මුරලි – වාස් කුසලානයේ පළමු ඉනිමේ ජය ජෝසප්වරුන්ට

335

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් අද (9) අවසන් විය. ඒ අතුරෙන් මාතර සාන්ත තෝමස් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල පූර්ණ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

මීට අමතරව අවසන් වූ තරග අතුරෙන් සාන්ත පීතර, ඉසිපතන සාන්ත මරියා, මහින්ද හා මහානාම යන විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

මහානාම හා තර්ස්ටන් ක්‍රීඩකයෝ ශතක වාර්තා කරති

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග රැසක් අද (8) පළමු දිනයට ආරම්භ විය. ඒ අතුරෙන් තරග දෙකක් අද නිමා වූ අතර එයින් එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන්…

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ පැවැත්වූ මේ තරගය A කාණ්ඩයේ තරගයෙන් සාන්ත තෝමස් විද්‍යාලය ඉනිමක හා ලකුණු 106ක ජයක් ලබා ගන්නා ලදි. එහි දී මිහසල් අමෝද, මලීශ ද සේරම් හා සිනෙත් සිතාරගේ දස්කම් කැපීපෙණින.

බණ්ඩාරනායක විද්‍යාලය – 70/10 (28.5): හචිත තිමාල් 29, මලීෂ ද සේරම් 5/23, සිනෙත් සිතාර 3/08.

සාන්ත තෝමස් විද්‍යාලය – 206/7d (55): මිහිසල් අමෝද 78, හිරන්ත ලක්ෂාන් 66, මලීශ ද සේරම් 30*.

බණ්ඩාරනායක විද්‍යාල දෙවන ඉනිම – 30/10 (9.1): සිනෙත් සිතාර 5/03, ලහිරු ඩිල්ශාන් 4/06.


ධර්මාශෝක විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාලය ඉනිමක හා ලකුණු 46ක ජයක් ලබාගත් මේ තරගය මොරටුවේ දී නිමා විය. සාන්ත සෙබස්තියන් පළමු ඉනිමේ වීරයන් බවට පත්වූ නුවනිඳු ප්‍රනාන්දු, ප්‍රවීන් කුරේ හා ෂෙනාල් ප්‍රනාන්දු ලකුණු අතරට පිවසෙන විට ප්‍රවීන් ජයවික්‍රම හා තරුෂ ප්‍රනාන්දු පන්දුවෙන් දස්කම් දක්වන ලදි.

ධර්මාශෝක විද්‍යාලය – 76/10 (34): චමිදු ඩිල්ශාන් 24, ප්‍රවීන් ජයවික්‍රම 4/23.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 321/10 (60.4): නුවනිඳු ප්‍රනාන්දු 55, ප්‍රවීන් කුරේ 46, ෂෙනාල් ප්‍රනාන්දු 42, මලින්ත පිරිස් 42, තරුෂ ප්‍රනාන්දු 33, ප්‍රවීන් ජයවික්‍රම 31, නිමේෂ් මෙන්ඩිස් 3/36, සංජන මෙන්ඩිස් 3/59, කවිඳු නදීෂාන් 3/98.

ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිම – 199/10 (65): උශාන් ඉමන්ත 92, රවිඳු රශාන්ත 45, තරුෂ ප්‍රනාන්දු 6/67.

රමේෂ් සහ අනුක්ගේ ශතක බ්ලූම්ෆීල්ඩ් ජයග්‍රහණයට මඟ පාදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව සඳහා වන තරග කිහිපයක් අද (9) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් මුවර්ස් ක්‍රීඩා…

මලියදේව විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 10ක ජයක් ලැබුණු මේ තරගය කුරුණෑගල දී නිමා විය.

මලියදේව දෙවන ඉනිම ලකුණු 179කට සීමා කිරීමට නිපුන් ලක්ෂාන් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

මලියදේව විද්‍යාලය – 135/10 (33.5): චාලක අතපත්තු 42, බ්‍රයන් කරුණානායක 41, යෙශාන් වික්‍රමාරච්චි 5/26, බිමර රණතුංග 3/31.

තර්ස්ටන් විද්‍යාලය – 313/9d (61): නිපුන් ලක්ෂාන් 107*, නිමේෂ් පෙරේරා 57, බවන්ත ජයසිංහ 51, පසිඳු තෙන්නකෝන්  2/40.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 179/10 (48.1): මුදිත ප්‍රේමදාස 45, ශාලුක් අතපත්තු 38, නිපුන් ලක්ෂාන් 3/20.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම – 4/0 (0.5):


සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට

මුරලි – වාස් කුසලානය වෙනුවෙන් පැවැත්වූ මේ තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. ඊයේ දිනය නිමා වන විට සංචාරක සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 93යි.

ඔවුන් අද දිනය තුළ ලකුණු 289ක් සිය පළමු ඉනිමට ලබා ගන්නා ලදි. ජනිඳු හිම්සර හා නවෝද්‍ය විජේකුමාර අර්ධ ශතක අතරට පැමිණියේය. සාන්ත ජෝසප් දෙවන ඉනිමට රෙවාන් කෙලී අර්ධ ශතකයක් එකතු කරන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය – 299/7d (70): ජෙහාන් ඩැනියල් 77, නිපුන් සුමනසිංහ 63, දිනෙත් ජයකොඩි 53, රෙවාන් කෙලී 29, කල්හාර සේනාරත්න 3/79.

සාන්ත අන්තෝනි විද්‍යාලය  – 289/10 (75.4): ජනිඳු හිම්සර 84, නවෝද්‍ය විජේකුමාර 56, කාවින්ද ස්ටෝටර් 40, කල්හාර සේනාරත්න 39, දුනිත් වෙල්ලාගේ 4/104.

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 162/3 (42): රෙවාන් කෙලී 63, නිපුන් සුමණසිංහ 46*, ශිවාන් රාසූල් 37.

රොෂේන් නැවත ගැලවුම්කරු වෙයි; ශ්‍රී ලංකාව ලකුණු 312ක් ඉදිරියෙන්

මිර්පූර් පිටිය නැවත වතාවක් පන්දු යවන්නන්ටම යෝග්‍ය පිටියක් බැව් අනාවරණය කරමින් බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) දිනයේ දී ද දෙපිලේම කඩුලු …

සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සත්කාරක  සාන්ත පීතර විද්‍යාලය ලකුණු 259ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. ඔවුන් දෙවන ඉනිම ලකුණු 107කට අත්හිටුවන ලදි. සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් ෂෙහාන් ප්‍රනාන්දු ලකුණු 50යි. මොහොමඩ් අමීන් තරගය පුරාවටම කඩුලු 9යි.

සාන්ත පීතර විද්‍යාලය – 259/7d (61): ශැනොන් ප්‍රනාන්දු 77, රන්මිත් ජයසේන 58, ශිවාන් පෙරේරා 37*.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය –179/10 (71.4): ෂෙහාන් ප්‍රනාන්දු 50, නිසල්ක ප්‍රනාන්දු 31*, කවිෂ්ක ජයතිලක 27, මොහොමඩ් අමීන් 5/71, සචින් සිල්වා 3/43.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 107/7d (15): ශැනොන් ප්‍රනාන්දු 40, මහීෂ තීක්ෂණ 3/23.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවන ඉනිම – 150/4 (41): මහීෂ තීක්ෂණ 50, ශනික නිර්මාල් 35*, මොහොමඩ් අමීන් 4/66


පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් ඉසිපතන විද්‍යාලය පළමුව පන්දු යැවූ මේ තරගය තර්ස්ටන් පිටියේ දී නිමා වූයේ ඉසිපතන විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමිනි.

ඊයේ දිනයට තරගය අවසන් වන විට ඉසිපතන විද්‍යාලය සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 97ක් පසුපසින් සිටියේය. ඉසිපතනය සිය පළමු ඉනිමට තිත තබන ලද්දේ ලකුණු 196ක් ලබාගෙනයි. අයන සිරිවර්ධන ලකුණු 52යි. සාන්ත ජෝන් දෙවන ඉනිම ලකුණු 151කට සීමා වූයේ ලකුණු 135ක ඉලක්කයක් ඉසිපතනයට ලබා දෙමිනි. නමුත් එය හඹායාමට කාලය ප්‍රමාණවත් නොවීය.

සාන්ත ජෝන් විද්‍යාලය – 179/10 (62): ප්‍රවීන් සඳමල් 56*, පසන් පෙරේරා 42, මදුෂික සඳරුවන් 4/35.

ඉසිපතන විද්‍යාලය  – 196/9d (69.1): අයන සිරිවර්ධන 56, සංජුල බණ්ඩාර 32, ලෙශාන් කවීශ 29, සුමුදු උදාර 3/24, තමිදු වික්‍රමාරච්චි 3/53.

සාන්ත ජෝන් විද්‍යාල දෙවන ඉනිම – 151/10 (49.5): ප්‍රවීන් සඳමාල් 47*, අශාන් දිල්හාර 26, මදුශික සඳරුවන් 5/55, අයන සිරිවර්ධන 4/56.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම – 17/4 (5):

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස මෝදර දී නිමා වූ මේ තරගයෙන් සාන්ත මරියා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලැබුණි. සාන්ත මරියා පළමු ඉනිම වර්ණවත් කළ ගජිත කොටුවේගොඩ ලකුණු 134යි. සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිමට අර්ධ ශතකයක් එකතු කිරීමට සංක මදුභාෂණ සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 174/10 (39.1): සංක මදුභාෂණ 69, හරින්ද පසිඳු 26, සජීව රන්ජිත් 5/69.

සාන්ත මරියා විද්‍යාලය – 338/10 (69.1): ගජිත කොටුවේගොඩ 134, තිමිර කුමාර 64, සචින් ෆොන්සේකා 32, අරවින්ද පසිඳු 5/28.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 233/10 (62): සංක මදුභාෂණ 52, අවිශ්ක තරිඳු 47, යසිඳු රවීශ 29, කවීෂ දුලංජන 24*, සජීව රංජිත් 4/92, තිමිර කුමාර 3/53.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම – 47/2 (6):


මහින්ද විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය

ඊයේ දිනයේ නිමාව සටහන් වන විට සාන්ත ඇලෝසියස් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 32යි. ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 196කට සීමා කිරීමට පසන් පෙතනගොඩගේ පන්දු යැවීම මහින්ද විද්‍යාලයට රුකුලක් විය. තරගය අවසානය වන විට මහින්ද විද්‍යාල දෙවන ඉනිමට ශතකයක් එක් කිරීමට නවෝද් පරණවිතාන සමත් විය.

මහින්ද විද්‍යාලය – 276/7d (82.3): අශේන් කණ්ඩම්බි 85, කවිඳු එදිරිවීර 59*, කේ. කේ කෙවින් 48, නවෝද් පරණවිතාන 26, හරීන් බුද්ධිල 4/88.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 196/10 (79.3): අශේන් බණ්ඩාර 78, ගිම්හාන ආශිර්වාද 32, පසන් පෙතනගොඩ 4/62.

මහින්ද විද්‍යාල දෙවන ඉනිම – 194/4 (42.1): නවෝද් පරණවිතාන 100*, කවිඳු එදිරිවීර 37.

අකිලගේ අලුත් කසාදය

කසාදය යනු තනිකඩයාට මැජික් එකකි. විවාහකයාට කැපකිරීම් කිරීම අනිවාර්ය කරන්නකි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවත් එසේමය. තරුණ මදය වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් සැණකෙළි පසෙක ලා, පරිණතභාවය…

මහානාම විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය. මාරිස් ස්ටෙල්ලා පළමු ඉනිම අවම ලකුණකට සීමා වුවත් ඔවුන්ගේ දෙවන ඉනිම හොඳින් සකසා ගැනීමට ලසිත් කෘෘස්පුල්ලේ සමත් විය. තරගය කටුනේරිය දී පැවැත්විය.

මහානාම විද්‍යාලය – 250/10 (91): සොනාල් දිනුෂ 123*, පවන්ත වීරසිංහ 31, පසිඳු උෂෙට්ටි 4/68, රවිඳු ප්‍රනාන්දු  3/61.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 65/10 (32.3): කෙවින් පෙරේරා 26, හෂාන් සංදීප 4/16, හේෂාන් හෙට්ටිආරච්චි 3/18.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම (F/O ) – 203/5 (62): ලසිත් කෘෘස්පුල්ලේ 92, කෙවින් පෙරේරා 42, ශෙහාන් මලීශ 39.


වෙස්ලි විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 171යි. මොවින් සුභසිංහ කඩුලු 5යි.

රිච්මන්ඩ් විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 171/5 (53): අවිඳු තීක්ෂණ 49*, දනංජය ලක්ෂාන් 42, කමිඳු මෙන්ඩිස් 35, මොවින් සුභසිංහ 5/59.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<