19න් පහළ කණ්ඩායමත් වෙළඳසේවා ක්‍රිකට්වලට

92
MCA Premier League 2020

27 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග සඳහා සිංගර් ආයතනය සිය අනුග්‍රාහකත්වය ලබා දී තිබෙන අතර තරගාවලිය මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ධනුෂ්කගේ මහන්සියට දසුන්ගෙන් සවියක්!

කණ්ඩායමේ නැංගුරම ලෙස විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලකගේ ශතකයත්

මෙම තරගාවලිය අංශයන් කිහිපයක් ඔස්සේ (ලීග්, පිළිමළුන් පිටුදැකීම හා විස්සයි විස්ස) පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ද සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වෙළඳසේවා ක්‍රිකට් සංගමය වෙත දන්වා තිබේ. 

කෙසේ නමුත් ඔවුන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්නේ නොමැත. ඒ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමක් පළමු වතාවට වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග වදිනු ලබන පළමු අවස්ථාව මෙයයි.

Photos : 27th Singer MCA Premier League 2020 – Press Conference

පසුගිය වර්ෂයේ පැවැත්වූ තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වූ නමුත් ගියවර තරගාවලිය ක්‍රීඩා කළ කණ්ඩායම් අතරින් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් 6ක් පමණි. පසුගිය වර වෙළඳසේවා තරගාවලිය ක්‍රීඩා කළ ටීජේ ලංකා, කොමර්ෂල් ක්‍රෙඩිට්, MAS Silueta හා කැන්රිච් ෆිනෑන්ස් යන කණ්ඩායම් මෙවර තරගාවලියට සහභාගී නොවේ.  

මෙවර වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ලීග් තරගාවලිය මේ මස 13 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වේ. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ වන්නේ ලබන මස 2 වැනිදා වන අතර නොවැම්බර් මස 25 වැනිදා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත. 

2020 වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් සහ එහි නායකයින්;

  • LB ෆිනෑන්ස් (2018 ලීග් ශූරතාව දිනා ගත් කණ්ඩායම) – ලක්ෂාන් රොද්‍රිගෝ 
  • ඩීමෝ (2018 පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අනුශූරතාව) – නිසල තාරක 
  • MAS Unichela (2018 විස්සයි විස්ස ශූරතාව) – කුසල් ජනිත් පෙරේරා 
  • ජෝන් කීල්ස් (2018 විස්සයි විස්ස අනුශූරතාව) – භානුක රාජපක්ෂ
  • සම්පත් බැංකුව – ජීවන් මෙන්ඩිස් 
  • හේලීස් සමූහය – ලහිරු තිරිමාන්න 
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – නිපුන් ධනංජය

තරගාවලියේ සියලුම තතු , තරග වාර්තා හා තරග සේයා රූ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<