67 වැනි රන් සටනට වැඩි වාසි සහිතව එක් වන සාන්ත සෙබස්තියන් විද්‍යාලය, 2011 වසරේ හිමි කර ගත් කුසලානය තම සන්තකයේ තබා ගැනීමට බලාපොරොත්තු වන අතර වේල්ස් කුමර විද්‍යාලය කුසලානය නැවතත් තමන් සතු කර ගැනීමේ අධිෂ්ඨානයෙන් පසුවනු ඇත.

“මොරටුව කිව්වොත් එක්කෝ බයිලා, එක්කෝ ක්‍රිකට්” – සජීව ද සිල්වා

වමත් වේගපන්දු යවන්නෙකු යනු ක්‍රිකට් කණ්ඩායමකට වත්කමකි. වසීම් අක්‍රම්, නේදන් බ්‍රැකන්, සහීර් ඛාන් වැනි ලෝක ප්‍රකට වමත් වේගපන්දු යවන්නන් ලොව හෙල්ලූ ආකාරය ගැන අදටත් අපට මතක තිබේ.

තරගාවලියේ ඉතිහාසය

මොරටුවේ පිහිටා ඇති මෙම කීර්තිමත් විද්‍යාලය ද්විත්වය අතර මෙම මහා ක්‍රිකට් තරගය ආරම්භ වූයේ 1933 වර්ෂයේ දීය. මෙම පාසල් ද්විත්වය අතර මේ වන තෙක් පැවතී තරග අතරින් වේල්ස් කුමර විද්‍යාලය තරග 6කින් ජයග්‍රහණය කර ඇති අතර, සෙබස්තියන් විද්‍යාලයට ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 3ක් පමණි. ප්‍රේම්ලාල් ප්‍රනාන්දු යටතේ 1977 දි අවසන් වරට වේල්ස් කුමර විද්‍යාලය තරගාවලියක් ජයග්‍රහණය කර ඇති අතර සනීත ද මෙල් යටතේ සෙබස්තියන් විද්‍යාලය අවසාන වරට ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ 2011 වසරේ දීය.

තවද වාර්තා වී ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව (415/9) වාර්තා කලේ 1958 වර්ෂයේ දී වේල්ස් කුමර විද්‍යාලය විසිනුයි. සෙබස්තියන් විද්‍යාලයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන කඩුලු 7කට ලකුණු 355ක් වාර්තා කලේ 1937 වර්ෂයේ දීයි.

වේල්ස් කුමර විද්‍යාලය සහ සෙබස්තියන් විද්‍යාලය ලබා ගෙන ඇති අඩුම ලකුණු ලෙස වාර්තා වන්නේ පිළිවෙළින් ලකුණු 67ක් සහ 36ක්ය. ඒ 1984 වර්ෂයේ දීයි.

වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් වැඩිම ලකුණු රැස් කර ඇත්තේ නිලන්ත බෝපගේය (ලකුණු 179 – 1991). සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණ රැස් කරගත්තේ ජෙරල්ඩ් මෙන්ඩිස් (ලකුණු 148) විසිනුයි.

Star studded St. Sebastian’s target 67th Battle of the Golds

A bit of History Much like their counterparts Prince of Wales College, St. Sebastian’s have also produced National cricketers in the calibre of Duleep…

සාන්ත සෙබස්තියන් විද්‍යාලය

A කාණ්ඩයේ 5 වන තැන හිමි කරගනිමින් තරගාවලියට අවතීර්ණය වුවද, එම ස්ථානය කණ්ඩායමට වඩාත් උචිත ස්ථානය නම් නොවේ. එක් ජයග්‍රහණයක් ද, ජය පරාජයෙන් තොර තරග 5ක් ද, එක් පරාජයක් ද සමඟ කිසිදු අතිරේක ප්‍රතිඵලයක් ඔවුන් සතුව නොමැත.

කණ්ඩායම් නායක සහ ශ්‍රී ලංකා19න් පහල ජාතික කණ්ඩායමේ ක්‍රීඩක මිශේන් සිල්වා, වේල්ස් කුමර විද්‍යාලය පරාජය කිරීමේ බලාපොරොත්තු සහිතව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සඳහා නායකත්වය ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු, සෙබස්තියන් කණ්ඩායමට සිටිනා හොඳ පිතිකරුවෙකි. ජාතික කණ්ඩායමේ වගකීම් පැවරී ඇති නිසා පාසල් කණ්ඩායමට තම සහයෝගය ලබා දීමට නොහැකි වුවත්, තම අත්දැකීම් තුලින් උපරිම සහාය සිය පාසලට ලබා දීමට ඔහු කටයුතු කරනු ඇත.

තවත් 19න් පහල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන වමත් දඟ පන්දු ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීමට කණ්ඩායම හා එක්ව සිටියි. ඔහු ද 19න් පහල ජාතික කණ්ඩායමේ වගකීම් හේතුවෙන් පාසල් කණ්ඩායමට තම සහයෝගය ලබා දීමට නොහැකි වුවත්, තම අත්දැකීම් තුලින් ජයග්‍රහණය සඳහා උපරිම සහයෝගය ලබා දෙනු ඇත.

මොරටු රන් සටනේ රිදී කුසලානය සොයා යන වේල්ස් කුමරුවන්

වේල්ස් කුමර පිතිකරණ බල ඇණියේ තවත් ප්‍රධාන අවියක් වන සනෝජ් ධර්ෂික කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමේ පෙරමුණ ගෙන සිටින්නේ මෙවර තරග වාරය තුල ලකුණු 610ක් ලබා ගනිමිනුයි.

වේල්ස් කුමර විද්‍යාලය

කණ්ඩායම් සටහනේ පළමු තැන හිමි කරගනිමින් තරගාවලියට අවතීර්ණ වන මොවුන්, ජයග්‍රහණ 3ක් ද, ජය පරාජයෙන් තොර තරග 5ක් ද සහ එක් පරාජයක් ද ලබා ඇති වුවත්, මෙම තරගය ඊට හාත්පසින්ම වෙනස් වනු ඇත.

කණ්ඩායම් නායක සහ 19න් පහල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක විශ්ව චතුරංග ද ජාතික කණ්ඩායම නියෝජනය කරන නිසාවෙන් පාසල් තරග මග හැරුණු ක්‍රීඩකයෙකි.

තිලාන් නිමේෂ්, වේල්ස් කුමර විද්‍යාලය නියෝජනය කරමින් මෙම සමයේ බිහි වූ තවත් එක් දක්ෂයෙකි. ලකුණු 111ක් ලෙස සිය හොඳම ඉනිම ඩි. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ක්‍රීඩා කර ඇති ඔහු, මෙම තරග සමයේ ලකුණු 690ක ප්‍රමාණයකට ද හිමිකම් කියයි. ඊට අමතරව වමත් දඟ පන්දු යැවීමෙන් කඩුලු 52ක් දවා ගැනීමට ද ඔහු සමත් විය.

සනෝජ් ධර්ෂික, වේල්ස් කුමර විද්‍යාලයේ මැද පෙළ පිතිකරණයේ බලාපොරොත්තුවකි. ලකුණු 610ක් මේ සමයේ රැස් කර ගෙන ඇති ඔහු, එයින් ලකුණු 112ක් තම හොඳම ඉනිම ලෙස සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ලබා ගෙන ඇත. මැද පෙළ පිතිකරණයේ ශක්තිය රඳවා ගැනීමට හැක්කේ ඔහුටයි.

සාරාංශය

වේල්ස් කුමර විද්‍යාලයට වඩා පහලින් කණ්ඩායම් තරග නිමා කල ද, ඔවුන්ට වඩා ඉදිරියෙන් සෙබස්තියන් විද්‍යාලය සිටින බව වාර්තා වේ. එසේම දැනට පවතින තරග විලාශයත් සමඟ වසර 40කින් පසු ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විද්‍යාලය ද මාන බලමින් සිටියි.

විද්‍යාල දෙක අතර තරගය අද (10) සහ හෙට (11) පැවැත්වීමට නියමිත අතර සීමිත පන්දු වාර තරගය 12 වැනි දා පැවැත්වේ. සියලු තරග ThePapare.com තුලින් සජීවීව ඔබට නැරඹිය හැක.

තවත් විශේෂාංග පුවත් සඳහා පිවිසෙන්න