වොට්සන්ගේ ගිනිකෙළිවලින් චෙන්නායි පළමු තැනට

112

IPL උණුසුම තවත් වැඩි කරමින් ෂේන් වොට්සන්ගේ සුපිරි ඉනිමේ සහයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට සමත් විය. තරගාවලියේ පැවැත්වුණේ චෙන්නායි හිදී වූ අතර චෙන්නායි කණ්ඩායම මෙතෙක් සිය සත්කාරක ක්‍රීඩාංගණය වන චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී අපරාජිතව සිටීම විශේෂත්වයක්.

“ඉන්දියාව එක්ක වගේ අපි හැම තරගයක්ම සෙල්ලම් කරනවා” – සෆ්රාස් අහමඩ්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන සෑම තරගයක දී…

ෂේන් වොට්සන්ගේ මෙවර තරගාවලියේ ආරම්භය එතරම් සාර්ථක නොවුනේ ඔහු පළමු තරග දහයේ දී ම ලකුණු 50 හේ සීමාව පසුකර යාමට අසමත් වූ නිසයි. කෙසේ වෙතත් පසුගිය වසරේ IPL අවසන් මහා තරගයේ දී සන්රයිසස් පන්දු යවන්නන්ට ශතකයකින් සංග්‍රහ කළ වොට්සන් ඊයෙත් ඒ මතය අවදි කරමින් පන්දු 53ක දී සුපිරි ලකුණු 96ක ඉනිමක් දියත් කරන්නට සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 175ක් වාර්තා කළේ මනිෂ් පාන්ඩේගේ සුපිරි ඉනිමේ සහයෙන්. පාන්ඩේ පන්දු 49ක දී ලකුණු 83 ක් වාර්තා කළ අතර සුපුරුදු පරිදි ඩේවිඩ් වෝනර් පන්දු 45ක දී ලකුණු 57ක් වාර්තා කරමින් ඉනිම ස්ථාවර කළා. ඉන්දීය ලෝක කුසලාන සංචිතයට ද පිවිසුණු විජේ ශංකර් පන්දු 20ක දී ලකුණු 26ක් රැස් කළේ ඉනිම ලකුණු 176 සීමාවට රැගෙන යමින්.   

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහි ඉලක්කය සපුරා ගත්තේ කඩුලු හතරක් දැවී තිබිය දී. චෙන්නායි ආරම්භය ඉතා මන්දගාමී වූ නමුත් ඉතා ඉක්මනට රිද්මයට පිවිසුණු ෂේන් වොට්සන් හා සුරේෂ් රයිනා තරගය සන්රයිසස් කණ්ඩායමෙන් ඉවතට ගෙන යන්නට සමත් විය. රයිනා පන්දු 24ක දී ලකුණු 38ක් රැස් කළ අතර පිටියේ ගිනිකෙළි පෙන්වූ වොට්සන් පන්දු 53ක දී හයේ පහර හයක් හා හතරේ පහර නවයක් සමඟින් ලකුණු 96ක් රැස් කරන්නට සමත් විය.

අම්බති රයිදු වටිනා ලකුණු 21ක් රැස් කළ අතර කෙදාර් ජාදව් පන්දු 10ක දී ලකුණු 11ක් රැස් කරමින් තරගය ජයග්‍රාහීව නිමා කරන්නට සමත් විය.      

  • සන්රයිසස් හයිද්‍රාබාද් 175 – 3 (20) පාන්ඩේ 83*, වෝනර් 57, හර්බජාන් සිංග් 2/39
  • චෙන්නායි සුපර් කිංග්ස් 176 – 4 (19.5) වොට්සන් 96, රයිනා 38

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<