අවුරුදු 16න් පහළ AFC තරගාවලියට ක්‍රීඩකයින් තේරීම

224

2018 වසරේ දී පැවැත්වීමට නියමිත අවුරුදු 16න් පහළ ආසියානු පාපන්දු තරගාවලියට සහභාගී වන අවුරුදු 16න් පහළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේ කටයුතු මෙම මස 27 සහ 28 දෙදින කොළඹ නාගරික පාපන්දු සංකීර්ණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු සුදානම් කර ඇත.

FA කුසලානය යුධ හමුදාව දෑතට

කාගිල්ස් Food City මගින් සවිබල ගන්වනු ලබන FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය..

2002 ජනවාරි මස 01 වන දින හෝ ඊට පසුව උපන් පහත ප්‍රදේශ වල ක්‍රීඩකයින් අදාළ දිනවල පෙ.ව. 7.30 වන විට නාගරික පාපන්දු සංකීර්ණය වෙත පැමිණිය යුතුය.

2017 මැයි 27 කොළඹ සිටි පාපන්දු සංකීර්ණයේ දී – පෙ.ව. 7.30

උතුරු පළාත – යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව, වලිකාමම්, මන්නාරම, පේදුරු තුඩුව

නැගෙනහිර පළාත – ත්‍රිකුණාමලය, මුතූර්, කින්නියා, කිච්චවේලි, මඩකලපුව, අම්පාර, කාත්තන්කුඩි

මධ්‍යම පළාත – මහනුවර, ගම්පොළ, නාවලපිටිය, මාතලේ, බදුල්ල, බණ්ඩාරවෙල, හැටන්, නුවර එළිය, බිබිල, මොනරාගල

උතරු මැද/ වයඹ – අනුරාධපුර, පොලොන්නරුව පුත්තලම, හලාවත, වෙන්නප්පුව, කුරුණෑගල, කෑගල්ල

2017 මැයි 28 කොළඹ සිටි පාපන්දු සංකීර්ණයේ දී – පෙ.ව. 7.30

දකුණු පළාත – අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, හම්බන්තොට, කතරගම, තංගල්ල, අවිස්සාවේල්ල, රත්නපුර

බස්නාහිර පළාත – මීගමුව, ජා-ඇල, කඳාන වත්තල, ගම්පහ, කැලණිය, කිරිබත්ගොඩ, කොළඹ, කෝට්ටේ, රත්මලාන, මොරටුව, පානදුර, කළුතර, බේරුවල

මෙම තරගාවලිය සඳහා ප්‍රථම වරට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ‘A’ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් වන්නේ උස්බෙකිස්තානය, සෞදි අරාබිය, ජෝර්දානය සහ බහරේනය යි. 2016 වසරේ පැවති තරගාවලියේ දී උස්බෙකිස්තානය 5 වන ස්ථානය දිනා ගත් අතර සෞදි අරාබිය 11 වන ස්ථානය දින ගැනීමට සමත් විය.

තරගාවලියේ කාණ්ඩ 10යේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් 10 සහ ඉහළින්ම සිටින අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායම් 05, සත්කාරක කණ්ඩායම සමඟ තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට