තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් ආබාධයකට; නිදහස් කුසලානයත් මඟ හැරේ?

1149

ශ්‍රී ලංකා කණ්ඩායම හා  බංග්ලාදේශය අතර පසුගිය 18 වැනිදා සිලෙට් හිදී අවසන් වූ දෙවන විස්සයි විස්ස තරගය අතරතුර දී ශ්‍රී ලංකා නවක යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුෂංක ආබාධයකට ලක්විය.

[rev_slider LOLC]

ඒ නිසාවෙන් ඔහුට මාසයක පමණ කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර ඒ අනුව ලබන 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.

“අපේ කණ්ඩායමේ ආකල්පමය වෙනසක් වුනා” – චන්දිමාල්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයේ පැවැත්වූ ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් කර අද (19) දිවයිනට පැමිණි අතර ඉන්පසුව ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා …….

බංග්ලාදේශ විස්සයි විස්ස තරග සංචාරයේ පළමු තරගයෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ මදුෂංක පළමු තරගයේ දී කඩුලු 2ක් දවාගත් අතර දෙවන තරගයේ දී ද දස්කම් අතරට පිවිසියේය. දෙවන තරගයේ  තෙවන පන්දුවාරයේ දෙවන පන්දුව ක්‍රියාත්මක කිරීමට යාමේ දී මදුෂංක වම් පාදයේ කලව ආශ්‍රිතව ආබාධයකට  ලක්විය.

ඉදිරි දින කිහිපය තුළ මදුෂංකව එම්. ආර්. අයි පරීක්ෂණයක් සඳහා යොමු කර එහි ප්‍රතිඵල අනුව ඔහුගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද සවස නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියේය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන මේ තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 6 වැනිදා මිට 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<