ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අදින් (09) අවසන් වූයේ නව ශ්‍රී ලංකා වාර්තා 6ක් බිහි කරමිනි.

වාර්තා අලුත් වෙමින් ප්‍රථම දිනය නිමා වෙයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම වර්ෂය තීරණාත්මක වසරක් වී තිබෙන්නේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලීන් හේතුවෙනි. එහෙයින් පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා…

දස ප්‍රයාමය, මිටිය විසි කිරීමේ ඉසව්ව, කාන්තා මීටර් 800 ඉසව්ව, කාන්තා මීටර් 3000 බාධක මතින් දිවීමේ ඉසව්ව, තුන් පිම්ම හා රිටි පැනීම යන ඉසව්වලින් එම ශ්‍රී ලංකා වාර්තාවන් වාර්තා විය.

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න සමත් විය. ඇය මිනිත්තු 2යි තත්පර 2 දශම 55 දක්ෂතාවයක් දක්වමින් වාර්තා පොත් අලුත් කිරීමට සමත්විය.

දස ප්‍රයාම ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජන කළ පී. ඒ. කේ. කරුණාතිලක විසින් දිනා ගැනීමට සමත් විය. ඔහු මීටර් 100, 400, 1500, මීටර් 110 කඩුලුමතින් දිවීමේ ඉසව්ව, දුර පැනීම, යගුළිය විසි කිරීම, උස පැනීම, කවපෙත්ත විසි කිරීම, හෙල්ල විසි කිරීම හා රිටි පැනීම යන ඉසව් 10කට සහභාගී වී ලකුණු 6884ක් වාර්තා කරමින් පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස වාර්තා පොත් අතරට එකතු විය.

දස ප්‍රයාම (Decathlon Result)

පළමු ස්ථානය පී.ඒ.කේ. කරුණාතිලක ශ්‍රී ලංකා යුධ හමුදාව 6884
දෙවන ස්ථානය පී.ඩී. ගුරුසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාව 6077
තෙවන ස්ථානය ජී.පී.සී. රන්දික ගුරුසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාව 5782

දින දෙක තුළ දී ක්‍රීඩා 7කට සහභාගී වෙමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බී. ජී. සචිත්‍රා හර්ෂණී ජයතිලක සමත් වූයේ ලකුණු 4096ක් වාර්තා කරමිනි. පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඇය මීටර් 100 කඩුලුමතින් දිවීමේ ඉසව්ව, උස පැනීම, යගුළිය විසි කිරීම, මීටර් 200 ඉසව්ව, දුර පැනීම, හෙල්ල විසි කිරීම හා මීටර් 800 ඉසව්ව වලට සහභාගී විය.

පළමු ස්ථානය බී. ජී. සචිත්‍රා හර්ෂණී ජයතිලක ශ්‍රී ලංකා යුධ හමුදාව 4096
දෙවන ස්ථානය පී.එස්.එන්. ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුධ හමුදාව 4052
තෙවන ස්ථානය ‍එෆ්.ඩී.එම්. රණසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාව 3398

කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වෙන් නව වාර්තාවක් අද (09) දිනයේ දී බිහි කිරීමට පී.කේ.ඒ.ඒ. මදුවන්ති සමත් විය. මීටර් 47.92ක දක්ෂතාවයක් වාර්තා කළ ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ක්‍රීඩිකාවකි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඒ.ඩබ්.ඒ.එස්.එම්. අමරසිංහ ක්‍රීඩිකාවයි. මීටර් 47.03ක් දක්ෂතාවයක් ඇය විසින් වාර්තා කර තිබුණි.

පළමු ස්ථානය පී.කේ.ඒ.ඒ මදුවන්ති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 47.92
දෙවන ස්ථානය එච්.ඒ.ඒ ලක්ෂිකා ශ්‍රී ලංකා ගුවන් හමුදාව 45.90
තෙවන ස්ථානය ඒ.ඩබ්.ඒ.එස්.එම්. අමරසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාව 44.72

මීටර් 800 ඉසව්වෙනුත් නව ශ්‍රී ලංකා වර්තාවක් බිහිවිය. 2016 වසරේ යාපනයේ දී පැවති තරගාවලියක දී එම වාර්තාව තැබුවේ ඩබ්.කේ.එල්.ඒ. නිමාලි විසිනි. ඒ විනාඩි 2යි තත්පර 03ක් ලෙසයි.

එම ශ්‍රී ලංකා වාර්තාව අද දිනයේ දී නාවික හමුදාව නියෝජනය කළ ජී.ටී.ඒ. අබේරත්න විසින් බිද හෙලුවේ මිනිත්තු 2යි තත්පර 02 දශම 55කින් තරගය නිමා කරමිනි. නිමාලි දෙවැනියා ලෙස තරගය නිමා කළාය.

පළමු ස්ථානය ජී.ටී.ඒ. අබේරත්න ශ්‍රී ලංකා නාවික හමුදාව 2 : 02.55
දෙවන ස්ථානය ඩබ්. කේ.එල්. ඒ නිමාලි ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2 : 02.58
තෙවන ස්ථානය එන්.එම්.ජී. දිල්රුක්ෂි ශ්‍රී ලංකා යුධ හමුදාව 2 : 08.89

යූ.කේ.එන්. රත්නායක 2015 දී මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් තැබූ විනාඩි 10  තත්පර 09ක ශ්‍රී ලංකා වාර්තාව ඔහු විසින්ම අද බිඳ හෙලුවේ මිනිත්තු 10 තත්පර 3 දශම 94 දක්ෂතාවයක් වාර්තා කරමිනි.

පළමු ස්ථානය යූ.කේ.එන්. රත්නායක ශ්‍රී ලංකා යුධ හමුදාව 10 : 03.94
දෙවන ස්ථානය වයි.එම්.ටී.ඩී.ඩී කුමාරි ශ්‍රී ලංකා යුධ හමුදාව 11 : 14.91
තෙවන ස්ථානය එච්.කේ.අයි.ටී උදය කුමාරි ශ්‍රී ලංකා යුධ හමුදාව 11 : 42.41

තුන් පිම්ම ඉසව්වෙන් 2015 දී තබා තිබූ වාර්තාව අලුත් කරමින් නව වාර්තාවක් තැබීමට එච්.ඩී. විඳූෂා ලක්ෂාණි සමත් විය. 2015 දී දැක්වූ මීටර් 13.49ක දක්ෂතාව අද ඇය විසින්ම මීටර් 13.64ක් ලෙස වර්ධනය කර ගැනීම‍ට සමත්විය.

පළමු ස්ථානය එච්.ඩී.විඳූෂා ලක්ෂාණි ශ්‍රී ලංකා යුධ හමුදාව 13.64 + 1.4
දෙවන ස්ථානය කේ. ඒ. ටී ලක්ෂාණි ශ්‍රී ලංකා ගුවන් හමුදා 12.92 + 0.9
තෙවන ස්ථානය හංසනී ප්‍රබෝධා බාලසූරිය ශ්‍රී ලංකා පාසල් 12. 89 +0.0

රිටි පැනීමේ ඉසව්වෙන් 2016 දී යාපනයේ දී අනිත්තා ජේගතීස්වරන් තැබූ ශ්‍රී ලංකා වර්තාව මෙවර ඇය විසින්ම  බිඳ දැමීමට සමත්වීම සිදුවූ සුවිශේෂී සිදුවීමකි.

පළමු ස්ථානය ජේ. අනිත්තා ශ්‍රී ලංකා පාසල් 3.45m
දෙවන ස්ථානය පී.එම්.ඒ.එච් දිල්රුක්ෂි ශ්‍රී ලංකා යුධ හමුදාව 3.20m
තෙවන ස්ථානය එස්. ඩී. බානසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 3.10m

දින 2 තුළ පැවති පිරිමි ඉසව්වල අවසන් ප්‍රතිඵල.

  • මීටර් 100
පළමු ස්ථානය ඒ.එල්.එම්. අස්රොෆ් ශ්‍රී ලංකා යුධ හමුදාව 10.68
දෙවන ස්ථානය ඩබ්.පී.ඩී.කේ. විජේරත්න ශ්‍රී ලංකා යුධ හමුදාව 10.90
තෙවන ස්ථානය එම්.එස්.එම්. සෆ්රාන් ශ්‍රී ලංකා යුධ හමුදාව 10.93
  • මීටර් 200
පළමු ස්ථානය එම්.වී. සුරංජය ද සිල්වා 21.26
දෙවන ස්ථානය එච්.එස්. කුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව 21.76
තෙවන ස්ථානය කේ. එච්.ඒ. චමෝද විදුරංග කෑගල්ල DAA 21.93
  • මීටර් 400
පළමු ස්ථානය එච්. එම්. දිලිප් රුවන් ශ්‍රී ලංකා යුධ හමුදාව 46.46
දෙවන ස්ථානය එච්.කේ. කලිංග කුමාරගේ ශ්‍රී ලංකා යුධ හමුදාව 46.76
තෙවන ස්ථානය එම්.ජී.ඒ. ප්‍රේමකුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව 46.76
  • මීටර් 800
පළමු ස්ථානය එච්.ඊ.එම්.අයි.ජී. ඉඳුනිල් හේරත් ශ්‍රී ලංකා යුධ හමුදාව 1: 49.90
දෙවන ස්ථානය එච්.එම්.එස්. කුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව 1: 50.18
තෙවන ස්ථානය එම්.එම්.කුපුන් කුශාන්ත ශ්‍රී ලංකා යුධ හමුදාව 1: 50.29
  • මීටර් 1500
පළමු ස්ථානය ආර්.ඒ.ඩී.එච්. කුමාර පොලිස් ක්‍රීඩා සමාජය 3: 53.59
දෙවන ස්ථානය ආර්. ඒ. සංජීව ලක්මාල් ශ්‍රී ලංකා යුධ හමුදාව 3: 53.82
තෙවන ස්ථානය ඕ.ටී.ආර්. චතුරංග ශ්‍රී ලංකා යුධ හමුදාව 3: 56.18
  • මීටර් 5000
පළමු ස්ථානය ඒ.කේ. තරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාව 14: 51.20
දෙවන ස්ථානය ඩී.එම්.ඩී.එස්. දිසානායක ශ්‍රී ලංකා යුධ හමුදාව 14 :59 .67
තෙවන ස්ථානය ජී.එම්.ජී.ආර්.එස්. විජේවික්‍රම ශ්‍රී ලංකා යුධ හමුදාව 15:00. 72
  • මීටර් 10000
පළමු ස්ථානය බී.යූ. විජිතකුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව 31 : 32.00
දෙවන ස්ථානය කේ.ඒ. සුරේන් රත්නායක ශ්‍රී ලංකා යුධ හමුදාව 31 : 43.24
තෙවන ස්ථානය වයි.පී.එම්. ගුණතිලක ශ්‍රී ලංකා යුධ හමුදාව 31 : 47.22
  • මීටර් 110 කඩුලු මතින් දිවී‍ම
පළමු ස්ථානය කේ.පී.එච් නිර්මාල් ශ්‍රී ලංකා නාවික හමුදාව 14.54
දෙවන ස්ථානය ඒ.ඒ.එස්.එස්. අමරතුංග ශ්‍රී ලංකා නාවික හමුදාව 14.63
තෙවන ස්ථානය ඊ.ජී.ඊ. හසිත කුමාර ශ්‍රී ලංකා නාවික හමුදාව 14.95
  • මීටර් 400 කඩුලු මතින් දිවීම
පළමු ස්ථානය එස්.එම්. අරවින්ද චතුරංග ශ්‍රී ලංකා යුධ හමුදාව 52.67
දෙවන ස්ථානය ඒ.එල්.ඒ.අයි. රත්නසේන ශ්‍රී ලංකා ගුවන් හමුදාව 51.83
තෙවන ස්ථානය යූ.බී.ඩී.එම්.එස්. රාජපක්ෂ ශ්‍රී ලංකා පාසල් 52.85
  • මීටර් 3000 බාධක දිවීම
පළමු ස්ථානය ආර්.එම්.එස්. පුෂ්පකුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව 8:55.80
