ජයග්‍රහණය මහින්ද, සාන්ත ආනා සහ මහානාම විදුහල්වලට

524

ගාල්ල මහින්ද විද්‍යාලය විසින් ලුම්බිණි විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 62කින් පරාජය කළ අද (2) දිනය තුළ අවසන් වූ තරගවල දී මහානාම විද්‍යාලය හා සාන්ත ආනා විද්‍යාලය වැඩි වාසිය ලබා ගන්නා ලදි. මීට අමතරව තවත් තරග රැසක් අද පළමු දිනයට ආරම්භ විය.

ඒවායේ දී ජනිඳු දෙව්මින, කවීෂ ජයතිලක, තරුෂ ප්‍රනාන්දු, මොවින් සුබසිංහ, සකුන්ත ලියනගේ, රන්මිත් ජයසේන, ශාලිත් ප්‍රනාන්දු, ශමල් හිරුෂාන්, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් ප්‍රනාන්දු අර්ධ ශතක ලබා ගන්නා විට ලක්ෂිත රසාංජන හා දුශාන් හෙට්ටිගේ ශතක ලබා ගන්නා ලදි. එසේම පන්දුවෙන් වැඩි දස්කම් දැක්වීමට හශාන් සංදීප, ප්‍රවීන් ජයවික්‍රම හා පසන් පෙතනගොඩ සමත් විය.

ක්‍රිකට් පිටිය උණුසුම් කළ ශතක 4ක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (1) දිවයින පුර විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ආරම්භ විය……..

ලුම්බිණි විද්‍යාලය හා මහින්ද විද්‍යාලය

තරගය D කාණ්ඩයේ මෙම තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සත්කාරක මහින්ද විද්‍යාලය ලුම්බිණි විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 129ක් ඉදිරියෙන් සිටින ලදි.

අවසානයේ මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 289ක් ලබාගෙන සිය ඉනිම අත්හිටු වූයේ ලුම්බිණි විද්‍යාලයට හොඳ අභියෝගයක් දෙමිනි. එම ඉනිම එවන් මට්ටමකට සීමා කළ මදුසංක ශ්‍රිනාද කඩුලු 5යි.

ලකුණු 217ක් ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලුම්බිණි ඉනිම ඔවුන් එම ඉලක්කය ලබා ගැනීමට පෙර අවසන් කිරීමට පසන් පෙතනගොඩ හා නවෝද් පරණවිතාන සමත් විය.  සඳුනිල් සංකල්ප ලකුණු 36යි. මෙම තරගය තුළ මහින්ද විද්‍යාලයේ ජය තහවුරු කිරීමට සවියක් වූ පසන් කඩුලු 9ක් දවා ගන්නා ලදි.

ලුම්බිණි විද්‍යාලය – 73/10 (31.4): පසන් පෙතනගොඩ 5/30

මහින්ද විද්‍යාලය –  289/9d (84): හංසික වැලිහිඳ 107, අශාන් කන්ඩම්බි 66, බිනුර දිම්සර  27, කවිඳු එදිරිවීර 26,  මදුසංක ශ්‍රිනාද 5/109

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම – 154/10 (54.2): සඳුනිල් සංකල්ප 36, ලකිඳු උපේන්ද්‍ර 33, රන්මල් ප්‍රනාන්දු 26, පසන් පෙතනගොඩ 4/55, නවෝද් පරණවිතාන 3/15

තරග ප්‍රතිඵලය – මහින්ද විද්‍යාලයට ඉනිමක හා ලකුණු 62ක් ජයක්


සාන්ත ආනා විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ ඊයේ (1) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රියාත්මක කළ සාන්ත අන්තෝනි විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටියේය.

අවිශ්ක තරිඳුගේ ලකුණු 54න් හා රශ්මික මෙවන්ගේ ලකුණු 40න් වර්ණවත් වූ සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම ලකුණු 177කට සීමා කිරීමට රන්දීර් රණසිංහ ඇතුළු සාන්ත ආනා පන්දු යවන්නන් සමත් වූයේ සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගනිමිනි.

සාන්ත ආනා විද්‍යාලය – 294/10 (79.5): දිනෙත් චන්දිමාල් 114, රන්දීර් රණසිංහ 51, වනිත වන්නිනායක 47, දනංජය බණඩාර 21, යසිඳු ජයවීර 5/76

සාන්ත අන්තෝනි විද්‍යාලය –  177/10 (66.4): අවිශ්ක තරිඳු 54, රශ්මික මෙවන් 40, පසිඳු චතුරංග 38*, රන්දීර් රණසිංහ 4/46

සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම – 205/7 (52): පුබුදු ගනේගම 40, කවිඳු රණසිංහ 37, ලසිත් වර්ණකුලසූරිය 34*, කවිඳු හෙට්ටිආරච්චි 3/14, සංඛ ලහිරු 3/74

තරග ප්‍රතිඵලය – සාන්ත ආනා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්


මහානාම විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේ දී අද මෙම තරගය නිමාව දුටුවේ මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජය ලබා දෙමිනි.

මෙම තරගයේ දෙවන දිනය ආරම්භ වූයේ ජනාධිපති විද්‍යාල පළමු ඉනිමේ ආරම්භයත් සමඟිනි. එහි දී එරන්ද හශාන් ලකුණු 51ක් ලබාගෙන සිය විද්‍යාලය ලකුණු 158ක් දක්වා රැගෙන ගියත් මහානාම පළමු ඉනිමට සාපේක්ෂව එය අවම ලකුණක් වූ නිසා ඔවුන්ට යළිත් පිතිකරණයේ නිරත වීමට සිදු විය. ජනිඳු දෙව්මිණ සිය විද්‍යාලයට ලැබීමට තිබුණ ඉනිමක පරාජයෙන් සිය කණ්ඩායම ගලවා ගෙන දිනය අවසන් වන තෙක් ක්‍රීඩා කරමින් තරගය ගෞරවාන්විතව අවසන් කළේය.

මහානාම විද්‍යාලය – 403/6d (95.1): පවන් රත්නායක 175, පවන්ත විරසිංහ 132, පවන්ත රොද්‍රිගෝ 30

ජනාධිපති විද්‍යාලය – 158/10 (58.2): එරන්ද හශාන් 51, අකිල රොශාන් 24, හශාන් සංදීප 6/66

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම (F/O) – 145/6 (43): ජනිඳු දෙව්මින 56*, ටශික නිර්මාල් 33.


පළමු දිනයට පැවැත්වූ තරග

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් විදුහල් පිටියේ දී කාසියේ වාසිය දිනාගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හැරී ආව ද, කවිශ ජයතිලක ලකුණු 54ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 135ක් දක්වා රැගෙන එන ලදි. දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 5ක් දවාලමින් දස්කම් දක්වන ලදි. මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 161ක් ලබාගෙන සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගෙන ඇත. තරුෂ ප්‍රනාන්දු ලකුණු 64යි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 135/10 (44.5): කවිශ ජයතිලක 54, නිසල්ක දුලාජ් 23, ප්‍රවීන් ජයවික්‍රම 5/44

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 161/6 (37): තරුෂ ප්‍රනාන්දු 64, නිශිත අභිලාෂ් 34, කවීෂ ජයතිලක 3/26

ලකුණු 1000 පසුකර ගිය ගාල්ලේ ක්‍රිකට් තරුව

පුරෝකථනයෙන් ක්‍රීඩකයෙකු ගැන අනාවැකි ප්‍රකාශ කළ හැකි පුහුණුකරුවෙකු යනු ඔහු අත්දැකීම් සමුදායකට උරුමකම් කියන්නෙකි……..


වෙස්ලි විද්‍යාලය හා ධර්මපාල විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට ධර්මපාල විද්‍යාල ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 73යි.

කාසියේ වාසිය දිනාගත් සත්කාරක වෙස්ලි විද්‍යාල පළමු ඉනිම් වෙනුවෙන් මොවින් සුබසිංහ හා සකුන්ත ලියනගේ අර්ධ ශතක ලබාගන්නා ලදි. එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 71ක් හා ලකුණු 55*ක් ලබා ගත්තේය. ශෙනාල් දංගල්ල ලකුණු 44යි. පන්දු යැවීමේ දී ශසික ද සිල්වා කඩුලු 4යි. ලකුණු 300/9ක් ලෙස සිය ලකුණු පුවරුව දිස්වෙද්දී සිය ඉනිම අත්හිටුවන ලදි.

වෙස්ලි විද්‍යාලය – 300/9d (75.3): මොවින් සුබසිංහ 71, සකුන්ත ලියනගේ 55*, ශෙනාල් දංගල්ල 44, රාහුල් ගුණසේකර 41, තනුක පෙරේරා 30,  ශසික ද සිල්වා 4/76.

ධර්මපාල විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 73/2 (17):


සාන්ත පීතර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය

රාජකීය පිටියේ දී කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වූ අද දිනය අවසන් වන විට රාජකීය ලකුණු පුවරුව 22/0ක් ලෙස දිස්විය.

රන්මිත් ජයසේන හා ශාලිත් ප්‍රනාන්දුගේ පිතිකරණයෙන් වර්ණවත් වූ මෙම තරගයේ දී සාන්ත පීතර විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබාගෙන සිය මුල් ඉනිම අත්හිටුවන ලදි. තෙමාල් බණ්ඩාර හා මනුල පෙරේරා අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

සාන්ත පීතර විද්‍යාලය – 262/9d (84.4): රන්මිත් ජයසේන 66, ශාලිත් ප්‍රනාන්දු 51, සචින් සිල්වා 42, සුලක්ෂණ ප්‍රනාන්දු 33, තෙමාල් බණ්ඩාර 3/57, මනුල පෙරේරා 3/61

රාජකිය විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 22/0 (9):


ආනන්ද විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

සුහද තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක ආනන්ද විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත විය.

එහි දී ආනන්ද විද්‍යාල ඉනිම ලකුණු 260ක් දක්වා රැගෙන ගිය දුශාන් හෙට්ටිගේ ශතකයක් ලබා ගන්නා විට ශමල් හිරුශාන් අර්ධ ශතකයක් ලබා ගත්තේය. විමුක්ති නෙතුමල් කඩුලු 4යි.

තරගය නිමා වන විට ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 55ක් ලබාගෙන සිටියි.

ආනන්ද විද්‍යාලය – 260/10 (75): දුශාන් හෙට්ටිගේ 114, ශමල් හිරුශාන් 66, ගිෂාන් විශ්වජිත් 28*, විමුක්ති නෙතුමල් 4/79, තිසරු දිල්ශාන් 3/22, කවිෂ්ක සේනාදීර 3/80.

ත්‍රිත්ව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 55/3 (19):

ශ්‍රී ලාංකික කඩුලු ත්‍රිත්වයන් 13 එකපෙළට

කඩුලු ත්‍රිත්වයක් කියන්නේ ක්‍රිකට් පිටියේදී කලාතුරකින් දකින්න ලැබෙන විශේෂ දස්කමක්……..


නාලන්ද විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස නාලන්ද පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

ලක්ෂිත රසාංජන හා අවිශ්ක ප්‍රනාන්දු පිළිවෙළින් ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගෙන ධර්මරාජ විද්‍යාල පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු රැස්කර ගත්තේය. අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 301ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවීමට නාලන්ද විද්‍යාලය තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය නිමා වන විට ධර්මරාජ ලකුණු පුවරුව 67/3ක් ලෙස දිස්විය.

නාලන්ද විද්‍යාලය – 301/8d (69.3): ලක්ෂිත රසාංජන100, අවිශ්ක ප්‍රනාන්දු 54, සුහඟ විජේවර්ධන 45.

ධර්මරාජ විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 67/3 (21):


බණ්ඩාරනායක විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

බණ්ඩාරගම මහජන ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ මේ A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වන ලදි. මොරටු මහා විද්‍යාල පන්දු හමුවේ බණ්ඩාරනායක පළමු ඉනිම ලකුණු 98ක් වැනි අවම ලකුණකට සීමා විය. නජිත මිශේන්ද්‍ර කඩුලු 3යි.

අනතුරුව පිටියට පිවිසි මොරටු මහා විද්‍යාලය පළමු දිනය තුලම පළමු ඉනිමේ ජය  තහවුරු කර ගත්තේ සිය ඉනිම ලකුණු 178කට සීමා කරගනිමිනි. එහි දී නිශාන් ප්‍රනාන්දු ලකුණු 62ක් ලබාගන්නා විට අරෝෂ මදුශාන් කඩුලු  8ක් දවා ගනිමින්  දස්කම් දක්වන ලදි. තරගය පළමු දිනයට නවතාලන විට සිය දෙවන ඉනිම  ක්‍රියාත්මක කරන බණ්ඩාරනායක විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 26ක් ලබාගෙන සිටියි.

බණ්ඩාරනායක විද්‍යාලය – 98/10 (27.1): හචිත තිමාල් 27, රෂාන් ප්‍රනාන්දු 3/18, නජිත මිශේන්ද්‍ර 3/28.

මොරටු මහා විද්‍යාලය – 178/10 (45): නිශාන් ප්‍රනාන්දු 62, ශෙසඳ සොයිසා 34, නදීත් මිශේන්ද්‍ර 29, අරෝෂ මදුශාන් 8/48.

බණ්ඩාරනායක විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ)  – 26/2 (4):

පළමු දියට අද පැවැත්වූ තරග සියල්ලම හෙට (3) දෙවන දිනයටත් පැවැත්වෙන අතර  සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගයේ දෙවන දිනය හෙට දිනයේ දී ද සජීව ලෙස විකාශනය කිරීමට ThePapare.com සියල්ල සුදානම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<