මොවින් හා විශ්ව පිටිය සිසාරා පිතිකරණයක

323

විශ්ව පීරිස් හා මොවින් සුබසිංහගේ ශතකවලින් හැඩවුණු අද (8) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම ආරම්භ විය. 

කොළඹ වෙස්ලි විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

වෙස්ලි විද්‍යාලය කාසියේ වාසිය දිනාගත් මෙම තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස ධර්මරාජ පිටියේ දී අද ආරම්භ විය.

වෙස්ලි විද්‍යාලය තරගයේ මුල් පන්දුවාරයේ සිටම වේගවත්ව පන්දුවට පහර දෙමින් ධර්මරාජ විද්‍යාල පන්දු යවන්නන් අසීරුතාවට ඇඳ දැමූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 352ක් ලබා ගත්තේය.

ත්‍රිත්ව හා සාන්ත බෙනඩික්ට් පූර්ණ ජයක පහස ලබයි

ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබාගත් අද (6) දිනය තුළ…

එහි දී දක්ෂ පිතිකරණයක නිරත වූ දකුණතින් පිත්ත හසුරුවන මොවින් සුබසිංහ ලකුණු 103ක් වාර්තා කළේය. ඊට අමතරව බුද්ධිම විජේසුන්දර, රාහුල් ගුණසේකර හා හසිත් ගීසර අර්ධ ශතක ලබාගෙන වෙස්ලි විද්‍යාල ලකුණු පුවරුවට සවියක් විය. පන්දු යැවීමේ දී උපේන්ද්‍ර වර්ණකුලසූරිය කඩුලු 4යි.

පළමු දිනය අවසන් වන විට ධර්මරාජ විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 62ක් ලබා ගත්තේය. නොදැවී ක්‍රීඩා කරන සචින්ත සේනානායක ලකුණු 23*යි.

වෙස්ලි විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූ පසුව පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලයේ පළමු කඩුල්ල පළමු පන්දුවාර කිහිපය තුල දැවී ගියේය.

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 352/8 d (69.3): මොවින් සුබසිංහ 103, බුද්ධිම විජේසුන්දර 75, රාහුල් ගුණසේකර 53, හසිත් ගීසර 51, ශෙනාල් දංගල්ල 34, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 4/89.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 62/2 (23): කසුන් ගුණවර්ධන 25, සචින්ත සේනානායක 23*.


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 56යි.

සාන්ත අන්තෝනි විද්‍යාල තණතීරුව මත කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එහි දී වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් අගනා පිතිකරණයක නිරත වූ විශ්ව පීරිස් ලකුණු 142ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට තරිඳු පීරිස් හා විනුජ රන්පුල් පිළිවෙළින් ලකුණු 61ක් හා ලකුණු 44ක් ලබාගෙන වේල්ස් කුමර පළමු ඉනිම ලකුණු 323ක් දක්වා රැගෙන ගියේය. පසුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. කවිෂ දුලංජන කඩුලු 3යි.

තරගයේ පළමු දිනයේ අවසානය වන විට සාන්ත අන්තෝනි විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 267ක් පසුපසින් පසුවෙයි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 323/8 d (61.1): විශ්ව පීරිස් 142, තරිඳු පීරිස් 61, විනුජ රන්පුල් 44, සනෝජ් දර්ශික 27, කවීෂ දුලංජන 3/63.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 56/3 (33):

පැතුම් හසරංගගෙන් ඉන්ද්‍රජාලික ලකුණු දහසක්

ඔහුගේ ඉනිම් ඉන්ද්‍රජාලික ය. ජුගුප්ත්සාජනක ය. ඇදහිය නොහැකි නමුත්…


කොළඹ මහානාම විද්‍යාලය හා පානදුර සාන්ත ජෝන් විද්‍යාලය

බණ්ඩාරගම මහජන පිටියේ පැවැත්වූ මෙම තරගය B කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් මහානාම විද්‍යාලය වෙනුවෙන් බිශාන් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබාගන්නා ලදි. පවන්ත වීරසිංහ ලකුණු 38ක් ලබාගෙන මහානාම ඉනිම සවිමත් කළ අතර එය ද සවියක් කරගෙන ලකුණු 223ක් දක්වා සිය පළමු ඉනිම රැගෙන යාමට මහානාම විද්‍යාලයට හැකි විය. සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවා ගැනීමට සසිත මනුප්‍රිය සමත් විය.

