ශකීබ්ට හා නරුල්ට එරෙහිව තරග තීරකවරයා ක්‍රියාත්මක වේ

1016

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 2018 නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන්, බංග්ලාදේශය අවසන් මොහොතේ ජයග්‍රහණය වාර්තා කර අතර තරගයේ අවසන් භාගයේ දී සිදු වූ මතභේදාත්මක තත්වය හමුවේ බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් සහ අතිරේක ක්‍රීඩක නරුල් හසන් ICC චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම නිසාවෙන් ඔවුන් හට දඩ මුදලක් පැනවීමට තරග තීරකවරයා තීරණය කර තිබේ.

[rev_slider LOLC]

ශ‍්‍රී ලංකාව හඬවා බංග්ලාදේශය අවසන් සටනට

තරගයේ තිබූ තියුණු මුහුණුවර දෙපිළේ ක්‍රීඩකයන් අතර වූ උණුසුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සත්කාරකයන්ට එරෙහිව කඩුලු…

එමෙන්ම ඔවුන් දෙදෙනාටම අයහපත් කුසලතා ලකුණු (Demerit) එක බැගින් ප්‍රදානය කිරීමට ද තීරණය කර ඇති අතර නව අයහපත් ලකුණු ප්‍රදානය කිරීමේ ක්‍රමය ආරම්භ කිරීමෙන් පසු (2016 සැප්තැම්බර් 22 පසු) අයහපත් ලකුණු ලබා ගන්නා ලද පළමු ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ මොවුන් දෙදෙනාය.

බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් හට තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් පනවා ඇති අතර ICC චර්යා ධර්ම සංග්‍රහයේ (ICC Code of Conduct for Players and Player Support Personnel) 2.1.1 කොටස (Article 2.1.1) “ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය පවත්වා ගැනීම” උල්ලංඝනය කිරීම නිසා අයහපත් කුසලතා ලකුණක් ද ප්‍රදානය කර තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩයමේ අතිරේක ක්‍රීඩක නරුල් හසන්ට ද තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් නියම කර ඇති අතර ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.1.2 කොටස උල්ලංඝනය කිරීම හෙවත් “ක්‍රීඩාවට බලපාන ලෙස අපකීර්තිමත් හැසිරීම”  යන වගන්තිය යටතේ අයහපත් කුසලතා ලකුණු හිමි කර ගෙන තිබේ.       

ශකීබ් අල් හසන් හට දඬුවම් පැනවූ සිද්ධිය දහනව වැනි පන්දුවාරයේ දෙවන පන්දුවේ දී ඇතිවූ අතර හතරේ සීමාවෙන් එපිට සිට සිය පිතිකරුවන්ට තරගය අතහැර දමා ක්‍රීඩා පිටියෙන් ඉවතට පැමිණෙන ලෙස බලපෑම් කරමින් විනිසුරු තීරණවලට එරෙහි වීම ඔහුට දඬුවම් හිමි වීමට හේතුව විය.

ඩී. එස්. – මහානාම සහෝදරයෝ සතුටින් විසිර යති

අගනගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක් වන මහානාම විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය සංවිධානය කරනු ලබන රන් මහා සටන ක්‍රිකට් ගැටුමේ 12 වැනි දිගහැරුමේ දෙවන හා අවසන් දිනය අද…

තරගය අතරතුර සිය පිතිකරුවන්ට ක්‍රීඩාගාරයෙන් පණිවුඩයක් රැගෙන යන අතරතුර ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාට ඇඟිල්ල දිගු කොට ලැජ්ජා සහගත ලෙස හැසිරීම නරුල් හසන් හට දඩ මුදල් හිමි වීමට හේතුව වී තිබේ.   

සෙනසුරාදා (17) උදෑසන ෂකිබ් හා නරුල් දෙදෙනාම සිය වරද පිළිගත් අතර ඒ අනුව ඔවුන්ට විරුද්ධව විභාගයක් නොමැතිවම දඬුවම් ක්‍රියාත්මක වනු ඇත.

සිය තීරණය ප්‍රකාශ කරමින් තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් ප්‍රකාශ කර සිටියේ තරගය තුල එම ක්‍රීඩකයින්ගේ හැසිරීම ඉතාම ලැජ්ජා සහගත බවත්, කිසිම තත්වයක දී හෝ එවැනි හැසිරීමක් අනුමත කළ නොහැකි බවත් ය. එමෙන්ම සිව්වැනි විනිසුරු ෂකිබ්ව හා පිටියේ විනිසුරු නරුල්ව නැවැත්තුවේ නැති නම් තත්වය මීටත් වඩා දරුණු වීමට තිබූ බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   

තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න

පිටියේ විනිසුරුවන් වන රවින්ද්‍ර විමලසිරි, රුචිර පල්ලියගුරුගේ, තෙවන විනිසුරු රැන්මෝර් මාර්ටිනස් හා සිව්වැනි විනිසුරු ලින්ඩන් හැනිබෙල් තරග තීරකවරයාගේ මෙම තීරණයට එකඟතාව පළකර තිබේ.

පළමු මට්ටමේ ICC චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම් සඳහා වරද විභාගයක්, තරග ගාස්තුවෙන් සියයට පනහක දඩයක් හා අයහපත් කුසලතා ලකුණු එකක් හෝ දෙකක් නියම කිරීමට තරග තීරකට බලය ලබා දී තිබේ.

කෙසේ නමුත් ප්‍රේක්ෂක අප ද එම සිදුවීම තරයේ හෙළා දකින අතර කුමන තත්වයක දී වුවත් මෙවැනි ක්‍රියා අනුමත නොකරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “මහත්වරුන්ගේ ක්‍රීඩාව” මිස මහත් හොරුන්ගේ ක්‍රීඩාවක් නොවන නිසා වෙනි.

ඊයේ ඇතිවූ තත්වය පිළිබඳ ඔබේ අදහස සහ ලබා දුන් දඬුවම සම්බන්ධව ඔබේ අදහස් පහතින් ප්‍රකාශ කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<