මෙවරත් ශූරතාවය දේවපතිරාජ විදුහලට

1268
U19 Schools Womens Cricket

අද (17) කොළඹ කැම්බල් පිටියේ දී පැවතී සිංගර් අන්තර් පාඨශාලීය 19න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගියවර ශූරියන් වූ රත්ගම දේවපතිරාජ විද්‍යාලය මෙවරත් සමත් විය.

පසුගිය ලිපි: අයනගේ ශතකය නිසා ඉසිපතනය පෙරමුණ ගනියි.

අවසාන තරගයේදී නුගේගොඩ අනුලා විද්‍යාලය කඩුලු 8කින් පරාජය කරමින් තරගය ජය ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් විය.

තෙවන ස්ථානය දිනාගත් කටුගස්තොට සාන්ත අන්තෝනි කාන්තා විද්‍යාලය, ඔක්කම්පිටිය විජයබාහු මහා විද්‍යාලය ලකුණු 2කින් පරාජය කළේය.

Photos: U19 Singer Sri Lanka Schools Girls Cricket Tournament 2016/17 | Final

Photos of the U19 Singer Sri Lanka Schools Girls Cricket Tournament 2016/17 | Final

මෙම තරගාවලිය සිංගර් ආයතනයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබීය.

දේවපතිරාජ විද්‍යාලයේ කාවින්දි පාරමී තරගාවලියේ වීරවරිය සම්මානය දිනාගත් අතර තරගාවලියේ හොඳම පිතිකාරිනිය ලෙස අනුලා විද්‍යාලයේ ජනාදි අනාලි තේරී පත්වද්දි තරගාවලියේ හොඳම පන්දු යවන්නිය වශයෙන් ටෙලිශියා චතුරංගි සම්මානයට පාත්‍ර විය.

අවසන් තරගය

අනුලා විද්‍යාලය 109/5 පන්දුවාර 30: ජනාදි අනාලි  40*, අමාෂා දිල්ෂානි 27, ටෙලිශියා චතුරංගි 2/18

දේවපතිරාජ විද්‍යාලය 110/2 පන්දුවාර 18.2: කාවින්දි පාරමී 27, කවීෂා දිල්හාරි නොදැවී 23, ඉරේෂා චතුරාණි නොදැවී 18,නිලක්ෂනා සඳමිනි 14, හෂිනි ලියනගේ 1/14

තෙවන ස්ථානය සඳහා වූ තරගය

සාන්ත අන්තෝනි කාන්තා විද්‍යාලය ලකුණු 2කින් තරගය ජයග්‍රණය කරන ලදී.

සාන්ත අන්තෝනි කාන්තා විද්‍යාලය: 112/1 පන්දුවාර 20: සදුනි නිසංසලා නොදැවී 55, සචින් ජයරත්න නොදැවී 27

ඔක්කම්පිටිය විජයබාහු මහා විද්‍යාලය 110/7 පන්දුවාර 20: ඉෂන්කා මදුෂානි නොදැවී 24, සත්‍යා දසනායක 2/25

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට