සවිඳු සනෝජ් ඇතුළු වේල්ස් කුමරුවන්ට ජය

260

අද (27) පැවැත්වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග අතුරෙන් වෙස්ලි විද්‍යාලයට එදිරිව පූර්ණ ජයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය. එහි දී නායක සවිඳු පීරිස් හා කෞමාල් නානායක්කාර පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සනෝජ් දර්ශික පිතිකරණයෙන් දස්කම් දක්වන ලදි.

අනෙක් තරග දෙස හැරී බලන විට නාලන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වෙද්දී, පළමු දිනට ක්‍රියාත්මක වූ බණ්ඩාරනායක විද්‍යාලය හා ධර්මාශෝක විද්‍යාලය අතර තරගය දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් අවසන් විය.

මහින්දට හා මාරිස් ස්ටෙල්ලාවට දැවැන්ත ජයග්‍රහණ

ගාල්ල මහින්ද විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ වාර්තා කර අද (26) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම පැවත්විය.

වේල්ස් කුමර විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

සවිඳු පීරිස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ වේල්ස් කුමර විද්‍යාලය ලකුණු 74ක ජයක් ලබා ගැනීමට සමත් විය.

සත්කාරක වේල්ස් කුමර විද්‍යාලයේ දෙවන ඉනිමේ ආරම්භයත් සමඟින් අද දිනය ආරම්භ විය. එහි දී සනෝජ් දර්ශික අර්ධ ශතකයක් ලබාගෙන ලකුණු 67ක් ලබා ගන්නා විට, ශෙහාන් අවිශ්ක ලකුණු 46ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය. ප්‍රින්ස් ප්‍රනාන්දු හා සඳුන් ප්‍රනාන්දු ලකුණු 45 බැගින් ලබාගෙන වෙස්ලි විද්‍යාලයට ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙන ලදි.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිමේ තිසුරක අක්මීමනගේ අර්ධ ශතකය හැරෙන්නට වෙනත් හොඳ ලකුණක් වාර්තා නොවීය. ඔහු ලකුණු 68කට දැවී ගියේය. පන්දු යැවීමේ දී නායක සවිඳු පීරිස් කඩුලු 5ක් දවා ගනිමින් සිය නායකත්වයේ වගකීම හරියාකාරව ඉටු කළේය. කෞමාල් නානායක්කාර කඩුලු 3යි.

වේල්ස් කුමර විද්‍යාලය – 105/10 (45.4): ශෙහාන් අවිශ්ක 28, සුවත් මෙන්ඩිස් 24, මොහොමඩ් උබයදුල්ලා 5/42 ශෙනාල් දංගල්ල 4/35.

වෙස්ලි විද්‍යාලය  – 136/10 (49.4): ජනිත් සඳකැලුම් 28, කෞමාල් නානායක්කාර 6/44, තවින්දු පීරිස් 3/37.

වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම – 227/5d (55): සනෝජ් දර්ශික 67, ශෙහාන් අවිශ්ක 46, ප්‍රින්ස් ප්‍රනාන්දු 45*, සදුන් ප්‍රනාන්දු 45, තරිදු බක්මීවැව 2/30.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම – 122/10/(42): තිසුරක අක්මීමන 68, සවිඳු පීරිස් 5/56, කෞමාල් නානායක්කාර 3/46.

මාතොට දඟයාගේ කඩුලු 500යේ වික්‍රමාන්විතය

මාතර පුරවරයට අලංකාරයක් එක් කරන නිල්වලා නදිය, මුහුද හා හා වෙන මාතොට, ඉතිහාස කතාන්දර විශාල ප්‍රමාණයක් දරා සිටින්නීය. එකී ඉතිහාස කතාන්දර ගොන්න අතරට මාතොට දඟ…

නාලන්ද විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

නාලන්ද පිටියේ ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 50ක් ලෙස අවදානම් මට්ටමක පැවතුනි.

සාන්ත සර්වේසස් පළමු ඉනිම ලකුණු 89කට සීමා කළ නාලන්ද විද්‍යාලය යළිත් පන්දු රැකීමට තීරණය කරන ලදි. නමුත් සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉනිමේ දී සිය පළමු ඉනිමට සාපේක්ෂව ඉවසිලිමත්ව පන්දුවට පහර දෙන ලදි. සුපුන් කාවින්ද ලකුණු 44යි. කේසර නුවන්ත ලකුණු 36යි. එ් අනුව සාන්ත සර්වේසස් විද්‍යාලය නාලන්ද විද්‍යාලය අභිබවා ලකුණු 50ක් රැස්කර ගත්තේ ලකුණු 51ක ජයග්‍රාහී ඉලක්කයක් නාලන්ද විද්‍යාලයට ලබා දෙමිනි. නමුත් තරගය අවසානයේ නාලන්ද විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 36ක් පමණි.

නාලන්ද විද්‍යාලය – 194/10 (70): රුසිරු ද සිල්වා 56*, දිල්හාර පොල්ගම්පොල 31, ලක්ෂිත රසාංජන 28, පසිඳු මනුප්‍රිය 4/62.

සාන්ත සර්වේසස් විද්‍යාලය – 89/10 (43.2): කේශාන් නුවන්ත 28, ලක්ෂිත රසාංජන 4/19, මදුශාන් හසරංග 3/35.

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 155/10(70.2):  සුපුන් කාවින්ද 44, කේසර නුවන්ත 36, රවීන් ද සිල්වා 6/44, කවීෂ මදුරප්පපෙරුම 3/44.

නාලන්ද විද්‍යාල දෙවන ඉනිම – 36/2 (4):

තරග ප්‍රතිඵලය – නාලන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

කෞෂාල්, කපුගෙදර සහ රොන් ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරගාවලියේ දෙවැනි දිනයට (26) බේල්ස් ඉවත් කෙරෙන විට එස්. එස්. සී. කණ්ඩායමේ…

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

කරන්දෙණිය මධ්‍ය විද්‍යාල පිටියේ ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන විට බණ්ඩාරනායක විද්‍යාලය  ධර්මාශෝක විද්‍යාලයට ප්‍රබල අභියෝගයක් ලබා දෙමින් ලකුණු 469ක් ලබා ගන්නා ලදි.

කාසියේ වාසිය දිනාගත් බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කරන ලදි. එහි දී සිසිත මදනායක ශතකයක් ලබා ගන්නා විට ජනිඳු ජයවර්ධන, ගයාන් හෙට්ටිආරච්චි, පසිඳු බණ්ඩාර යන ක්‍රීඩකයින් අර්ධ ශතක තුනක් ලබාගෙන සිසිතගේ ශතකයට හිමි නිසි ගෞරවය ලබා දෙන ලදි. දිනුක ඩිල්ශාන් ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

බණ්ඩාරනායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 469/10 (104.5): සිසිත මදනායක 102, ජනිඳු ජයවර්ධන 80, ගයාන් හෙට්ටිආරච්චි 74, පසිඳු බණ්ඩාර 68, හචිත තිමාල් 42, දිනුක ඩිල්ශාන් 3/68.

පළමු දිනයට පැවැත්වූ තරගය හෙට (28) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<