තියුණු තරගයකට පසු ශාමාල් ශූරතාව දිනාගනී

96

ශ්‍රී ලංකාවේ පැරණිතම ටෙනිස් තරගාවලියක් වන කොළඹ ශූරතා ටෙනිස් තරගාවලියේ පිරිමි විවෘත කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ සුපිරි ක්‍රීඩා තරුවක් ශාමාල් දිසානායක ඊයේ (18) සමත් විය.

රවිඳු සහ මිහිලියා තරගාවලියේ ශූරතා දිනති

වාර්තා පිට වාර්තා පිහිටවූ විසි හැවිරිදි ස්කොෂ් ක්‍රීඩා තරුව, මිහිලියා මෙත්සරණි, අවසන් මහා තරගයේ දී ෆාතොම් ඉසඩින් (Fathoum Issadeen) පරාජය කරමින් ඉකුත් 15 වැනිදා නිමා…

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය ආරම්භ කරන ලද පළමු ප්‍රධාන ටෙනිස් තරගාවලිය කොළඹ ශූරතා ටෙනිස් තරගාවලිය වන අතර (Colombo Championship Tennis tournament) මේ වසරේ දී තරගාවලිය පැවැත්වුනේ 103වන වරටයි. ඇතැම් විට අන්තර්ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සමඟින් දිවයින පුරා ප්‍රමුඛතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සෑම වසරකම තරගාවලියට එක්වේ.

මේ වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩේවිස් කුසලානයට සහභාගී වූ කොළඹ රාජකීය විද්‍යාලයේ ශාමාල් දිසානායක විශිෂ්ට තරගයකින් අනතුරුව දිනේෂ්කාන්තන් තංගරාජා පරාජය කරමින් පිරිමි විවෘත කාණ්ඩය ජය ගත්තේ ප්‍රේක්ෂකයින්ට සුපිරි තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදා කරමිනි.  

Photo Album : 103rd Colombo Championship 2018

Photos of 103rd Colombo Championship 2018

පළමු වට කිහිපයේ දී ක්‍රීඩකයින් දෙදෙනාම ඉතා පහසුවෙන් තරග ජය ගත් අතර එහි දී ශාමාල් දිසානායක විෂ්මන්ශාන්ත් චන්ද්‍රමෝහන්, ඉන්තුජන් සෙල්වරත්නරාජා, විනුජ විජේබණ්ඩාර හා සාවිත් වීරසිංහ පරාජය කරන ලදි.

SSC විවෘත පිරිමි ටෙනිස් තරගාවලියේ ශූරයා ලෙස මීට දින කිහිපයකට පෙර අභිෂේක ලැබූ දිනේෂ්කාන්තන් තංගරාජා විසින් පළමු වටවල දී තෙතවුරාජ් නිර්මලාජ්, මාක් සෙනෙවිරත්න, චාතුර්ය නිලවීර හා මුෆසාල් හුසයින් පරාජය කරන ලදි.  

ධර්මසේන හා රණවීර ජාත්‍යන්තර ටෙනිස් කිරුළක් දිනති

නි 7 වැනිදා සිට ජුනි 10 වැනිදා දක්වා චීන තායිපේ හිදී පැවැත්වුණු…

වට තුනකින් සමන්විත වූ සුපිරි අවසාන මහා තරගයේ තීරණය අවසාන වටය දක්වා රැගෙන ඒමට ක්‍රීඩකයින් දෙදෙනාම සමත්වූ අතර ශාමාල් පළමු වටය 6/2ක් ලෙස ජය ගැනීමට සමත් විය. ශාමාල් හඹා ආ තංගරාජා දෙවන වටය 6/3ක් ලෙස ජය ගත්තේ තරගය අවසන් වටය කරා රැගෙන යමිනි.

තෙවන වටයේ දී ජ්‍යෙෂ්ඨයා වූ තංගරාජා හට සුපිරි තරගයක් ලබා දුන් ශාමාල් තෙවන වටයේ 5/5ක් දක්වා රැගෙන ආ අතර ජයග්‍රාහි ලකුණ ශාමාල්ගේ  පිත්තෙන් වාර්තා වූයේ යොවුන් ශාමාල්ට  පිරිමි විවෘත කිරුල හිමිකර දෙමිනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<