තවත් හැව්ලොක් පුරුකක් CR සමඟ එක්වෙයි

1132
Sharo-Fernando1

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉදිරිපෙළ Second Row ස්ථානයේ ක්‍රීඩා කළ ශාරෝ ප්‍රනාන්දු එළඹෙන තරග වාරය වෙනුවෙන් CR&FC වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත.

හැව්ලොක් ක්‍රීඩකයෙක් කණ්ඩායම හැර යයි

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ දිනුක් අමරසිංහ …….

පසුගිය තරගවාරයෙන් අනතුරුව එළඹෙන තරගවාරය වෙනුවෙන් ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් රග්බිලෝලීන් පුදුම කරමින් සිය ක්‍රීඩා සමාජ මාරු කළ ආකාරයක් දක්නට ලැබුණි. විශේෂයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් එම ක්‍රීඩා සමාජය හැර යාම කැපී පෙනුණා.

2008 වසරේ දී පටන් හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ ශාරෝ ප්‍රනාන්දු අන්තර් සමාජ මට්ටමින් පමණක් නොව ජාතික මට්ටමින් ද තම දක්ෂතා පෙන්වමින් ක්‍රීඩා කළේය.

හැව්ලොක් සමාජය නව නායකයෙකු යටතට

එළඹෙන තරග වාරය නිමිති කොටගෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය ……

අන්තර් සමාජ මට්ටමේ තමාගේ ආධිපත්‍ය පතුරවමින් ශාරෝ ප්‍රනාන්දු හැව්ලොක් ක්‍රීඩා සමාජය, CR&FC කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන්ද තම සේවය සපයා ඇත. එසේම 2013 වර්ෂයේ හැව්ලොක් ක්‍රීඩා සමාජයට අන්තර් සමාජ ලීග් ශූරතාවය දිනා දීමෙන් අනතුරුව නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහු 2014 වර්ෂයේ ක්‍රීඩා කරමින් ශූරතාවය දිනා දුන්නේය.

නැවතත් 2015 වර්ෂයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ එක්වුණු ශාරෝ ප්‍රනාන්දු පසුගිය වසරේ ක්ලිෆර්ඩ් කුසලානය හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙත ගෙන ඒමට විශාල කාර්යභාරයක් ඉටු කළ ක්‍රීඩකයෙකි.

රීසා ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ….

අන්තර් සමාජ මට්ටමේ තමාගේ ආධිපත්‍ය පතුරවමින් ක්‍රීඩා කළ ශාරෝ ප්‍රනාන්දු එළඹෙන තරගවාරයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩකයින් වන රීසා මුබාරක් සහ  අමරසිංහ සමඟ තමන්ගේ දක්ෂතා පෙන්වමින් CR&FC කණ්ඩායමට සිය සේවය ලබා දීමට සූදානමින් සිටියි.

2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීගය එළඹෙන නොවැම්බර් මස වන විට ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<