ගාලු පුරවරයේ ආදරවන්තයෝ අවසන් හතරට

1187

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2017/18 පළමු පෙළ අවසන් පූර්ව තරග දෙකක් හා දෙවන පෙළ අවසන් මහා තරගය අද (10) ක්‍රියාත්මක විය.

පළමු පෙළ අවසන් පූර්ව තරග දෙක ජයග්‍රහණ කළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මහින්ද විද්‍යාලය සීමිත පන්දුවාර අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරවා ගැනීමට සමත් විය.

මහානාමයේ ගමන් මග වෙනස් කළ ජෝසප්වරුන් අවසන් සටනට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන 2017/18 අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ…

  • පළමු පෙළ සීමිත පන්දුවාර අර්ධ අවසන් පූර්ව තරග

ත්‍රිත්ව විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් ලබාගත් රිච්මන්ඩ් විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් 2017/18 පළමු පෙළ සීමිත පන්දුවාර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ් විද්‍යාල නායක ධනංජය ලක්ෂාන් පළමුව පන්දු යැවීමට තීරණය කළේ එම තණතීරුව මත පන්දුවේ හැසිරීම පිළිබඳව මනා අවබෝධයක් ඔහුට ඇති නිසාවෙනි.

ත්‍රිත්ව විද්‍යාල ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු පන්දුවාර කිහිපය තුළ ඔවුන්ගේ විද්‍යාලයට සාර්ථක හා වේගවත් ආරම්භක සබඳතාවයක් ගොඩනංවා දුන්න ද, ත්‍රිත්ව විද්‍යාල මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් එක පෙළට ක්‍රීඩාගාරයට හරවා යැවීමට නායක අවිඳු තීක්ෂණ ඇතුළු රිච්මන්ඩ් විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය.

කෙසේ නමුත් හසින්ත ජයසූරිය (42) හා නායක හසිත බෝයගොඩ (21) ලබාගත් ලකුණු නිසාවෙන් පන්දුවාර 41යි පන්දු 4ක් තුළ සියල්ලන්ම දැවී ලකුණු 125ක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලයට හැකි විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් නායක කමිඳු මෙන්ඩිස් අවසන් වරට සිය විද්‍යාලය නියෝජනය කරනු ලබන වර්ෂය මෙය නිසා ඔහු සිය වගකීම හැකි උපරිමයෙන් ඉටු කළේ අර්ධ ශතකයක් වාර්තා කරමිනි.

අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ වමතින් පිට දඟපන්දු යවන අවිඳු (කඩුලු 5) හා දිලුම් සුධීර (කඩුලු 2) දෙදෙනා කඩුලු 7ක් දවා ගන්නා ලදි.

ත්‍රිත්ව විද්‍යාලය – 125 (41.4): හසින්ත ජයසූරිය 42, හසිත බෝයගොඩ 21, අවිඳු තීක්ෂණ 5/07, දිලුම් සුධීර 2/11.

රිච්මන්ඩ් විද්‍යාලය – 129/2 (39.4): කමිඳු මෙන්ඩිස් 67*, දනංජය ලක්ෂාන් 22.

තරග ප්‍රතිඵලය – කඩුලු 8ක ජයක් ලබාගත් රිච්මන්ඩ් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී

වේල්ස් කුමර විද්‍යාලය හා මහින්ද විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමර නායක සවිඳු පීරිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

වේල්ස් කුමර විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් හා මුල්පෙළ පිතිකරුවන්ව ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවූ සුභානු රාජපක්ෂ ඇතුළු මහින්ද විද්‍යාල පන්දු යවන්නන් තරගයේ වැඩි වාසිය සිය විද්‍යාලය දෙසට හරවා ගත්තේය.

කෙසේ නමුත් වේල්ස් කුමර විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කළ තෙවන වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකු වන දකුණතින් පිත්ත හසුරුවන සනෝජ් දර්ශික නොදැවී ලකුණු 37*ක් ලබා ගන්නා ලදි. ඔහුට අමතරව දකුණතින් පිතිකරණයේ නිරත වන සඳුන් ප්‍රනාන්දු හා ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු 22 බැගින් ලබා ගත්හ. එම ලකුණුත් සමඟින් ලකුණු 145ක් වෙත යාමට වේල්ස් කුමර විද්‍යාලයට හැකි විය. පන්දු යැවීමේ දී සුභානු රාජපක්ෂ හා පසන් පෙතනගොඩ පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ලකුණු 146ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හසුරුවන හංසික වැලිහිඳ නොදැවී ලකුණු 54*ක් ලබා ගත්තේය. විනුර දුල්සර ද පසුපෙළින් පිටියට පිවිස ලකුණු 38ක් ලබාගෙන මහින්ද විද්‍යාල ඉනිම ගොඩනැංවීමට හංසික හට සහය විය. නිපුන් මාලිංග ලකුණු 23යි.

වේල්ස් කුමර විද්‍යාලය – 145 (43): සනෝජ් දර්ශික 37*, සඳුන් ප්‍රනාන්දු 22, ප්‍රින්ස් ප්‍රනාන්දු 22, සුභානු රාජපක්ෂ 4/26, පසන් පෙතනගොඩ 3/43.

මහින්ද විද්‍යාලය – 146/4 (22.3): හංසික වැලිහිඳ 54*, විනුර දුල්සර 38, නිපුන් මාලිංග 23.

තරග ප්‍රතිඵලය – කඩුලු 6ක ජයක් ලබාගත් මහින්ද විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී.

මහා සංග්‍රාමය මඟ හැරුනත් එක්දින ජයග්‍රහණය සාන්ත ආනාවරුන්ට

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 23 වැනි වරටත් පැවති ඇතුගල්පුර සටන වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (08) වෙලගෙදර ක්‍රිකට්…

2017/18 පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දෙදින ක්‍රිකට් තරගයේ අවසන් මහා සටනට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සුදුසුකම් ලබාගෙන ඇති අතර එහි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා අද දින සුදුසුකම් ලබාගත් රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාල දෙකට අමතරව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සුදුසුකම් ලබාගෙන ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<