විශ්වගේ ශතකයෙන් මොරටුව කැලඹේ

1024

වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගයේ දී වමතින් පිත්ත හසුරුවන විශ්ව ප්‍රනාන්දු ශතකයක් වාර්තා කිරීමට සමත් විය. එසේම මෙම තරගාවලිය යටතේ අද (19) අවසන් වූ අනෙක් තරගවලින් මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය වැඩි දස්කම් දක්වන ලදි.

මීට අමතරව පැවැත්වූ අනෙක් තරගවල දී අශේන් ඩැනියල්, හසින්ත ජයසූරිය, තිසුරක අක්මීමන, ශැනොන් ප්‍රනාන්දු හා ගජිත කොටුවේගොඩ යන ක්‍රීඩකයින් සිය පෞද්ගලික දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යෞවනයන්ගේ අර්ධ අවසන් පූර්ව සිහිනය බිඳ වැටෙයි

මුල්පෙළ පිතිකරුවන් සිය වගකීම ඉටු කරන්නට යළිත් අසමත් වීමත් සමඟ ලෝක කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට්….

වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

විශ්ව චතුරංගගේ විශිෂ්ට පිතිකරණයෙන් හැඩගැන්වුණු මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

සාන්ත පීතර පළමු ඉනිම ලකුණු 124ක් වැනි අවම මට්ටමකට සීමා කිරීමට වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර ප්‍රමුඛ වේල්ස් කුමර පන්දු යවන්නන් සමත් විය. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම දියත් කරන සත්කාරකයින් සාන්ත පීතර පළමු ඉනිමට වඩා ලකුණු 158ක් ඉදිරියෙන් පසුවෙයි.

සාන්ත පීතර පළමු ඉනිම – 124/10 (42.2): රන්මිත් ජයසේන 26, කවුමාල් නානායක්කාර 5/30.

වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 282/5 (51): විශ්ව චතුරංග 125, සවිඳු පීරිස් 38, මොහොමඩ් අමීන් 3/108.


රාජකීය විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් මෙම තරගයේ පළමු දිනය අද අවසන් විය.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර හා තෙවිඳු සේනාරත්න පිළිවෙළින් ලකුණු 69ක් හා ලකුණු 45ක් ලබා ගත්හ. සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තේ කවිඳු ගිම්හානගේ අර්ධ ශතකය සවියක් කරගෙනයි.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 212/10 (53.3): පසිඳු සූරියබණ්ඩාර 69, තෙවිඳු සේනාරත්න 45, ගයාන් දිසානායක 33, දමින්දු රිෂාන් 4/27.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 164/5 (39): කවිඳු ගිම්හාන 56*, දුශාන් හෙට්ටිගේ 36.


සාන්ත ජෝසප් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

මහනුවර අස්ගිරිය පිටියේ දී කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

සාන්ත ජෝසප් පළමු ඉනිම යම් අසීරුතාවයකට ඇඳ වැටුණු මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. ත්‍රිත්ව විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 195ක් ලබා ගත්තේ හසින්තගේ දැකුම්කළු පිතිකරණය නිසාවෙනි. දක්ෂ ලෙස පන්දු යැවූ අශේන් ඩැනියල් කඩුලු 7යි.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 195/10 (61.4): හසින්ත ජයසූරිය 88, ට්‍රෙවොන් පර්සිවෙල් 28, අශේන් ඩැනියල් 7/44.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම (පළමූ දිනය අවසානයේ) – 122/8 (34): ලක්ෂාන් ගමගේ 30*, ට්‍රෙවොන් පර්සිවෙල් 3/35.


සහිරා විද්‍යාලය හා මලියදේව විද්‍යාලය

සත්කාරක සහිරා විද්‍යාලය කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් නමුත් එයින් සාර්ථක ඵල නොලාගන්නට ඔවුන් අපොහොසත් විය. මලියදේව විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සහිරා පළමු ඉනිම අභිබවා ලකුණු ලබාගෙන තරගයේ පළමු දිනය තුළම පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 84/10 (27.5): දිල්සර සමින්ද 33, මදුරංග නවීන් 3/30.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 152/10 (38.2): සංජීවන් ප්‍රියදර්ශන 48, අරවින්ත් රාජේන්ද්‍ර 3/03, රිද්මික නිමේෂ් 3/24.

සහිරා විද්‍යාල දෙවන ඉනිම – 86/5 (24):

මැතිව්ස්ට විවේකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළව පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ තරග දෙකක් සීමිත…..


