ධර්මරාජය පරදා සාන්ත අන්තෝනි ජය ගනී

164

මහනුවර ධර්මරාජ විද්‍යාලය හමුවේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය ඉනිමක හා ලකුණු 25ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත් අද (13) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම ක්‍රියාත්මක විය.

ඒ අනුව සාන්ත අන්තෝනි විද්‍යාලය පූර්ණ ජයක පහස විඳින විට සාන්ත තෝමස්, සහිරා හා රාජකීය විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ ලබාගෙන අද දිනය අවසන් කළේය.

ජෝසප් වාස්, මහින්ද හා සාන්ත තෝමස් පූර්ණ ජයක් ලබයි

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිටියේ උණුසුම ක්‍රමයෙන් වැඩි වන මේ සමයේ අදත් (12) පළමු පෙළ ක්‍රිකට් තරග කිහිපයක් ක්‍රියාත්මක වූ අතර, එහි දී ගාල්ල…

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

අද දිනය ආරම්භ වන විට සත්කාරක සාන්ත අන්තෝනි ඉනිම ක්‍රියාත්මක වීමට නියමිතව තිබුනත්, ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 230ක් ලබාගෙන සිටිය දී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබුණි.

ලකුණු 112ක අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් සචින්ත දිසානායකට හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් හට සාර්ථක වීමට අවස්ථාව නොලැබුණි. එයින් උපරිම වාසිය ලබාගත් සාන්ත අන්තෝනි විද්‍යාලය තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළේය.‍

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – 118/10 (59.1): ඉසුරු දයානන්ද 53, ධනුෂ්ක රත්නායක 17*, නවෝද්‍ය විජේකුමාර 6/43.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 230/4 d (35): තීක්ෂ ගුණසිංහ 101*, නවෝද්‍ය විජේකුමාර 72, ඩියෝන් කවිඳු 44.

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම – 87/10 (30.2): සචින්ත දිසානායක 32.

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ජනවාරි 31 වැනි දින බංග්ලාදේශය සමඟ එරට දී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට්…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 259ක් ලබාගෙන සිටියේය. පසුව සිය ඉනිම අත්හිටවූ ඔවුන් ආනන්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 182කට සීමා කරන ලදි. එහි දී ලහිරු හිරන්‍ය ලකුණු 66ක් ලබා ගත්තේය. ශමල් හිරුෂාන් ලකුණු 33*යි.

තරගයේ නිමාව සටහන් වන විට සාන්ත තෝමස් විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියේය.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 261/9 d (85.3): මන්තිල විජේරත්න 61, ශලින් ද මෙල් 50, කිෂාන් මුණසිංහ 48, තෙවින් ඊරියගම 35*.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 182/10(86.3): ලහිරු හිරන්‍ය 66, ශමල් හිරුෂාන් 33*, කනිශ්ක රන්තිලකගේ 32.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 68/2 (25):

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

SSC පිටියේ දී අද අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 93ක් ලබාගෙන සිටියේ සාන්ත ජෝසප් පළමු ඉනිමට වඩා ලකුණු 85ක් පසුපසින් සිටිමිනි. කෙසේ වෙතත් පසිඳු සූරියබණ්ඩාර හා කවිඳු මදරසිංහ අර්ධ ශතක ලබාගෙන රාජකීය පළමු ඉනිම ලකුණු 307ක් දක්වා රැගෙන විත් ඔවුන්ගේ ඉනිම අත්හිටුවන ලදි.

දිනය අවසානයේ සාන්ත ජෝසප් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 139ක් ලබාගත්තේ ලක්ෂාන් ගමගේ විසින් එක්කළ ලකුණු 47 ද සවියක් කරගෙනයි. අවසානයේ පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 178/10 (49.2): නිපුන් සුමනසිංහ 48, දුනිත් වෙල්ලාලගේ  47, යෙසිත් රූපසිංහ 34, ලක්ෂාන් ගමගේ 23, මනුල පෙරේරා 6/26.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 307/6 d (82.4): පසිඳු සූරියබණ්ඩාර 87, කවිඳු මදරසිංහ 77, භාග්‍ය දිසානායක 41, බිමල් විජේසේකර 40.

සාන්ත ජෝශප් විද්‍යාල දෙවන ඉනිම – 139/10 (50): ලක්ෂාන් ගමගේ 47, නිපුන් සුමණසිංහ 38, දුනිත් වෙල්ලාලගේ 22.


මරදාන සහිරා විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

සහිරා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දුන් මෙම තරගයේ ද මැසනොඩ් පළමු ඉනිම වෙනුවෙන් පසිඳු සසංක හා සාලිය ජූඩ් පිළිවෙළින් ලකුණු 62ක් හා ලකුණු 40ක් ලබාගෙන දස්කම් අතරට පිවිසියේය.

ලකුණු 23ක පළමු ඉනිමේ වාසිය සහිතව සිය දෙවන ඉනිම දියත් කළ සහිරා විද්‍යාලය වෙනුවෙන් දිල්සර සමින්ද අර්ධ ශතකයක් වාර්තා කළේය. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 202/10 (81.1): අරවින්ත් රාජේන්ද්‍රන් 48, මොහොමඩ් රිසාත් 33, චතුර දිල්රුක්ෂණ 28, සාලිය ජූඩ් 3/71.

ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම – 179/10 (60.3): පසිඳු සසංක 62, සාලිය ජූඩ් 40, ජූඩ් ජයකොඩි 24*.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම – 226/8 (49): දිල්සර සමින්ද 71, මොහොමඩ් සැකී 36, චතුර දිල්රැක්ශන 26.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<