පාකිස්තාන ක්‍රීඩකයෙකු ලෝක කුසලානය අස්සේ අසනීප වෙයි

185

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක ශදාබ් ඛාන්ට එළඹෙන එංගලන්ත තරග සංචාරය අහිමි වී තිබේ. ඒ, ඔහු අසනීප තත්ත්වයකින් පසු වීම හේතුවෙනි. සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ශදාබ් ඛාන්ට සති 4ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බව වාර්තා වේ.

අජින්කයා රහනේ නායකත්වයෙන් ඉවතට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…..

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරීම් කමිටු නිලධාරි ඉන්සමාම් උල් හක් පවසා තිබෙන්නේ ඒ අනුව ශදාබ් ඛාන් වෙනුවට යසීර් ෂාහ් එංගලන්ත සංචාරය සඳහා පාකිස්තාන සංචිතයට කැඳවන බවය.

ශදාබ් ඛාන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන පාකිස්තාන සංචිතයට ද නම් කර තිබිය. කෙසේ වෙතත් ශදාබ් එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයක නොමැති නම් හෙට (23) පෙර සංචිතය සඳහා වෙනත් ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට පාකිස්තාන තේරීම් කමිටුවට අවස්ථාව තිබේ.

හෙටින් පසුව එවැනි ආදේශකයක් සිදු කරන්නේ නම් ඊට අන්තර්ජාතික  ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය අවශ්‍ය වීම විශේෂත්වයකි. ඉන්සමාම් උල් හක් පවසා ඇත්තේ ශඩාබ් ඛාන් පාකිස්තාන ලෝක කුසලාන සංචිතය සමඟ එක්වනු ඇති බවට බලාපොරොත්තු වන බවය.

කෙසේ වෙතත් ශදාබ් ඛාන් වෙනුවට එංගලන්ත සංචාරය සඳහා නම් කළ යසීර් ෂාහ් ලෝක කුසලානයට නම් කළ පාකිස්තාන සංචිතයට ඇතුලත්ව නොමැත. එක්දින තරග 24ක දී කඩුලු 23ක් දවාගෙන තිබෙන යසීර් ෂාහ්, ටෙස්ට් තරග 4ක දී දවාගෙන ඇති කඩුලු ගණන 19කි. පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට එක්දින තරග 5ක් හා පන්දුවාර විස්සයි විස්ස තරගයක් ඇතුළත්ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<