ධර්මපාල විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස නාලන්ද විදුහල් පිටියේ අද (19) ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය තුළ කඩුලු 20ක් බිඳ වැටෙන ලදි.

කාසියේ වාසිය දිනාගත් නාලන්ද විද්‍යාලයේ ඇරයුමින් පිටියට පිවිසි ධර්මපාල විද්‍යාලය ලකුණු 70කට සීමා කිරීමට කවීෂ තරුෂ ඇතුළු නාලන්ද පන්දු යවන්නන් සමත් විය.

අවිශ්ක පෙරේරා ලකුණු 89ක් ලබාගෙන නාලන්ද පළමු ඉනිම සවිමත් කළේය.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 70/10 (29.1): අමිල දයානායක 37, කවීෂ තරුෂ 5/09.

නාලන්ද විද්‍යාල පළමු ඉනිම – 239/9d (57): අවිශ්ක පෙරේරා 89, ලක්ෂිත රසාංජන 39, කවීෂ තරුෂ 35, චේතිය විතාන 3/66.

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 12/1 (4):


වෙස්ලි විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය

තිසුරක අක්මීමන හා ශෙනාල් දංගල්ලගේ අර්ධ ශතකවලින් වර්ණවත් වූ මෙම තරගය වෙස්ලි විද්‍යාලයේ අනුග්‍රාහකත්වය ඇතිව පැවැත්විය.

වෙස්ලි විද්‍යාලය කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 276ක් ලබා ගත්තේය. දඟපන්දු යවන ක්‍රිකට් ශැනොන් ප්‍රනාන්දු කඩුලු 7ක් දවා ගන්නා ලදි.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 276/10 (80): තිසුරක අක්මීමන 91, ශෙනාල් දංගල්ල  61, සකුන්ත ලියනගේ 34, ශැනොන් ප්‍රනාන්දු 7/66.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 54/2 (16):

රසල් – අනේ අපිව බේරගන්න

මී හරක් රංචුවක් මැදට සිංහයෙක් මැදි වූ විට සිදුවන දෙය නුඹ දැක තිබේද? දැක නොමැති නම් ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියක…..


ඉසිපතන විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

කුරුණෑගල වෙලගෙදර පිටියේ දී කාසියේ වාසිය දිනූ ඉසිපතනය වෙනුවෙන් සංජුල අබේවික්‍රම හා සංජුල බණ්ඩාර මෙන්ම අයන සිරිවර්ධන ද අර්ධ ශතක ලබා ගත්හ.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම හා දෙවන ඉනිම පිළිවෙළින් ලකුණු 198කට හා 145/6ක් ලෙස සටහන් විය.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 306/7d (82): සංජුල අබේවික්‍රම 69, සංජුල බණ්ඩාර 60, අයන සිරිවර්ධන 58, එෂාන් ප්‍රනාන්දු 34, ඉශාන් විජේසුරිය 3/100.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම – 198/10 (64.5): ගජිත කොටුවේගොඩ 100, මදුෂික සඳරුවන් 5/39.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම (F/O) – 145/6 (43): සුජිත් කුමාර 53, සචින් ෆොන්සේකා 40, අයන සිරිවර්ධන 4/41.


මොරටු මහා විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 8ක ජයක් හිමි වූ මෙම තරගය මාතර උයන්වත්ත පිටියේ දී නිමා විය.

වැඩි පිතිකරණ දක්ෂතා දැක ගන්නට නොලැබුණු මෙම තරගය තුළ අර්ධ ශතකයක් ලබා ගත්තේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ වෝශිත අමරසිංහ පමණි. සිනෙත් සිසාරො හා ජීවන්ත ප්‍රනාන්දු  පන්දු යැවීමෙන් දස්කම් දැක්වූහ.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 112/10 (51.5): දුලක්ෂණ ප්‍රනාන්දු 30, සිනෙත් සිසාරා 7/31.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 108/5 (62): වෝෂිත අමරසිංහ 55, තරුෂ කාවින්ද 34, ජීවන්ත ප්‍රනාන්දු 5/52, ශෙසද සොයිසා 3/29.

මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම – 51/10 (28.1): සචිර  රශ්මික 4/15.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 15/2 (4.2):

සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 8ක් ජයක්

මේ අතුරෙන් අද පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ල හෙට (20) දෙවන දිනටත් පැවැත්වේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<