරක ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා සිටියහ.

කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර එහි දී ලකුණු අතර පිවිසියේ තවීෂ අභිෂේක් සහ සඳුන් මෙන්ඩිස් ය. තවීෂ පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 63ක් ද, සඳුන් පන්දු 83ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ද ලබා ගත්හ.

පන්දු යැවීමේ දී ශිවාන් පෙරේරා සහ මොහොමඩ් අමීන් කඩුලු 3 බැගින් දවා ගත්හ.

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (76.0) තවීෂ අභිෂේක් 63, සඳුන් මෙන්ඩිස් 53, ආදිත්‍ය සිරිවර්ධන 20, ශිවාන් පෙරේරා 3/27, මොහොමඩ් අමීන් 3/72

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 51 (18.0) සුලක්ෂන් ප්‍රනාන්දු නොදැවී 23

පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට හොඳ පුහුණුවක්

යොවුන් ක්‍රිකට් කිරුළ සොයා නවසීලන්තයේ සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාව සමඟ අද (09) ක්‍රයිස්චර්ච් හි දී නිමා වූ පුහුණු තරගයෙන් ලකුණු …

සාන්ත අන්තෝනි සහ වෙස්ලි විද්‍යාල අතර තරගය

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී අද නිමා වූ මෙම තරගයේ දී ඉනිමක සහ ලකුණු 88ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක වේල්ස් කුමාර ක්‍රීඩකයෝ සමත් වූහ. දැවැන්ත ලකුණු 232ක් පිටුපස ගිය සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ ලබා ගත්තේ පළමු ඉනිමේ දී ලකුණු 123ක් ද දෙවැනි ඉනිමේ දී ලකුණු 112ක් ද පමණි.

සාන්ත අන්තෝනි දෙවැනි ඉනිමේ දී අවිශ්ක තරිඳු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ තරිඳු පීරිස් ලකුණු 29කට කඩුලු 6ක් දවා ගත්තේය.

වේල්ස් කුමාර විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 323 (61.1) විශ්ව චතුරංග 142, තරිඳු පීරිස් 61, විනුජ රාන්පාල් 44, සනෝජ් දර්ෂික 27, කවීෂ දුලාංජන 3/36, මධුක හෙට්ටිආරච්චි 2/57, රශ්මික මෙවන් 2/74

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 123 (59.0) මධුක හෙට්ටිආරච්චි 54, රශ්මික මෙවන් 29, කවීෂ දුලාංජන 22, කෞමල් නානායක්කාර 5/57, නඳුක ප්‍රනාන්දු 3/14, තරිඳු පීරිස් 2/15 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 112 (32.4) අවිශ්ක තරිඳු 51, සංක ලහිරු 24, තරිඳු පීරිස් 6/29, කුංචන පෙරේරා 2/27, කෞමල් නානායක්කාර 2/54


සාන්ත ජෝන්, පානදුර  සහ මහානාම විද්‍යාල අතර තරගය

බණ්ඩාරගම මහජන පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් ඉනිමක් සහ ලකුණු 64ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහානාම විද්‍යාලය සමත් විය. ඔවුන් මෙම තරග වාරයේ ලබා ගත් දෙවැනි පූර්ණ ජයග්‍රහණයයි මේ.

ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා දැක්වීමට නායක හේෂාන් හෙට්ටිආරච්චි සමත් වීම කැපී පෙණුනි. ඔහු ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 33කට කඩුලු 5ක් ද දෙවැනි ඉනිමේ දී ලකුණු 42කට කඩුලු 4ක්ද දවා ගත්තේ ය. ඊට අමතර ව වමතින් පා දඟපන්දු යවන හෂාන් සන්දීප තරගයේ දී ලකුණු 36කට කඩුලු 8ක් දවා ගත්තේය.

