දැල්පන්දු ලෝක හා ආසියානු ශුරතාවයන්ට ක්‍රීඩිකාවන් සොයයි

264
World Youth Netball Championships

2017 ආසියානු ශූරතා යොවුන් දැල්පන්දු තරගාවලිය හා ලෝක ශූරතා කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය සඳහා වන පුහුණු සංචිත තෝරා පත්කරගැනීම මේ දිනවලදී ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය විසින් සිදුකරනු ලැබේ.

පසුගිය ලිපි: දැල්පන්දු ශූරතා දෙකක් ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

පසුගිය අගෝස්තු මස 21 වන දින පැවතී ශ්‍රී ලංකා දැල්පන්දු මහා සංගම් රැස්වීමේදී ගන්නා ලද නිර්ණායක අනුකූලව මෙම තෝරා පත්කර ගැනීම සිදු කිරීමට නියමිත බව එම සංගමය විසින් දැනුම් දෙන ලදි.

එම නිර්ණායකයන්,

  • ක්‍රීඩිකාවන්ගේ උස – අඩි 5 අගල් 6ට වැඩි වීම.
  • වයස – 1996 ජනවාරී 01ට පසු උපත ලබා තිබීම.
  • ක්‍රීඩක සංඛ්‍යාව -10 පමණි.

මේ අතර අඩි 5යි අගල් 2ට වැඩි විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් සිටී නම් වෙනම ඉදිරිපත් වීමට හැකි.

තවද ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එම සංචිතය සදහා පහත නිර්ණායකයන්ට අනුකූලව ක්‍රීඩිකාවන් බඳවා ගැනීම සිදුකෙරේ.

  • ක්‍රීඩිකාවන්ගේ උස – අඩි 5 අගල් 6ට වැඩි වීම.
  • වයස -අවු 30ට අඩු වීම.
  • ක්‍රීඩක සංඛ්‍යාව – 10 පමණයි.

පසුගිය අගෝස්තු මාසයේ පැවතී ආසියානු ශූරතා දැල් පන්දූ තරගාවලියේ අවසාන මහා තරගයේදී මැලේසියාව හමුවේ පරාජයට පත්වී අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට සිදු වූ අතර එළැබෙන 2017 වර්ෂයේ දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් තරගාවලිය ජයග්‍රහණය කිරීම ප්‍රධාන අරමුණ වන අතර  ඉහත නිරණායක අනුකූලව දැල්පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  අයදුම්පත් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ලේකම් වෙත ලැබීමට සලස්වන ලෙස එම සංගමය වැඩිදුරටත් දන්වා සිටියි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට