ශ්‍රී ලංකාවෙන් එක් කෙනෙක් විතරක් පාකිස්තාන් ප්‍රිමියර් ලීගයට

116

2020 පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලාහෝර් ක්වාලෑන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න හට අවස්ථාව උදාවී තිබේ. මෙම පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ එළඹෙන 2020 වසරේ මාර්තු මස 22 ආරම්භ වීමට නියමිතය.

කෝලිගේ සුපුරුදු වැනිල්ලෙන් ඉන්දියාවට ජය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර…….

මෙහි ඇති සුවිශේෂී කරුණ වන්නේ ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබූ ක්‍රීඩකයන් 6 දෙනා අතරින් කණ්ඩායමක් සඳහා තෝරාගෙන ඇත්තේ සීකුගේ ප්‍රසන්න පමණක් වීමයි. ඔහු තරගාවලියේ silver කාණ්ඩය යටතේ ඉදිරිපත් වී සිටියේය.

එහි platinum හා diamond කාණ්ඩ සඳහා ඉදිරිපත් වී සිටි ක්‍රීඩකයන් කිසිවෙක් මෙම තරගාවලිය සඳහා තෝරාගෙන නොමැත. එම ක්‍රීඩකයන් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලි සඳහා සහභාගි වීමට සිදුව තිබීම එයට එක් හේතුවකි.

මෙම තරගාවලිය සඳහා Platinum කාණ්ඩය නියෝජනය කරමින් ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා එක්ව සිටි අතර Diamond කාණ්ඩය යටතේ නිරෝශන් දික්වැල්ල, ධනුශ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක හා ඉසුරු උදාන එක්ව සිටියහ. 

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා වූ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය නොවැම්බර් මස 03 වැනිදා ආරම්භ වූ අතර එය අවසන් වූයේ දෙසැම්බර් මස 06 වැනිදා ය. එහි දී පසුගිය තරගාවලියේ කණ්ඩායම්වල ක්‍රීඩකයන් 8 දෙනෙකු හුවමාරු කිරීම සඳහා අවසරය ලබා දී තිබුණි.

සීකුගේ ප්‍රසන්න ශ්‍රී ලංකා සංචිතයන් සඳහා ඇතුළත් නොවන නමුත් ඔහු ලොව පුරා ඇති ප්‍රිමියර් ලීග් තරගාවලි රැසක් සඳහා තම දායකත්වය සපයා ඇත. පසුගිය කාලයේ දී ඔහු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ අතර අබුඩාබි T10 තරගාවලිය සඳහා ක්වාලෑන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළේය. 

නේපාලය පරදවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ SAG අවසන් තරගයට!

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද (06) පැවති කාන්තා විස්ස තරගයකින්…..

2020 පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සීකුගේ ප්‍රසන්න ක්‍රිස් ලින්, මොහොමඩ් හෆීස්, සමිත් පටෙල් හා බෙන් ඩන්ක් සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතය. 

පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම තරගාවලිය තරග 34කින් සමන්විත වන අතර එම තරග සියල්ල ලාහෝර්, කරච්චි, මුල්තාබ් හා රාවල්පින්ඩි නගරවල පැවැත්වීමට සංවිධානය කර ඇති අතර හදිසි අවස්ථාවක් සඳහා එක්සත් අරාබි එමීර් හි ක්‍රීඩාංගණය ද සූදානම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<