දෙවන ස්ථානය එස්. චන්ද්‍රදාසන් ශ්‍රී ලංකා යුධ හමුදාව 9:14.22
තෙවන ස්ථානය එච්.එම්. සුරේන් කරුණාරත්න ශ්‍රී ලංකා යුධ හමුදාව 9:15.96
  • උස පැනීම
පළමු ස්ථානය ඩබ්.පී. මංජුල කුමාර ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2.25m
දෙවන ස්ථානය ඩබ්.පී.ඒ.කේ. පතිරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2.09m
තෙවන ස්ථානය ඒ.පී.ජී.ඩී.කේ.කේ ගුරුගේ ශ්‍රී ලංකා යුධ හමුදාව 2.05m
  • දුර පැනීම
පළමු ස්ථානය ඩී.එම්. ලියනපතිරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 7.74m
දෙවන ස්ථානය එම්.ටී.මිෆ්රාන් ශ්‍රී ලංකා යුධ හමුදාව 7.73m
තෙවන ස්ථානය එල්. ග්‍රේසන් දිසානායක ශ්‍රී ලංකා යුධ හමුදාව 7.72m
  • රිටි පැනීම
පළමු ස්ථානය එම්.එච්.අයි. සදරුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 4.90m
දෙවන ස්ථානය ඒ.සී. ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුධ හමුදාව 4.50m
තෙවන ස්ථානය එච්.ඩී. චින්තක දිනේෂ් ශ්‍රී ලංකා යුධ හමුදාව 4.40m
  • තුන් පිම්ම
පළමු ස්ථානය සී.ජී.එස්.ටී. සෙනවිරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව 16.07m
දෙවන ස්ථානය ටී.ඒ.ඩී.වී. තිලකරත්න ශ්‍රී ලංකා යුධ හමුදාව 15.97m
තෙවන ස්ථානය අයි.ඩී.එස්.එස් ජයසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාව 15.87m
  • යගුළිය විසි කිරීම
පළමු ස්ථානය ආර්.සමිත ජයවර්ධන ශ්‍රී ලංකා යුධ හමුදාව 15.55m
දෙවන ස්ථානය ඒ.ජේ.ඩී. පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාව 15.45m
තෙවන ස්ථානය එස්. ජයක්දි ශ්‍රී ලංකා යුධ හමුදාව 14.54m
  • කවපෙත්ත විසි කිරීම
පළමු ස්ථානය කේ.ජී.යූ.පී. ජයවර්ධන ශ්‍රී ලංකා නාවික හමුදාව 51.36m
දෙවන ස්ථානය ඉසෙඩ්.ටී.එම්. ආසික් ශ්‍රී ලංකා යුධ හමුදාව 42.10m
තෙවන ස්ථානය කේ.එම්.එස්. නිරෝෂන පොලිස් ක්‍රීඩා සමාජය 41.80m
  • හෙල්ල විසි කිරීම
පළමු ස්ථානය ආර්.පී.ඩබ්.එල් දයාරත්න ශ්‍රී ලංකා යුධ හමුදාව 82.19m
දෙවන ස්ථානය ඩී.එස්. රණසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාව 76.95m
තෙවන ස්ථානය එෆ්.එම්.එස් ජගත් රණසිංහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය 73.33m
  • මිටිය විසි කිරීම
පළමු ස්ථානය එම්.ආර්.සිරිකුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව 48.61m
දෙවන ස්ථානය එල්.ඒ.ඩී.ඊ.පී. ඇලන්සන් ශ්‍රී ලංකා යුධ හමුදාව 47.59m
තෙවන ස්ථානය කේ. නිලන්ත ශ්‍රී ලංකා යුධ හමුදාව 45.38m

දින 2 තුළ පැවති කාන්තා ඉසව්වල අවසන් ප්‍රතිඵල

  • මීටර් 100
පළමු ස්ථානය ආර්.එම්. රුමේෂිකා රත්නායක කෑගල්ල DAA 11.92
දෙවන ස්ථානය ඩබ්.වී.එල් සුගන්දි ශ්‍රී ලංකා යුධ හමුදාව 12.32
තෙවන ස්ථානය එස්.එල්. විදානදුරුගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 12.40
  • මීටර් 200
පළමු ස්ථානය ආර්.එම් රුමේෂිකා රත්නායක කෑගල්ල DAA 24.21
දෙවන ස්ථානය පී.ජී.එන්. මදුෂිකා ශ්‍රී ලංකා ගුවන් හමුදාව 24.51
තෙවන ස්ථානය එම්.ඒ.එස්.එස් ජයතිලක ශ්‍රී ලංකා යුධ හමුදාව 25.16
  • මීටර් 400
පළමු ස්ථානය ඊ.ඩබ්.යූ. රත්නකුමාර ශ්‍රී ලංකා යුධ හමුදාව 54.81
දෙවන ස්ථානය පී.ජී.එන්. මදුෂිකා ශ්‍රී ලංකා ගුවන් හමුදාව 55.14
තෙවන ස්ථානය ඩී.පී. හංසනී ශ්‍රී ලංකා ගුවන් හමුදාව 56.76
  • මීටර් 800
පළමු ස්ථානය ජී.ටී.ඒ අබේරත්න ශ්‍රී ලංකා නාවික හමුදාව 2:02.55
දෙවන ස්ථානය ඩබ්.කේ.එල්.ඒ. නිමාලි ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2:02.58
තෙවන ස්ථානය එන්.එම්.ජී. දිල්රුක්ෂි ශ්‍රී ලංකා යුධ හමුදාව 2:08.89
  • මීටර් 1500
පළමු ස්ථානය ජී.ටී.ඒ.අබේරත්න ශ්‍රී ලංකා නාවික හමුදාව 4:20.10
දෙවන ස්ථානය එන්.එම්.ජී. දිල්රුක්ෂි ශ්‍රී ලංකා යුධ හමුදාව 4:31.00
තෙවන ස්ථානය එම්.එන්. ප්‍රියදර්ෂණී ලංකා සිංහ ක්‍රීඩා සමාජය 4:33.99
  • මීටර් 5000
පළමු ස්ථානය එස්.ඒ. ලේකම්ගේ ශ්‍රී ලංකා නාවිකා හමුදාව 17:21.41
දෙවන ස්ථානය බී.ඩී.එච්.ටී. ප්‍රියදර්ශණී ශ්‍රී ලංකා ගුවන් හමුදාව 18:02.80
තෙවන ස්ථානය එච්. ඩබ්.සී. දමයන්ති ශ්‍රී ලංකා යුධ හමුදාව 18:24.30
  • මීටර් 10000
පළමු ස්ථානය ඒ.එන්.එල් ආරියදාස ශ්‍රී ලංකා ගුවන් හමුදාව 36:43.82
දෙවන ස්ථානය ඒ.එල්.එස්.ඩී ලියනගේ ශ්‍රී ලංකා යුධ හමුදාව 38:11.91
තෙවන ස්ථානය වී. ක්‍රිශාන්ති ශ්‍රී ලංකා නාවික හමුදාව 38:35.08
  • මීටර් 100 කඩුලු මතින් දිවීම
පළමු ස්ථානය ඩබ්.වී. එල් සුගන්දි ශ්‍රී ලංකා යුධ හමුදාව 14.78
දෙවන ස්ථානය ඩී. පී. මොහොට්ටාල ශ්‍රී ලංකා ගුවන් හමුදාව 15.28
තෙවන ස්ථානය එච්. ඩබ්.කේ. හපුආරච්චි ශ්‍රී ලංකා යුධ හමුදාව 15.44
  • මීටර් 400 කඩුලු මතින් දිවීම
පළමු ස්ථානය අයි.ජී.එන්.ඩී. වික්‍රමසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාව 1:00.89
දෙවන ස්ථානය එන්.ඩී.ජී.එන් ලක්මාලි ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1:01.17
තෙවන ස්ථානය ඊ.පී. කෞෂල්‍යා ශ්‍රී ලංකා යුධ හමුදාව 1:01.37
  • මීටර් 3000 බාධක දීවීම
