“ශූරයින්ගේ මාරයා” හසුරවන්නට නව මුහුණක්!

128

පසුගිය පාසල් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම්වලට විශාල අභියෝගයක් වුණු ගල්කිස්ස විද්‍යා විදුහල් කණ්ඩායමට එළඹෙන පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් නව නායක වශයෙන් දෙනුවන් ලක්රන්ද නම් කර ඇත.

ඉසිපතන රග්බි නායකත්වය පළපුරුදු සුපුරුදු අතකට

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ………..

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ද වන දෙනුවන් කණ්ඩායමේ සිව්වැනි වසරේ වර්ණලාභියෙකි. Flanker ස්ථානයේ ක්‍රීඩා කරමින් පසුගිය වර්ෂයේ දී කණ්ඩායම වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ දෙනුවන් කණ්ඩායමේ සුවිශේෂී ස්ථානයක් රැක ගැනීමට සමත් විය.

2020 පාසල් රග්බි පිටිය උණුසුම් කරන කාලසටහන එළිදකියි

2020 වර්ෂය සඳහා වන පාසල් රග්බි තරග කාලසටහන ………

විද්‍යා විදුහල වාර්තා කළ විශාලතම ජයග්‍රහණය වන්නේ 2015 වර්ෂයේ දී ප්‍රබල ඉසිපතන විදුහල පරාජය කරමින් ජයග්‍රහණය කළ පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවයයි. එතැන් පටන් විද්‍යා විදුහලට ඉතා ඉහළ තත්වයකට පැමිණීමට නොහැකිවුවත් තම සුපුරුදු ක්‍රීඩා විලාශය රැකගනිමින් අනෙක් කණ්ඩායම්වලට විශාල හිසරදයක් වීමට විද්‍යා විදුහල සමත් විය.

ත්‍රිත්ව කණ්ඩායමේ වගකීම නව නායකයෙකුට

2020 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ඇරඹීමට ඇත්තේ තවත් සති කීපයක් පමණි. තරගකාරීත්වය, උද්වේගකර බව මුසු වූ රග්බි ……..

එළඹෙන තරග වාරයේ දී කණ්ඩායමේ භාරකාරීත්වය, අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන බිලාල් යුසුෆ් හට හිමිවී ඇති අතර සහය පුහුණුකරු ධූරය පසුගිය තරග වාරයේ ඉසිපතන විදුහලේ ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් කටයුතු කළ හෙන්රි ටෙරන්ස්ට හිමිව ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<