CPL ශූරතාවය Trinbago කණ්ඩායමට

235
Scintillating Cooper
Pic Credits - ESPNcricinfo

කණ්ඩායම් 6කගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය, ඩ්වේන් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුතු Trinbag Knight Riders කණ්ඩායම සතු කර ගැනීමට සමත් විය.

තරගාවලියේ මූලික වටයේ තරගවල දී කණ්ඩායම් 6ක් ශූරතාවය සඳහා තරග 10කට මුහුණ දුන් අතර මූලික වටයේ තරග අවසානයේ Trinbago Knight Riders, St. Kitts and Nevis Patriots, Jamaica Tallawahs හා Guyana Amazon Warriors කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.

අනිල් කුම්බ්ලේගේ අවස්ථාව සංගක්කාරට

2011 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳව ‘කොලින් කවුඩ්රි’ නම් දේශනය කරමින් මුළු මහත් ක්‍රිකට් ලෝකයම..

දෙවන වටයේ පළමු තේරීමේ තරගය (Qualifier 1) පැවැත්වූයේ Trinbago Knight Riders හා St. Kitts and Nevis Patriots කණ්ඩායම් අතරය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් St. Kitts කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 149ක් රැස් කර ගන්නා ලදි.

St. Kitts කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල් පන්දු 51ක දී ලකුණු 54ක් ද, බ්රැන්ටන් කිං පන්දු 26ක දී ලකුණු 30ක් ද ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Trinbago Knight Riders කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 111ක් පමණි. St. Kitts කණ්ඩායම ලකුණු 38කින් තරගය ජය ගැනීමට සමත් විය.

දෙවන වටයේ (Eliminator) තරගය පැවැත්වූයේ Jamaica Tallawahs හා Guyana Amazon කණ්ඩායම් අතරයි. එහි දී පළමුව පන්දුවට පහර දුන් Jamaica Tallawahs කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස්කර ගැනීමට සමත් විය. තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත් Guyana Amazon Warriors කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් පමණක් වැය කොට කඩුලු 5ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළේය. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ලූක් රොන්ඩි පන්දු 33ක දී ලකුණු 70ක් රැස් කර ගත්තේය.

තරගාවලියේ දෙවන තේරීමේ තරගය (Qualifier 2) පැවැත්වූයේ Trinbago Knight Riders හා Guyana Amazon Warriors කණ්ඩායම් අතරයි. එහි දී පළමුව පන්දුවට පහර දුන් Guyana Amazon කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 159ක් රැස් කරගත්තේය. කොලින් මුනරෝගේ ලකුණු 57 හා ඩැරන් බ්රාවෝගේ ලකුණු 43 උපකාර කර ගනිමින් පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට Trinbago Knight Riders කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන මහා තරගය St. Kitts and Nevis Patriots හා Trinbago Knight Riders කණ්ඩායම් අතර බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි කර ගත් ක්‍රිස් ගේල්ගේ නායකත්වයෙන් යුතු St. Kitts and Nevis Patriots කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණි. පිතිහරඹයේ දී බ්රැත්වේට් පන්දු 25ක දී ලකුණු 30ක් ද, ජේ කාටර් පන්දු 30ක දී ලකුණු 21ක් ද රැස් කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් සීලර්ස් පන්දුවාර 4ක දී ලකුණු 29ක් ලබා දී කඩුලු 2ක් ද, කූපර් පන්දුවාර 2ක දී ලකුණු 12ක් ලබා දී කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි Trinbago Knight Riders කණ්ඩායම පන්දුවාර 19ක දී කඩුලු 7ක් පමණක් දැවී තිබිය දී St. Kitts and Nevis කණ්ඩායම පරදවා CPL ශූරතාවය තමන් සතු කර ගැනීමට සමත් විය. එහි දී මුන්රෝ පන්දු 23ක දී ලකුණු 29ක් ද, රාම්ඩීන් පන්දු 31ක දී ලකුණු 26ක් ද, තරගයේ ජය තම කණ්ඩායම වෙත ගෙන දුන් කූපර් පන්දු 14ක දී ලකුණු 29ක් ද රැස් කළේය.

St. Kitts and Nevis Patriots කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී කොට්ර්ල් ලකුණු 21ක දී කඩුලු 2ක් ද, හෆීස් පන්දුවාර 4ක දී ලකුණු 19ක් ලබා දී කඩුලු 2ක් ද, ශමිස් පන්දුවාර 4ක දී ලකුණු 20ක් ලබා දී කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් විය.

ඒ අනුව 2017 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය තමන් සතු කර ගැනීමට ඩ්වේන් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුතු Trinbago Knight Riders කණ්ඩායමට හැකි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<