මහානාම විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (63.3) බිෂාන් මෙන්ඩිස් 57, පවන්ත වීරසිංහ 38, සසිත මනුප්‍රිය 4/99, තමිඳු වික්‍රමාරච්චි 3/52

සාන්ත ජෝන්ස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (30.1) ප්‍රවීන් සඳමාල් 37, තමිඳු වික්‍රමාරච්චි 21, හේෂාන් හෙට්ටිආරච්චි 5/33, හෂාන් සන්දීප 3/24, ඉෂාන් කටුපිටිය 2/16 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 67 (32.3) රුක්ෂාන් දිසානායක 24, හෂාන් සන්දීප 5/12, හේෂාන් හෙට්ටිආරච්චි 4/42

ශ්‍රී ලංකා සංචිතයේ සුක්කානම නැවතත් මැතිව්ස්ට

ලබන සතියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (09) නිල වශයෙන් ප්‍රකාශ කළ අතර එම තරගාවලියේ…

ජනාධිපති විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර තරගය

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ සත්කාරකත්වයෙන් සහ කැළණිය ගුරුකුල විද්‍යාලයේ සංචාරයෙන් පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය.

ජනාධිපති විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (58.1) විරංග හෂාන් 47, රෆාස් මාහ්රූෆ් 45, රසික ලක්මාල් 33, තෂික නිර්මාල් 32, දිනුඳු දෙව්මිණ 22, මලිඳු විදුරංග 4/19, යුෂාන් මලිත් 2/25, පෘතුවි රූසර 2/29, එන්. ඩී. නවීන්ද්‍ර 2/38

ගුරුකුල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 138 (32.5) ප්‍රවීන් නිමේෂ් 58, ලසිඳු අරෝෂ් 33, මලිඳු විදුරංග 29, හසිඳු ප්‍රමුඛ 6/29, තනුල චමෝද් 2/36

ජනාධිපති විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 250 (74.2) විරංග අශාන් 104, හිරුණ සිගේරා 59, තෂික නිර්මාල් 29, ප්‍රවීන් නිමේෂ් 2/27

ගුරුකුල විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 148 (21.0)  තෙමිර නයනතාරු 68, ලසිඳු ආරෝෂ් නොදැවී 55


ධර්මරාජ සහ වෙස්ලි විද්‍යාල අතර තරගය

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් අවසන් විය. සත්කාරකයෝ දෙවැනි ඉනිමේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 141ක් පසුපස ගිය අතර දිනය අවසන් වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 186ක් ලබා සිටියහ.

එම ඉනිමේ ගැලවුම්කරු වූයේ සචින්ත සේනානායක ය. තරගය අවසන් කළේ නොදැවී ලකුණු 104ක් වාර්තා කරමිනි.

වෙස්ලි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 352 (69.3) මොවීන් සුබසිංහ 103, බුද්ධිම විජේසුන්දර 75, රාහුල් ගුණසේකර 53, හසිත ගීසර 51, ශොනාල් දන්ගල්ල 34, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 4/89, යසිත් අමරරත්න 2/36

ධර්මරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (76.2) බවන්ත උදංගමුව 89, ඉසුරු දයානන්ද 33, දුලාජ් බණ්ඩාර 29, කසුන් ගුණවර්ධන 25, සචින්ත සේනානායක 23, මොවීන් සුබසිංහ 4/44, මොහොමඩ් උබයිදුල්ලා 4/57 සහ දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 186 (40.0) සචින්ත සේනානායක නොදැවී 104, චේතිය ඒකනායක 42, මොවින් සුබසිංහ 2/69

සාන්ත ඇලෝසියස් සහ සාන්ත සෙබස්තියන් විද්‍යාල අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ පන්දු යවන්නන්ගේ වැඩි දක්ෂතා කරළියට නැගෙද්දීය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (60.0) රවිඳු සංජන 70, විනුජ රණසිංහ 8/41

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (61.1) නිසිත අබිලාශ් 71, සුඛිත ප්‍රසන්න 49, රවිඳු සංජන 4/31, කවික දිල්ශාන් 4/44, දිනුක ලක්මාල් 2/41

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 145 (56.1) නිලුක්ෂ දුල්මිණ 53, පසිඳු නානායක්කාර 39, තෂික පෙරේරා 6/38, විනුජ රණසිංහ 3/46

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 29 (11.0) රවිඳු සංජන 3/16

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න