රිච්මන්ඩ් හා ඩී. එස්. නොසිතූ ලෙස සුපිරි 16 වටයෙන් ඉවතට

878

පාසල් ක්‍රිකට් පිටිය ක්‍රීඩා උන්මාදයෙන් නැහැවී යන මේ සමය තුළ වයස අවුරුදු 19න් පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරග වට පැවැත්වෙන අතර එ් අතුරෙන් අද (23) පැවැත්වූ තරග දෙක ජයග්‍රහණය කළ වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය සුපිරි 8 දෙනාගේ වටයේ සිය ස්ථානය වෙන්කරවා ගන්නා ලදි.

නායක සවිඳු පීරිස්, විශ්ව චතුරංග හා කෞමාල් නානායක්කාර වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනුණ දස්කම් දැක්වූ අතර දුනිත් වෙල්ලාලගේ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් සිය තුන් ඉරියව් දස්කම් දැක්වූහ.  

නාලන්ද හා සාන්ත සෙබස්තියන් අර්ධ අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වූ තරග අතරින් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අර්ධ…

  • පළමු දිනයට පැවැත්වූ තරග

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

ඩී. එස්. සේනානායක විද්‍යාලය සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය හමුවේ ලකුණු 228ක පරාජයක් ලබාගත් මේ තරගය අද අවසන් වූ අතර ඒ නිසාවෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලයට හැකි විය.

නායක සවිඳු පීරිස් හා කෞමාල් නානායක්කාර ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම ලකුණු 89කට සීමා කරන ලදි. අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් විශ්ව චතුරංග අර්ධ ශතකයක් ලබා ගත් අතර ලකුණු 134ක් ලබාගෙන ඔවුන් සිය දෙවන ඉනිම අත්හිටු වූයේ ඩී. එස්. සේනානායක විද්‍යාලයට දැඩි අභියෝගයක් ලබා දෙමිනි. සවිඳු හා කෞමාල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඩී. එස්. සේනානායක දෙවන ඉනිම ද අසාර්ථක විය. තරගය පුරාවට දස්කම් දැක්වූ විශ්ව චතුරංග ලකුණු 162ක් ලබා ගන්නා විට නායක සවිඳු පීරිස් කඩුලු 13ක් දවා ගන්නා ලදි. සවිඳු හට සහය වූ කෞමාල් කඩුලු 6යි.

වේල්ස් කුමර විද්‍යාලය – 342 (72.2): විශ්ව චතුරංග 100, දේවක පීරිස් 47, ප්‍රින්ස් ප්‍රනාන්දු 45, සඳුන් ප්‍රනාන්දු 35, විනුජ රන්පුල් 30, සුවත් මෙන්ඩිස් 27, සචින්ත හෙට්ටිගේ 3/90.

ඩී. එස්. සේනානායක විද්‍යාලය –  89 (28.5): අයන්ත ශවින්ද 22, සවිඳු පීරිස් 6/18, කෞමාල් නානායක්කාර 3/40 .

වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම – 134/6d (22): විශ්ව චතුරංග 62, මුදිත ලක්ෂාන් 6/29.

ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම – 159 (35.3): පසිඳු ආධිත්‍යය 40, ටෙරෙනා බස්කරන්  30, ටුවින් නිලක්ශන 26, සවිඳු පීරිස් 7/58, කෞමාල් නානායක්කාර 3/74


සාන්ත ජෝසප් විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි කර ගත් මෙම තරගය ගාලු ජාත්‍යන්තර පිටියේ දී පැවැත්විය.

දෙවන දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට නොදැවී ක්‍රීඩා කළ ශිවාන් රාසුල් ලකුණු 78කට දැවී ගිය පසුව පිටියේ එක්වූ දුනිත් වෙල්ලාලගේ හා අශේන් ඩැනියෙල් අවසන් කඩුල්ල සඳහා පන්දු 227ක් තුළ ලකුණු 174ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූයේ සිය විද්‍යාලයට වැඩි ලකුණු පරතරයක් සහිත පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි කර දෙමිනි.

රිච්මන්ඩ් දෙවන ඉනිම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි. සිය තුන් ඉරියව් දස්කම් විදහාලූ දුනිත් වෙල්ලාලගේ පිතිකරණයෙන් ලකුණු 137ක් හා පන්දු යැවීමෙන් කඩුලු 7ක් දවා ගනිමින් තරගය පුරාවට දස්කම් දක්වන ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය – 216 (65.3): තවීශ අභිශේක 78, සඳුන් මෙන්ඩිස් 33, ආධිත්‍යය සිරිවර්ධන 33, දනංජය ලක්ෂාන් 27, දුනිත් වෙල්ලාගේ 4/65, මිරංග වික්‍රමගේ 3/28.

සාන්ත ජෝසප් විද්‍යාලය – 401 (106.4): දුනිත් වෙල්ලාලගේ  137,  ශිවාන් රාසුල් 78, ජෙහාන් ඩැනියල් 47, අශේන් ඩැනියල් 43*, ලක්ෂාන් ගමගේ 34, කමිඳු මෙන්ඩිස් 5/87, අවිඳු තීක්ෂණ 2/66.

රිච්මන්ඩ් විද්‍යාල දෙවන ඉනිම – 165/4  (44): ධනංජය ලක්ෂාන් 88, ආධිත්‍යය සිරිවර්ධන 29, අවිඳු තීක්ෂණ 22, දුනිත් වෙල්ලාලගේ 3/38.

  • සුහද තරග

මහානාම විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

ධර්මරාජ පිටියේ දී නිමා වූ මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.

අද දිනයට තරගය ආරම්භ කරන විට මහානාම විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 364ක් ලබාගෙන තිබුණි.  පවන් රත්නායක සිය ලකුණු පුවරුව ලකුණු 127*ක් ලෙස වර්ධනය කර ගත් පසුව සිය විද්‍යාල පළමු ඉනිම අත්හිටුවන ලදි.

ලකුණු 400ක පළමු ඉනිමේ ඉලක්කයක් පසුපස හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් අවිඳු හේරත් ලකුණු 64ක් ලබා ගත්තේය. මනොහරන් පවිත්රන් ලකුණු 44යි. අවසානයේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම ලකුණු 221කට සීමා විය. හශාන් සංදීප කඩුලු 4යි.

මහානාම විද්‍යාලය – 400/8 (104): පවන් රත්නායක 127*, හේශාන් හෙට්ටිආරච්චි 105, පවන්ත වීරසිංහ 52, පැතුම් බොතේජු 44, කනිශ්ක ජයසේකර 2/74.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 221 (75.4): අවිඳු හේරත් 64, මනොහරන් පවිත්රන් 44, නදීර බාලසූරිය 36, හශාන් සංදීප 4/73,  සොනාල් දිනූෂ 3/30.

මහානාම විද්‍යාල දෙවන ඉනිම – 56/1 (5):

ආදරවන්ත රිච්මන්ඩ්වරුන්ගේ First Flag

රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයින්ගේ සටන මාර්තු මස 16 සහ 17 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය. 1905 වසරේ දී ඇරඹි මෙම මහා තරගය මෙවර…

රාජකීය විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

අස්ගිරිය පිටියේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. රාජකීය පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට කවිඳු මදරසිංහ සමත් විය. භාතිය දිසානායක ලකුණු 30යි. පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ විමුක්ති නෙතුමල් කඩුලු 7ක් දවාලන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 123ක් ලබාගෙන තරගය තියුණුකාරී තැනකට රැගෙන ආ අතර මනුල පෙරේරා කඩුලු 4ක් දවාලන ලදි.

රාජකීය විද්‍යාලය – 149 (55): කවිඳු මදරසිංහ  60, බාතිය දිසානායක 30, පසිඳු සූරියබණ්ඩාර 21, විමුක්ති නෙතුමල් 7/52.

ත්‍රිත්ව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 123/7 (38): හසිත බෝයගොඩ 24, මනුල පෙරේරා 4/37.


සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ නාලන්ද විද්‍යාලය සාන්ත තෝමස් පිටියේ දී පළමුව පන්දුවට පහර දී ලකුණු 202ක් රැස්කර ගත්තේය. එහි දී ශාලිත් ප්‍රනාන්දු ලකුණු 47ක් ලබා ගන්නා ලදි. නාලන්ද පළමු ඉනිම එවන් මට්ටමකට සීමා කිරීමට සාන්ත තෝමස් විද්‍යාලයට සවියක් වූ කලණ පෙරේරා කඩුලු 5ක් දවාලන ලදි. පළමු දිනයට තරගය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබාගෙන සිටියි.

සාන්ත පීතර විද්‍යාලය – 202 (68.2): ශාලිත් ප්‍රනාන්දු 47, ශැනොන් ප්‍රනාන්දු 29, ප්‍රබාසර හේරත් 28, කනිශ්ක මදුවන්ත 28, කලණ පෙරේරා 5/50.

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 44/3 (17):

පළමු දිනයට පැවැත්වූ තරග හෙටත් (24) පැවැත්වේ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<