නාලන්ද ක්‍රීඩකයින් නපුරු තරගයේ දී පළමු ජය ලබයි

354

තරගාවලිය පුරා ජයග්‍රහණයේ පිපාසාවෙන් සිටි කොළඹ නාලන්ද ක්‍රීඩකයෝ තමන් සහභාගී වූ නපුරු යැයි සැලකෙන 9 වැනි තරගය ජයග්‍රහණය කරමින් පළමු ජය සමරන්නට අද (11) සමත් වූහ. බණ්ඩාරගම මහජන පිටියේ දී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා සමඟ පැවති මෙම තරගයේ දී නාලන්ද විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 15කින් ජය ලැබුවේය.

රිච්මන්ඩ් අපරාජිත කිරුළ කොළොම්පුර පීතරයන්ට පුදයි

පාසල් ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩඉම් තබන ගාලු පුර රිච්මන්ඩ් විද්‍යාලය මෙවර තරග වාරයේ දී ද තම දක්ෂතා සුපුරුදු ලෙසින්ම දක්වමින් පැමිණිය…

ඩී. එස්. සේනානායක සහ නාලන්ද අතර තරගය

පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 145ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් නාලන්ද ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගත්හ. එම ඉනිමේ දී දකුණත් පිතිකරු සුහඟ විජේවර්ධන ශතකයක් ලබා ගත්තේය.

ලකුණු 148ක් පිටුපස සිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි ඩී. එස්. ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 133ක් පමණි.

මෙම තරගයට පෙර තරග 8කට සහභාගී වී සිටි නාලන්ද ක්‍රීඩකයෝ තරග දෙකක් පරාජය වී අනෙක් තරග සියල්ල ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සමත්ව තිබුණි. ගල්කිස්ස සාන්ත තෝමස් සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාල වෙතින් ඔවුන් පරාජය වී තිබුණි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (43.3) විහාන් ගුණසේකර 51, මුදිත ලක්ෂාන් 57, චමිඳු විජේසිංහ 4/21, උමේෂ්ක ඩිල්ශාන් 4/22

නාලන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (63.1) අවිශ්ක පෙරේරා 33, රනිඳු ද සිල්වා 24, චමෝද් විජේසිංහ 28, ලක්ෂිත රසාංජන 33,  සුහඟ විජේවර්ධන 126, රුසිරු ද සිල්වා 20,  සඳරු චන්දිත 2/35, මෙතුශාන් කුමාර 5/68, සඳරු චන්දිත 2/34

ඩී. එස්. සේනානායක විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 133 (39.5) තුවින් ලක්ෂාන් 40, ටිරෝන් බාස්කරන් 21, රවීන් ද සිල්වා 3/24, කවීෂ් මධුරප්පෙරුම 3/28, උමේෂ්ක ඩිල්ෂාන් 2/20, චමිඳු විජේසිංහ 2/25

සංගක්කාර තවත් විස්සයි විස්සකට සූදානම්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර හොංකො හිදී පැවැත්වෙන “T20 බ්ලිට්ස්” ක්‍රිකට් තරගාවලියේ ගැලැක්සි ගැලඩියේටර්ස්…

මලියදේව සහ ලුම්බිණි අතර තරගය

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර අද (11) නිමා වූ පළමු කොටසේ D කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 269ට පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 166ක් පමණි. ඒ අනුව ඔවුන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වරටත් ක්‍රීඩා කිරීමට සිදු වූයේ ලකුණු 103පිටු පස සිටිමිනි.

දෙවැනි ඉනිමේ මලියදේව ක්‍රීඩකයෝ ලකුණු 275ක් ලබා ගත් අතර ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 173ක ඉලක්කයක් ලැබුණි. තරගය අවසන් වන විට ඔවුන් ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 117ක් පමණි.  

