බංගලි අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා නැගී එන පිළ සූදානම් ද?

430

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කළාපයට අයත් රටවල් 8 ක නැගී එන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් මේ වන විට පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය හෙවත් අර්ධ අවසන් වටයේ තරග ලබන දෙසැම්බර් 13 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සහ සී. සී. සී පිටියේ දී පැවැත්වෙනු ඇත.

කොදෙව් දේශයට යන එංගලන්ත සංචිතය නිකුත් වේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 23 වැනිදා සිට මාර්තු මස 10 වැනිදා දක්වා පැවැත්වෙන…

මූලික තරග වටයේ දී ඇෆ්ගනිස්තානයට සහ ඕමාන් පිළට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැනට පත් වූ ඉකුත් වසරේ ශූරතාවය ද දිනාගනු ලැබූ ශ්‍රී ලංකා නැගී එන පිළ සමඟින් මූලික වටයේ මුහුණ දුන් තරග 3 න් 2 ක් ජයගනිමින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි තැනට පත් වූ බංගලාදේශ නැගී එන කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීද ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල පළමු ස්ථානවලට පත් ඉන්දියාව සහ පාකිස්තානය කොළඹ සී. සී. සී. පිටියේ දීද අදාළ අර්ධ අවසන් වටය සඳහා තරග වැදීමට නියමිතයි.

එම මූලික වටයේ තරග යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ බංගලාදේශ කණ්ඩායම ලකුණු 97 ක පරාජයක් ලැබුව ද, අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීම සඳහා පාකිස්තානය සමඟ පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 84 ක ජයක් වාර්තා කරමින් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනෙයි. එම තරගයේ දී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 කට ලකුණු 309 ක දැවැන්ත ඉනිමක් ගොඩනැගූ බංගලාදේශ ක්‍රීඩකයින් පාකිස්තානු ඉනිම පන්දුවාර 46.5 කදී ලකුණු 225 කට සීමා කරමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය. එම තරගයේ දී බංගලාදේශය වෙනුවෙන් ටෙස්ට් වරම් ලාභී මොසදෙක් හොසේන් නොදැවී ලකුණු 85 ක් රැස්කර ගත්තේය.

IPL සත්කාරකත්වය පිළිබඳ අර්බුදය උග්‍ර වෙයි

IPL තරගාවලියේ දොළොස්වැනි අදියර ලබන වසරේ මාර්තු මස 29 වැනිදා ඇරඹීමට කටයුතු සූදානම් කරමින් පවතින බව BCCI හෙවත් ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලය පසුගිය දිනක…

මෙම කණ්ඩායම් දෙකෙහි සංයුතින් සංසන්දනය කිරීමේ දී දෙපිළේම ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි විස්ස තරග අත්දැකීම් ඇති ක්‍රීඩකයන් ඇතුළත්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න හැර එකතුව සිටින අනෙක් ක්‍රීඩකයන් අතරින් සිව් දෙනෙක් එනම් අසිත ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි, අවිශ්ක ප්‍රනාන්දු සහ ෂෙහාන් මධුශංක යන ක්‍රීඩකයින් එක්දින තරග අත්දැකීම් පමණක් ලබා ඇති ක්‍රීඩකයින් වේ.

බංගලාදේශ කණ්ඩායම සැලකු විට එය ශ්‍රී ලංකා පිළෙහි සංයුතියට හාත්පසින්ම වෙනස් වන්නේ එම කණ්ඩායමට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් 6 දෙනෙකු සහ එක්දින තරග වරම් ලාභී ක්‍රීඩකයින් දෙදෙනකු ඇතුළත්ව සිටීමයි. මොසදෙක් හොසේන්,  නයීම් හසන්, නජ්මුල් හොසේන්, ශෆියුල් ඉස්ලාම්, ඛලීඩ් අහමඩ් සහ නායක නුරුල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයින් වන අතර විස්සයි විස්ස තරග අංශයෙන් ජාත්‍යන්තර වරම් ලැබූ ක්‍රීඩකයින් ලෙස අෆීෆ් හොසේන් සහ සකීර් හසන් බංගලි කණ්ඩායමට එක්ව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් චරිත් අසලංක ඕමාන නැගී එන කණ්ඩායම සමඟ පැවැති පළමු තරගයේදීම ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශම්මු අශාන් හට පැවරී තිබේ. අශාන් තවමත් ජාත්‍යන්තර තරග වරම් දිනා නොසිටියත් මූලික වටයේ දී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන කාර්යයක් ඉටු කිරීමට සමත් විය. පෙර පැවැති තරග අතුරින් සමස්ථයක් ලෙස ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායම ද කිසියම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට සමත්ව සිටින අතර එහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතර තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඉදිරියෙන්ම පසුවෙයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරග කාල සටහන

පළමු අර්ධ අවසන් තරගය – ඉන්දියානු නැගී එන කණ්ඩායම සහ පාකිස්තාන නැගී එන කණ්ඩායම අතර කොළඹ සී. සී. සී. පිටියේ දී

දෙවන අර්ධ අවසන් තරගය 2 – ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන
රට තරග ජය පරාජ නොවිසඳුණු ප්‍රසාද  ලකුණු දළ වේගය
‘ඒ’ කාණ්ඩය
ඉන්දියාව 3 3 0 0 6 0.928
ශ්‍රී ලංකාව 3 2 1 0 4 0.673
ඇෆ්ගනිස්තානය 3 1 2 0 2 0.228
ඕමානය 3 0 3 0 0 -1.82
‘බී’ කාණ්ඩය
පාකිස්තානය 3 2 1 0 4 1.389
බංග්ලාදේශය 3 2 1 0 4 0.100
එක්සත් අරාබි එමීර් 3 1 1 1 3 0.449
හොංකොං 3 0 2 1 1 -2.53

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<