සිංගර් සත් සාමාජික තරගාවලිය වෙනදාට වඩා පස්සට යයි

733

සිංගර් අන්තර් පාසල් 19න් පහළ සත් සාමාජික තරග සහ කනිෂ්ඨ අංශයේ තරග කාලසටහන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් එළිදක්වා ඇත. සාමාන්‍යයෙන් අන්තර් පාසල් සත් සාමාජික තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් පසුව උසස් පෙළ විභාගයට පෙර පැවැත්වෙන අතර මේ වසරේ දී තරගාවලිය උසස් පෙළ විභාගයෙන් පසුව පැවැත්වීමට තීරණය කර ඇත. 

CR&FC කණ්ඩායම දුෂාන්ත් ලෙව්කේගේ භාරයට

ශ්‍රී ලංකාවේ හිටපු ජාතික නායක හා 2019 පාසල් රග්බි …….

එමෙන්ම වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික තරගාවලිය ද අගෝස්තු 17 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇත. මේ තරගාවලිය නැගී එන ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් තුලින් ආසියානු 18න් පහළ සත් සාමාජික තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් වනු ඇත.

එසේම 16න් පහළ දස සාමාජික (10 a Side) තරගාවලිය අගෝස්තු 10 සහ 11 දිනයන් හිදී මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

ඇලෝසියස් – රිච්මන්ඩ් දකුණු ලක රග්බි සංග්‍රාමයේ දී පෙරළියකට සැරසේ

මෙරට පාසල් රග්බි පිටියේ පැවැත්වෙන වාර්ෂික මහා රග්බි ……….

තරග විස්තර පහතින්-

දිනය තරගාවලිය ස්ථානය
අගෝස්තු 10 මයිලෝ 16න් පහළ දස සාමාජික තරගාවලිය – පළමුවැනි දිනය බෝගම්බර/නිත්තවෙල
අගෝස්තු 11 මයිලෝ 16න් පහළ දස සාමාජික තරගාවලිය – දෙවැනි දිනය බෝගම්බර/නිත්තවෙල
අගෝස්තු 17 සිංගර් 18න් පහළ සත් සාමාජික තරගාවලිය – පළමුවැනි දිනය රාජකීය ක්‍රීඩා සංකීර්ණය
අගෝස්තු 18 සිංගර් 18න් පහළ සත් සාමාජික තරගාවලිය – දෙවැනි දිනය රාජකීය ක්‍රීඩා සංකීර්ණය
අගෝස්තු 24 මයිලෝ 14න් පහළ දස සාමාජික තරගාවලිය – පළමුවැනි දිනය රාජකීය ක්‍රීඩා සංකීර්ණය
අගෝස්තු 25 මයිලෝ 14න් පහළ දස සාමාජික තරගාවලිය – දෙවැනි දිනය රාජකීය ක්‍රීඩා සංකීර්ණය
සැප්තැම්බර් 7 මයිලෝ 16න් පහළ දස සාමාජික තරගාවලිය (දෙවැනි කාණ්ඩය) – පළමුවැනි දිනය කුරුණෑගල
සැප්තැම්බර් 8 මයිලෝ 16න් පහළ දස සාමාජික තරගාවලිය (දෙවැනි කාණ්ඩය) – දෙවැනි දිනය කුරුණෑගල
සැප්තැම්බර් 14 සිංගර් 19න් පහළ සත් සාමාජික තරගාවලිය  – පළමුවැනි දිනය රාජකීය ක්‍රීඩා සංකීර්ණය
සැප්තැම්බර් 14 සිංගර් 19න් පහළ සත් සාමාජික තරගාවලිය (දෙවැනි කාණ්ඩය) – පළමුවැනි දිනය තුරඟ තරග පිටිය 
සැප්තැම්බර් 15 සිංගර් 19න් පහළ සත් සාමාජික තරගාවලිය – දෙවැනි දිනය රාජකීය ක්‍රීඩා සංකීර්ණය
සැප්තැම්බර් 15 සිංගර් 19න් පහළ සත් සාමාජික තරගාවලිය (දෙවැනි කාණ්ඩය) – දෙවැනි දිනය තුරඟ තරග පිටිය 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<