ලුම්බිණි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 269 (62.5) කවින් කේමිත 73, හේමාල් ලංකාර නොදැවී 60, රොවීෂ මධුමාල් 34, ධනංජය දාබරේ 28, දුලාජ් රණතුංග 4/52, සුපුන් නිසංක 2/15, මධුරංග නවීන් 2/24

මලියදේව විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 166 (46.5) දුලාජ් රණතුංග 41, සුපුන් සුමනරත්න 38, කවින් කේමිත 5/60, විමුක්ති කුලතුංග 5/61 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 275 (66.2) කවීන් බණ්ඩාර 69, මුදිත ප්‍රේමදාස 60, සංජීව ප්‍රියදර්ශන 44, දුලාජ් රණතුංග 28, සුපුන් සුමණරත්න 23, විමුක්ති කුලතුංග 6/105, කවින් කේමිත 4/10

ලුම්බිණි විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 117 (20.0) දුශාන් රන්මල් 28, ධනංජය දාබරේ 20, කවින් කේමිත නොදැවී 20, දුලාජ් රණතුංග 2/14, සංජීව ප්‍රියදර්ශන 2/34

මහින්ද සහ සාන්ත සිල්වෙස්ටර් අතර තරගය

කාසියේ වාසිය දිනූ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 307ක් ලබා ගත්තේය. එම ඉනිමේ දී 15 හැවිරිදි වමත් පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 173කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේය. ඊට අමතරව විනුර දුල්සර සහ රෙශාන් කාවින්ද අර්ධ ශතක ලබා ගත්හ.

සත්කාරකයෝ ඉනිම අත් හිටුවීමෙන් පසු පිටියට පිවිසි සංචාරකයන් දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 41ක් ලබා සිටියේය.

ගාල්ල මහින්ද විද්‍යාලයීය පිටියේ දී අද (11) ආරම්භ වූ මෙය පළමු පෙළ D කාණ්ඩයේ තරගයකි.

මහින්ද විද්‍යාලය: පළමු ඉනිම කඩුලු 4ක් දැවී 307 (69.4) නවෝද් පරණවිතාන 104, විනුර දුල්සර 85, රෙශාන් කාවින්ද නොදැවී 54, හංසික වැලිහිඳ 28, උසිඳු යෙශන්ක 2/56

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 41 (23)


සාන්ත තෝමස් සහ සාන්ත බෙනඩික්ට් අතර තරගය

පළමු කොටසේ A කාණ්ඩයේ තරගයක් වූ මෙය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (11) ආරම්භ විය. කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළේ ලකුණු 101ක් පමණි. පිළිතුරු ඉනිම සඳහා සාන්ත තෝමස් ක්‍රීඩකයෝ ලකුණු 131ක් රැස් කළ අතර දිනය අවසන් වන විට සංචාරක ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 6ක් සිටියහ.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 101 (35.3) පෘතුවි ජයරාජසිංහම් 20, ලහිරු ඩිල්ශාන් 3/21, සිනෙත් සිතාර 3/21, සචිල රශ්මික 2/27

සාන්ත තෝමස් විද්‍යාලය: පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (48.1) මලීෂ ද සේරම් 30, හිරන්ත ලක්ෂාන් 33, තරුෂ කාවින්ද 19, ජේසන් චාල්ස් 6/53, කවීෂ ජයතිලක 2/15

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 06 (6.0)


ජෝසප් වාස් සහ සාන්ත මේරීස් අතර තරගය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිමට රැස් කළ ලකුණු 168ට පිළිතුරු ලෙසින් කෑගල්ල සාන්ත මේරිස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 108ක් ලබා සිටියේය.

ජෝසප් වාස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (44.5) තිලාන් ප්‍රදීප්ත 41, සොහාන් අනුරුද්ධ 28, ශෂාන් දිනෙත් 27, ඉෂාන් වීරසූරිය 6/40, සුපුන් කුමාර 2/27

සාන්ත මේරිස් විද්‍යාලය: පළමු ඉනිම කඩුලු 8ක් දැවී 108 (48.0) සංජීව රංජිත් 37

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<