සිංගර් පාසල් රග්බි ලීගයේ සයවැනි සතියේ අද (01) පැවති තවත් තරගයක දී බම්බලපිටිය සාන්ත පීතර විදුහල පරාජය කරන්නට සමත් වූ සාන්ත ජෝසප් විදුහල, සිය ‘පරම සතුරා’ අභියස දී ජය ලබන්නට සමත් වූයේ ලකුණු 25-10ක් ලෙසයි. තරගය පැවැත්වුණේ බම්බලපිටියේ දී යි.

මොරටු පුතුන්ට ත්‍රිත්ව විදුහලෙන් දැවැන්ත ප්‍රහාරයක්

සිංගර් පාසල් රග්බි ලීගය තුළ සිය අපරාජිතභාවය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් අද (27) මොරටුව වේල්ස් කුමර විදුහලට…

තරමක් විශ්වාසය අඩු මානසික මට්ටමකින් කණ්ඩායම් දෙකම තරගය ආරම්භ කළත් සචිත් සිල්වා විසින් සාර්ථක කර ගත් දඬුවම් පහරක් සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. (ජෝසප් 03-00 පීතර).

ජෝසප් විද්‍යාලයීය ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගෙන් ලද අනගි සහය උත්සාහක දිනුමක් බවට පෙරලාගන්නට ශාන් අකිල සමත් විය. සිල්වාගේ ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟ ලකුණු 10ක පරතරයක් නිර්මාණය කරගන්නට ජෝසප් විද්‍යාලයට හැකි විය. (ජෝසප් 10-00 පීතර).

ප්‍රථම අර්ධය තුළ එකදු ලකුණක් හෝ ප්‍රතිවාදීන්ට ලබා නොදෙන්නට ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයන් වගබලාගත්තේය.

පළමු අර්ධය – සාන්ත ජෝසප් විද්‍යාලය 10 (1T 1C 1P) – 00 සාන්ත පීතර විද්‍යාලය

ජෝසප් විද්‍යාලයේ නායක විනුල් ප්‍රනාන්දුට ආබාධයක් හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට සිදුවූ අතර දිගින් දිගටම සිදු වූ දෝෂ සහගත ක්‍රියා වෙනුවෙන් පීතර විදුහලේ එම්. වී. මොහිදීන් හට කහ කාඩ්පතක් නියම විය. එහි දී ලැබුණු දඬුවම් පහර ගෝල කණු අතරින් රිංගා යැවූ සිල්වා, ජෝසප් විදුහලට තවත් ලකුණු 3ක් එක්කළේය. (ජෝසප් 13-00 පීතර).

මෙතෙක් සුළු සුළු ප්‍රමාණවලින් ලකුණු රැස්කරමින් සිටි සචිත් සිල්වා හට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඉඩ ලැබෙන්නේ ඉන් පසුවය. චතුර සෙනවිරත්න හට මෙවර ප්‍රවර්තන කාර්යය භාර වුවද ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක විය.(ජෝසප් 18-00 පීතර).

ආර්. පී. ප්‍රනාන්දු, සත්කාරක කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු රැස්කිරීම ඇරඹුවත් ස්ටීවන් සිවරාජ් හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි වීමත් සමඟ ඔවුන්ට අතිරේක ලකුණු 2 අහිමි විය. (ජෝසප් 18-05 පීතර).

පීතරයන් වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ බිලාල් හිල්මි ය. සිවරාජ්ට අමතක කළ යුතු දිනයක මතක එක්කරමින් එහි ප්‍රවර්තනය ද ඔහුගෙන් අසාර්ථක විය. (ජෝසප් 18-10 පීතර).

යළි ක්‍රියාත්මක වූ සචිත් සිල්වා තරගය පුරාම කැපීපෙනුණු තම දක්ෂතා තවදුරටත් තීව්‍ර කරමින් උත්සාහක දිනුමක් රැස්කළේය. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (ජෝසප් 25-10 පීතර).

ඒත් සමඟින් “බැසිල් වීරසිංහ පියතුමන්ගේ ශූරතා පලිහ” වසර 15කට පසුව තමන් සතුකරගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකිවිය.

සම්පූර්ණ කාලය – සාන්ත ජෝසප් විද්‍යාලය 25 (3T 2C 2P) – 10 (2T) සාන්ත පීතර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – සචිත් සිල්වා (සාන්ත ජෝසප්).

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්.

සාන්ත ජෝසප් – ශාන් අකිල 1T, සචිත් සිල්වා 2T  2P.

සාන්ත පීතර – ආර්. පී. ප්‍රනාන්දු 1T, බිලාල් හිල්මි 1T.  

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට