ජාතික පාපන්දු සංචිතයන් තේරීමට සූදානම්

562

මෙම වසරේ දී (2019) වයස අවුරුදු 23න් පහළ ජාතික පාපන්දු සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරා පත්කර ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත. ඒ අනුව ක්‍රීඩකයින් තෝරාගැනීමේ මූලික පරීක්ෂණ මෙම මස (ජනවාරි) 07 වැනිදා උදෑසන සිට බැද්දගාන ජාතික පාපන්දු පුහුණු පාසලේ දී පැවැත්වීමට නියමිතයි.

හැංගිහොරා නත්තල් රැගෙන ගිය පාපන්දු තරුව

ලොව පුරා වෙසෙන සියලුම කතෝලිකයන් විසින් සමරන ප්‍රධානතම උත්සවය…..

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සහ වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙවර ජාතික පාපන්දු සංචිතය තෝරාගනු ලබයි. ක්‍රීඩකයින් තෝරාගැනීමේ මූලික පරීක්ෂණ සඳහා සහභාගී විය හැක්කේ 1997 වසරේ ජනවාරි මස 01 වැනිදා හෝ ඉන්පසු උපන් ක්‍රීඩකයින්ට පමණි.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකරු සුනිල් සේනාවීර මහතා සම්බන්ධ කරගන්නා ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දන්වා සිටියි. (දුරකථන අංකය – 0777110604)

තෝරා පත්කර ගන්නා ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය එළඹෙන මාර්තු මස බහරේන් හිදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කරනු ඇත. සත්කාරක බහරේනය, ශ්‍රී ලංකාව, පලස්තීනය සහ බංගලාදේශය B කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

ප්‍රබල සහිරාවන් පරදා රාජකීයයන් අවසන් මහා තරගයට

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලිය ….

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අවසන් වරට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ 1995 වසරේ දී වන අතර 1993 වසරේ දී අනුශූරතාවය හිමිකර ගෙන ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<