මහින්දට හා මාරිස් ස්ටෙල්ලාවට දැවැන්ත ජයග්‍රහණ

368

ගාල්ල මහින්ද විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ වාර්තා කර අද (26) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම පැවත්විය. එසේම අද දිනය තුළ ක්‍රියාත්මක වූ තරගවල දී පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණු අතර ඒ අතුරෙන් පසිඳු උෂෙට්ටි, කෞමාල් නානායක්කාර හා මොහොමඩ් උබයදුල්ලා වැඩි දස්කම් දක්වන ලදි.

අද නිමා වූ අනෙක් තරගයෙන් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබා ගත්තේය.

විනුර හා නවෝද් ගාල්ලට එළියක් වෙයි!

19න් පළමු පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25) නිමා වූ ගල්කිස්ස සාන්ත තෝමස් හා සාන්ත ජෝසප් විද්‍යාල අතර තරගයේ පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට…

ගාල්ල මහින්ද විද්‍යාලය හා කඳාන ද මැසනඩ් විද්‍යාලය

තරගයේ ආරම්භක දිනය තුළම ශතක දෙකක් වාර්තා වූ මෙම තරගයේ පළමු දිනය වූ අද දිනය ආරම්භ වන විට පළමු ඉනිම ක්‍රියාත්මක කරන ද මැසනඩ් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 44ක් ලබාගෙන සිටියි.

D කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් නිම්න ප්‍රනාන්දු හා සාලිය ජූඩ් පිළිවෙළින් 53ක් හා ලකුණු 41ක් ලබා ගත්තේය. අවසානයේ ලකුණු 213කට ඔවුන්ගේ පළමු ඉනිම අවසන් කිරීමට පසන් පෙතනගොඩ ඇතුළු මහින්ද පන්දු යවන්නන් සමත් විය.

ලකුණු 77ක් වාසියක් සහිතව යළිත් පන්දු යැවීමට සත්කාරක මහින්ද විද්‍යාලය තීරණය කළේ ඉනිමක ජයක් බලාපොරොත්තුවෙනි. නමුත් පසිඳු රාජමුනේන්ද්‍ ලකුණු 43ක්  ලබාගෙන ද මැසනඩ් විද්‍යාල දෙවන ඉනිම ලකුණු 121ක් දක්වා රැගෙන යන ලදි. එම නිසා මහින්ද විද්‍යාලයට සිය ඉනිමක ජය ලබාගැනීමට නොහැකි වුවත් කඩුලු 10ක් දැවැන්ත ජයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය.

මහින්ද විද්‍යාලය – 330/3d (73): විනුර දුල්සර 123, නවෝද් පරණවිතාන 121, කේ. කේ. කෙවින් 50*.

ද මැසනඩ් විද්‍යාලය – 213/10 (73.1): නිම්න ප්‍රනාන්දු 53, සාලිය ජූඩ් 41, නදුන් ඩිල්ශාන් 37, මිතිල ගීත් 29, පසන් පෙතනගොඩ 3/85.

ද මැසනඩ් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 121/10 (30.1): පසිඳු රාජමුනේන්ද්‍ර 43, ප්‍රවීන් ෆොන්සේකා 36, පසන් පෙතනගොඩ 4/49, නවෝද් පරණවිතාන 3/19.

මහින්ද විද්‍යාල දෙවන ඉනිම – 6/0 (2.4):

තරග ප්‍රතිඵලය – මහින්ද විද්‍යාලයට කඩුලු 10ක ජයක්

ඉසිපතන විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

කටුනේරිය පිටියේ දී  නිමාව දුටු මෙම තරගයෙන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කඩුලු 10ක දැවැන්ත ජයක් ලබා ගත්තේය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සිය පළමු ඉනිම ලකුණු 236කට අවසන් කළ අතර එහි දී ලසිත් කෘෘස්පුල්ලේ, රවිඳු ප්‍රනාන්දු හා රොශේන් ප්‍රනාන්දු අර්ධ ශතක 3ක් ලබාගත්හ. මදුශික සඳරුවන් කඩුලු 4යි.

ලකුණු 47ක් පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලයට රිසි ලෙස පිත්ත ක්‍රියාත්මක කිරීමට වමතින් දඟපන්දු යවන පසිඳු උෂෙට්ටි ප්‍රමුඛ මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත. ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වූ ශමිල්ක වික්‍රමතිලක ලකුණු 59*යි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ පසිඳු කඩුලු 7යි.

ඉසිපතන විද්‍යාලය – 189/10 (41): අයන සිරිවර්ධන  50, අනුප හේරත් 37, අවීෂ බගින්ද 3/35, රවිඳු ප්‍රනාන්දු 3/52.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 236/10 (76.3): ලසිත් කෘෘස්පුල්ලේ 74, රවිඳු ප්‍රනාන්දු 61, රොශේන් ප්‍රනාන්දු 57, මලීෂ සිල්වා 44*,  මදුශික සඳරුවන් 4/59, දිනිත දිසානායක 3/69.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම – 182/10 (42.4): ශමිල්ක වික්‍රමතිලක 59*, අයන සිරිවර්ධන 38, අශේන් ගුණවර්ධන 36, පසිඳු උෂෙට්ටි 7/79.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම – 13/0 (1.4):

තරග ප්‍රතිඵලය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට කඩුලු 10ක ජයක්

එස්. එස්. සී. වරාය ගිල්වීමේ වෑයමක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරග ආරම්භ කරමින් අද (25) පැවති තරග අතුරින් එස්. එස්. සී. කණ්ඩායම…

මලියදේව විද්‍යාලය හා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස අද අවසන් වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සමත් විය.

තරගයේ විනිසුරුවරුන් විසින් ඊයේ දිනයේ නිමාව සටහන් කරන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මලියදේව පළමු ඉනිමට වඩා තවත් ලකුණු 46ක් පසුපසින් පසුවිය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි නදීර බාලසූරිය හා මන්ජිත් රාජපක්ෂ පිළිවෙළින් ලකුණු 56ක් හා ලකුණු 45ක් සිය විද්‍යාල ඉනිමට එක් කරමින් සිය විද්‍යාලයට පළමු ඉනිමේ ජය ලබා දෙන ලදි. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 226කට සීමා විය.

සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ මලියදේව විද්‍යාලය තරගය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 225ක් ලබා ගන්න ලදි.

මලියදේව විද්‍යාලය – 175/10 (51.4): මුදිත ප්‍රේමදාස 63, සංජීවන් ප්‍රියදර්ශන 24, හුසිඳු නිස්සංක 5/30, කනිෂ්ක ජයසේකර 3/31.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය –  226/10 (39.4): නදීර බාලසුරිය 56, මන්ජිත් රාජපක්ෂ 45, එම්. පවිත්රන් 28, පසිඳු තෙන්නකෝන් 2/27, මදුරංග නවීන් 2/54.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම –  225/3 (55): චාලුක අතපත්තු 69, මුදිත ප්‍රේමදාස 61*, දුලාජ් රණතුංග 50, සුපුන් සමරතුංග 25.

තරග ප්‍රතිඵලය – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්


 පළමු දිනට පැවැත්වූ තරග 

නාලන්ද විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

නාලන්ද පිටියේ ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 50ක් ලෙස අවදානම් මට්ටමක දැක්විය.

කාසියේ වාසිය දිනාගත් සංචාරක සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට නාලන්ද විද්‍යාලයට ආරාධනා කළේය.

එහි දී රුසිරු ද සිල්වා නොදැවී අර්ධ ශතකයක් ලබාගෙන සිය ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 56*ක් ලබා ගත්තේය. දිල්හාර පොල්ගම්පොල ලකුණු 31යි. පන්දු යැවීමේ දී පසිඳු මනුප්‍රිය කඩුලු 4යි.

මෙය C කාණ්ඩයේ තරගයකි.

නාලන්ද විද්‍යාලය – 194/10 (70): රුසිරු ද සිල්වා 56*, දිල්හාර පොල්ගම්පොල 31, ලක්ෂිත රසාංජන 28, පසිඳු මනුප්‍රිය 4/62.

සාන්ත සර්වේසස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 50/6 (23):

ඇෆ්ගනිස්ථානය අවසන් 4ට යද්දී ශ්‍රී ලංකාව නවයට තරග වදියි

සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නවසීලන්තයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන…

වේල්ස් කුමර විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

මොහොමඩ් උබයදුල්ලාගේ හා කවුමාල් නානායක්කාරගේ දක්ෂ පන්දු යැවීම මනාව විහිදුනු මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

කාසියේ වාසිය සමඟින් පිටියට අවතීර්ණ වූ වේල්ස් කුමර විද්‍යාලයට රිසිසේ ලකුණු ලබා ගැනීමට නොහැකි වූ නමුත් ශෙහාන් අවිශ්ක හා සුවත් මෙන්ඩිස් සිය විද්‍යාල පළමු ඉනිම ලකුණු 105ක් දක්වා රැගෙන ගියේය.

අනතුරුව සිය ප්‍රථම ඉනිම දියත් කළ සත්කාරක වෙස්ලි විද්‍යාලය දිනය අවසානයේ සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගන්නා ලදි. කෞමාල් නානායක්කාර කඩුලු 6යි.

වේල්ස් කුමර විද්‍යාලය – 105/10 (45.4): ශෙහාන් අවිශ්ක 28, සුවත් මෙන්ඩිස් 24, මොහොමඩ් උබයදුල්ලා 5/42 ශෙනාල් දංගල්ල 4/35.

වෙස්ලි විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 136/10 (49.4): ජනිත් සඳකැලුම් 28, කවුමාල් නානායක්කාර 6/44, තවින්දු පීරිස් 3/37.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (27) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<