ශකීබ් අල් හසන්ට ක්‍රිකට් තහනම් වෙයි

155

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් හට වසර දෙකක තරග තහනමක් පැනවීමට තීරණය කර තිබේ. එහි දී එක් වසරක අත්හිටවූ තහනමක් හා වසරක තහනමක් ඔහුට පනවා ඇත. 

ප්‍රබල බංග්ලාදේශ ක්‍රීඩකයෙක් ඉන්දීය සංචාරයෙන් ඉවත් වෙයි

බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් පෞද්ගලික හේතුවක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දියානු…..

මෙම තරග තහනමට හේතුව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දක්වා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ගිවිසුමේ සඳහන් පරිදි නීති තුනක් උල්ලංඝනය කිරීම නිසාවෙනි.

එම නීති විරෝධී කටයුතු පහත පරිදි වේ. 

Article 2.4.4 – Failure to disclose to the ACU full details of any approaches or invitations he received to engage in Corrupt Conduct – in relation to the Bangladesh, Sri Lanka and Zimbabwe Tri-Series in January 2018 and / or the 2018 IPL

(මුදල් වංචා හා තරග පාවා දීම සඳහා සම්බන්ධ වීමට ලැබුණු ආරාධනා හා යෝජනා නිසි පරිදි බලධාරීන්ට දන්වා නොසිටීම. 2018 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී හා 2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී)

Article 2.4.4 – Failure to disclose to the ACU full details of any approaches or invitations he received to engage in Corrupt Conduct – in relation to a second approach in respect of the Tri-Series in January 2018

(මුදල් වංචා හා තරග පාවා දීම සඳහා ලැබුණු ආරාධනා දෙවන අවස්ථාවේ දී ද බලධාරීන්ට දන්වා නොසිටීම. 2018 තුන්කොන් තරගාවලිය අතරතුර දී)

Article 2.4.4 – Failure to disclose to the ACU full details of any approaches or invitations he received to engage in Corrupt Conduct – in relation to an IPL 2018 match between Sunrisers Hyderabad v Kings XI Punjab on 26 April 2018.

(2018 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්‍රයිසස් හයිද්‍රාබාද් හා කිංග්ස් ඉලෙවන් පන්ජාබ් තරගයේ දී තරග පාවා දීම සඳහා ලැබුණු යෝජනා හා බලපෑම් නිසි ලෙස බලධාරීන්ට දන්වා නොසිටීම) 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් පාකිස්තානයට?

මේ වසර අවසානයේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට සමගාමීව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග දෙක…

මෙම චෝදනා යටතේ ශකීබ් අල් හසන් තම වරද පිළිගත් අතර ඒ සඳහා වෙන්වූ පරීක්ෂණයක් ද පැවැත්විය. ඒ අනුව ඔහුට මෙම වසර දෙකක තරග තහනම පනවා ඇත. ඒ අනුව එළඹෙන 2020 වසරේ ඔක්තෝබර් මස 29 දක්වා ක්‍රිකට් තරග සඳහා සහභාගි වීම නීති විරෝධී වනු ඇත. ශකීබ් අල් හසන් එම දඬුවම සඳහා ද එකඟ වී ඇත. 

මේ පිළිබඳව පසුව ශකීබ් අදහස් දක්වා සිටියේය. 

“මට ගොඩක් දුකයි, මම ආදරය කරන මේ ක්‍රීඩාවෙන් තහනම් වීම ගැන. ඒත් මම මගේ සියලුම චෝදනා හා දඬුවම් පිළිගන්නවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මේ තරග පාවා දීම් වැළැක්වීම සඳහා ලොකු වැඩපිළිවෙළක් කරනවා. මම ඒකේ මට අදාළ කාර්‍යයන් කළේ නෑ. ඒක මගේ වැරැද්දක්. 

ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට මට වගේම අනෙක් ක්‍රීඩකයන් හැමෝටමත් අවශ්‍ය දූෂණවලින් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීමට. මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හා දූෂණ මර්දන ඒකකය සමඟින් සාකච්ඡා කරලා මම කරපු මේ වැරැද්ද නවක ක්‍රීඩකයන් නැවත නොකිරීමට බලාගන්නවා.”

ශකීබ්ගේ මෙම තරග තහනම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාන්‍ය අධ්‍යක්ෂක ඇලෙක්ස් මාර්ශල් ද අදහස් දක්වා සිටියේය. 

“ශකීබ් කියන්නේ ගොඩක් අත්දැකීම් තියන ක්‍රීඩකයෙක්. ඔහු මේ දූශන වැලැක්වීමේ ගොඩක් කටයුතු වලට අපිට සහයෝගය දක්වලා තියනවා. ඔහු දන්නවා ඔහුගේ වැරැද්ද හා ඒකේ බරපතළ කම. ඔහු ඒ සෑම අවස්ථාවකදීම බලධාරීන්ට දැන්විය යුතුව තිබුණා. 

ශ්‍රී ලංකා හදවත පසාරු කළ කැන්ගරු හිතුවක්කාරයා

1992 අගෝස්තු මස දිනෙක සිංහල සමාජ පිටියේ දී ක්‍රිකට් ලෝකයට නව තාරකාවක් බිහි විය. ඒ වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ…

ඔහුට විරුද්ධව තිබුණු සෑම පරීක්ෂණයක දී ම ඔහු උපරිම සහයෝගය ලබා දුන්නා. ඔහුගේ වැරැද්ද ඔහු පිළිගත්තා. ඒ වගේම ඔහුගේ දඬුවමත් ඔහු පිළිගත්තා. ඒ වගේම ඔහු ඉල්ලා සිටියා අනාගතයේ අපි පවත්වන දැනුවත් කිරීම් සඳහා සහභාගි වෙලා නවක ක්‍රීඩකයන්ට ඔහුගේ අත්දැකීම් ලබා දෙන්න. අපි ගොඩක් සතුටෙන් ඒ යෝජනාව පිළිගන්නවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<