අනතුරුව පිටියට පිවිසි සාන්ත ජෝන් පිතිකරුවන් අසරණ කරමින් කේශාන් හෙට්ටිආරච්චි ප්‍රමුඛ මහානාම විද්‍යාලය සාන්ත ජෝන් ලකුණු පුවරුව අඩපන කරන ලදි. දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 63ක් ලබා ගැනීමට සාන්ත ජෝන් විද්‍යාලයට හැකි විය.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – 223/10 (63.3): බිශාන් මෙන්ඩිස් 57, පවන්ත වීරසිංහ 38, සසිත මනුප්‍රිය 4/99.

සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 63/6 (28): තමිඳු වික්‍රමාරච්චි 20*, කේශාන් හෙට්ටිආරච්චි 3/19.


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ගාල්ලේ දී කාසියේ වාසිය දිනූ සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දු යවා සිය ප්‍රතිවාදී සාන්ත ඇලෝසියස් පළමු ඉනිම ලකුණු 136කට සීමා කරන ලදි. එහි දී ඉනිමේ මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට නායක රවිඳු සංජන සමත් වූ අතර ඔහු ලකුණු 70කට දැවී ගිය පසුව ඔවුන්ගේ පිතිකරණ බල ඇණිය කඩා වැටෙන ලදි. දක්ෂ ලෙස පන්දු යැවූ විනුජ රණසිංහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 41ක් තුළ කඩුලු 8ක් දවා ගන්නා ලදි.

වසර 4කට පසුව අළු බඳුනේ පහස ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වූ අවසන් අළු බඳුන ටෙස්ට් තරගය ඉනිමකින්…

නිශිත අභිලාෂ්ගේ පිතිකරණයෙන් සවිබල ගැන්වුණු සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 135ක් ලෙස සටහන් විය. ඒ අනුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු දිනය තුළම තරගයේ වැඩි වාසියක් අත්කර ගැනීමට සමත් විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 136/10 (60): රවිඳු සංජන 70, විනුජ රණසිංහ 8/41.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 135/2 (35): නිශිත අභිලාෂ් 71, සුකිත ප්‍රසන්න 35*.


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය

අර්ධ ශතකය පෙනෙන මානයේ තිබිය දී පිතිකරුවන් කිහිප දෙනෙකුම දැවී ගිය මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට ගුරුකුල විද්‍යාල පළමු ඉනිම ලකුණු 138කට සීමා වී තිබුණි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක ජනාධිපති විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනාම දැවී ලකුණු 226ක් ලබාගන්නා ලදි. එහි දී ඉරංග හශාන් හා රිෆාස් මවුරෆ් අර්ධ ශතක පෙනෙන මානයේ දී දැවී ගියහ. අවසානයේ ජනාධිපති විද්‍යාල පළමු ඉනිම ලකුණු 226කට සීමා කිරීමට මලිඳු විදුරංග ප්‍රමුඛ ගුරුකුල විද්‍යාල පන්දු යවන්නන් සමත් විය.

අද දිනය අවසන් වීමට පෙර ගුරුකුල විද්‍යාලයේ පළමු ඉනිම අවසන් කරමින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ජනාධිපති විද්‍යාලය සමත් විය. එහි දී ප්‍රවීන් නිමේෂ් ලකුණු 58ක් ලබාගන්නා ලදි. පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ හසිඳු ප්‍රමුඛ කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 226/10 (58.1): ඉරංග හශාන් 47, රිෆාස් මවුරෆ් 45, රසික ලක්මාල් 33, ටශික නිර්මාල් 32, මලිඳු විදුරංග 4/19.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 138/10 (32.5): ප්‍රවීන් නිමේෂ් 58, ලසිඳු අරෝශ 33, මලිඳු විදුරංග 29,  හසිඳු ප්‍රමුඛ 6/34.

මෙම තරග සියල්ලම හෙටත් (9) පැවැත්වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න