පළමු ස්ථානය යූ.කේ.එන්. රත්නායක ශ්‍රී ලංකා යුධ හමුදාව 10:03.94
දෙවන ස්ථානය වයි.එම්.ටී.ඩී.ඩී. කුමාරි ශ්‍රී ලංකා යුධ හමුදාව 11:14.91
තෙවන ස්ථානය එච්.කේ.අයි.ටී. උදය කුමාරි ශ්‍රී ලංකා යුධ හමුදාව 11:42.41
  • උස පැනීම
පළමු ස්ථානය ඩී.කේ. රණසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාව 1.81m
දෙවන ස්ථානය එම්.කේ. පූර්ණිමා ජයමාලි ශ්‍රී ලංකා පාසල් 1.78m
තෙවන ස්ථානය එස්. එම්.එම්. මදුෂානි ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1.60m
  • දුර පැනීම
පළමු ස්ථානය කේ.කේ.ආර්.එන්. අබේරත්න ශ්‍රී ලංකා පාසල් 6.08m
දෙවන ස්ථානය අංජානි පුල්වංස කොළඹ DAA 5.75m
තෙවන ස්ථානය එන්.ඒ.ඩී. ධනංජනී ශ්‍රී ලංකා යුධ හමුදාව 5.71m
  • රිටි පැනීම
පළමු ස්ථානය ජේ. අනිත්තා ශ්‍රී ලංකා පාසල් 3.45m
දෙවන ස්ථානය පී.එම්.ඒ.එච්. දිල්රුක්ෂි ශ්‍රී ලංකා යුධ හමුදාව 3.20m
තෙවන ස්ථානය එස්.ඩී බානසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 3.10m
  • තුන් පිම්ම
පළමු ස්ථානය එච්.ඩී. විඳූෂා ලක්ෂානි ශ්‍රී ලංකා යුධ හමුදාව 13.64 +1.4
දෙවන ස්ථානය කේ.ඒ.ටී. ලක්ෂානි ශ්‍රී ලංකා ගුවන් හමුදාව 12.92 +0.9
තෙවන ස්ථානය හංසනී ප්‍රබෝදා බාලසූරිය ශ්‍රී ලංකා පාසල් 12.89 + 0.0
  • යගුළිය විසි කිරීම
පළමු ස්ථානය ඩබ්.ටී.කේ. ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාව 14.46m
දෙවන ස්ථානය එම්.එන්.ඩී. මතුනායක ශ්‍රී ලංකා නාවික හමුදාව 12.55m
තෙවන ස්ථානය පී.ඒ. ප්‍රියංගිකා කුමාරි පොලිස් ක්‍රීඩා සමාජය 12.08m
  • කවපෙත්ත විසි කිරීම
පළමු ස්ථානය පී.කේ.ඒ.ඒ. මදුවන්ති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 40.94m
දෙවන ස්ථානය ඩබ්.එම්.එස්.කේ. වීරසේකර ශ්‍රී ලංකා ගුවන් හමුදාව 34.26m
තෙවන ස්ථානය ඊ.පී. නිල්මිණී ශ්‍රී ලංකා යුධ හමුදාව 33.25m
  • හෙල්ල විසි කිරීම
පළමු ස්ථානය එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ ශ්‍රී ලංකා යුධ හමුදාව 51.53m
දෙවන ස්ථානය එච්.පී.ඩී.එච්. මදුවන්ති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 45.09m
තෙවන ස්ථානය කේ.එම්.පී. ද සිල්වා ශ්‍රී ලංකා නාවික හමුදාව 44.70m
  • මිටිය විසි කිරීම
පළමු ස්ථානය පී.කේ.ඒ.ඒ. මදුවන්ති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 47.92m
දෙවන ස්ථානය එච්.ඒ.ඒ ලක්ෂිකා ශ්‍රී ලංකා ගුවන් හමුදාව 45.90
තෙවන ස්ථානය ඒ.ඩබ්.ඒ.එස්.එම්. අමරසිංහ ශ්‍රී ලංකා යුධ හමුදාව 44.72

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට