ආනන්ද විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය සුපිරි 8 වටයට

524

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර අවසන් 16 දෙනාගේ වටයේ තරග මේ වන විට පැවැත්වේ. ඒ අතරින් ආනන්ද විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය සුපිරි 8 දෙනාගේ වටයට තේරී පත්වූ පළමු කණ්ඩායම් දෙක බවට අද (21) පත්වුයේ පිළිවෙළින් සාන්ත පීතර හා සාන්ත ඇලෝසියස් විද්‍යාල පරාජය කරමිනි.

ඊට අමතරව අද පැවැත්වූ තරගවල දී වැඩි දස්කම් දැක්වීමට පුබුදු බණ්ඩාර, නිෂිත අභිලාෂ්, ලක්ෂිත රසාංජන හා සිතාර හපුහින්න සමත් විය.

යොහාන් හා කනිශ්ක සාන්ත ජෝසප් වාස් ජය තහවුරු කරයි

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට අවසන් වී ඇති…thomas

ගුරුකුල විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල පිටියේ දී කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. එහි දී ගුරුකුල පළමු ඉනිම වෙනුවෙන් මලිඳු විදුරංග, කෙමිර නයනතරු, පැතුම් මහේෂ් හා ලික්ෂින පසංග අර්ධ ශතක ලබා ගත්තේ ඔවුන්ගේ පළමු ඉනිම සවිමත් ලකුණු පුවරුවක් වෙත ගෙන යමිනි. කවිඳු මදුක කඩුලු 3යි.

පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත අන්තෝනි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 265ක් ලබා ගත්තේ අවිශ්ක තරිඳු හා ජොයෙල් පින්ටෝගේ අර්ධ ශතක සවියක් කරගෙනයි. පෘතුවි රූසර කඩුලු 3යි. අවසානයේ පළමු ඉනිමේ ජයකින් සැහීමකට පත්වීමට ගුරුකුල විද්‍යාලයට හැකි විය.

ගුරුකුල විද්‍යාලය – 365/7d (102): මලිඳු විදුරංග 101*, කෙමිර නයනතරු 65, පැතුම් මහේෂ් 65, ලික්ෂින පසංග 54, නුවන් චානක 23, කවිදු මදුක 3/43.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 265 (79):  අවිශ්ක තරිඳු 86, ජොයෙල් පින්ටෝ  59, සංක මදුභාෂණ 43, යසිඳු ජයවීර 35, පෘතුවි රූසර 3/64.

ගුරුකුල විද්‍යාල දෙවන ඉනිම – 74/2 (15): ප්‍රවීන් නිමේෂ් 45*

අවසන් 16 දෙනාගේ තරග


ආනන්ද විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාල පිටියේ දී ආරම්භ වූ මේ තරගය පළමු දිනයට ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළේ සාන්ත පීතර පළමු ඉනිම අවම ලකුණකට සීමා කිරීමේ අරමුණ ඇතිවයි.

සාන්ත පීතර විද්‍යාලය ලබාගත් ලකුණු  128ට පිළිතුරු ලෙස සියල්ලන්ම දැවී ලකුණු 213ක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් වූයේ තරගයේ පළමු ඉනිම ජය ගනිමිනි. කනිෂ්ක රන්තිලකගේ ලකුණු 51යි. ශමල් හිරුශාන් 45*යි. පන්දු යැවීමේ දී නායක සන්තුෂ් ගුණතිලක හා මොහොමඩ් අමීන් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි. තරගය අවසන් වන විට සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සුලක්ෂණ ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා ගත්තේය. අවසානයේ පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් ආනන්ද විද්‍යාලය සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

සාන්ත පීතර විද්‍යාලය – 128 (44.1): මොහොමඩ් අමීන් 22, දෙනෙත් ප්‍රමුදිත 4/34, අශෙල් සිගේරා 3/14.

ආනන්ද විද්‍යාලය  – 213 (70.5): කනිෂ්ක රන්තිලකගේ 51, ශමල් හිරුශාන් 45*, කවිඳු ගිම්හාන 26, සන්තුෂ් ගුණතිලක 3/43, මොහොමඩ් අමීන් 3/81.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම –  166/4 (56): සුලක්ෂණ ප්‍රනාන්දු 69, නිපුන්ක ෆොන්සේකා 46.

තර්ස්ටන්-ඉසිපතන සහෝදරයින්ගේ ගැටුමට සියල්ල සූදානමින්

මෙම වසරේ පාසල් මහා ක්‍රිකට් තරග සමය එළඹෙන 23 වන දින SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන…


සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

අස්ගිරිය පිටියේ නිමා වූ මේ තරගයෙන් කඩුලු 9ක ජයක් ලබා ගත් ත්‍රිත්ව විද්‍යාලය අවසන් 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මේ තරගයේ ඊයේ දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 151ක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වූයේ සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගනිමිනි. අද උදෑසනම ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 158කට සීමා විය. කවික ඩිල්ශාන් කඩුලු 5යි. සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් වේගවත් ශතකයක් ලබා ගැනීමට රවිඳු සංජන සමත් විය. ඔහුට සහය වූ සංදීප චමෝද් ලකුණු 52කට දැවී ගියේය. කඩුලු 5ක් දැවී ලකුණු 227ක් ලබාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය දෙවන ඉනිම අවසන් කළේ ලකුණු 200ක ඉලක්කයක් ත්‍රිත්ව විද්‍යාලයට ලබා දෙමිනි.

එම ඉලක්කය ත්‍රිත්ව විද්‍යාලය පහසුවෙන්ම හඹා ගියේ පුබුදු බණ්ඩාරගේ අගනා නොදැවුණු ශතකය නිසාවෙනි. හසින්ත ජයසූරිය ලකුණු 47යි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 130 (47): අශේන් බණ්ඩාර 49, රවිඳු සංජන 26, එම්. නෙතුමල් 4/43, හසිත බෝයගොඩ 3/24.

ත්‍රිත්ව විද්‍යාලය – 158 (50.1): හසින්ත ජයසුරිය 37, කවික ඩිල්ශාන් 5/52.

සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම –  227/5d (33.4): රවිඳු සංජන 102, සංදීප චමෝද් 52, අශේන් බණ්ඩාර 34, විමුක්ති නෙතුමල් 2/72.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම –  203/1 (46.4): පුබුදු බණ්ඩාර 127*, හසින්ත ජයසුරිය 47, හසිත බෝයගොඩ 24.


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කදිරාන පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන්  මනීෂ සිල්වා හා නවීන් ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 48ක් හා ලකුණු 33ක් ලබා ගත්තේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 201ක් දක්වා ඔසවා තබමිනි. පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ  ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 64ක් තුළ කඩුලු 5ක් දවා ගන්නා ලදි. මේ තරගයේ පළමු දිනය අවසන් වන විට තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය. නිෂිත අභිලාෂ් ලකුණු 92යි. නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 79යි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 201 (51.2): මනීෂ සිල්වා 48, නවීන් ප්‍රනාන්දු 33, පසිඳු උෂෙට්ටි 28*, රොෂේන් ප්‍රනාන්දු 26, කෙවින් පෙරේරා 24, ප්‍රවීන් ජයවික්‍රම 5/64, ප්‍රවීන් කුරේ 3/41.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 210/4 (47): නිෂිත අභිලාෂ් 92, නුවනිඳු ප්‍රනාන්දු 79, රවිඳු ප්‍රනාන්දු 2/78.


සාන්ත තෝමස් විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

කාසියේ වාසිය දිනූ නාලන්ද විද්‍යාලය සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලයට පළමුව පන්දුවට පහර දුනි. පළමු දිනයට තරගය අවසන් වන විට සාන්ත තෝමස් විද්‍යාලය තරගයේ වැඩි වාසිය සියතට ගත්තේය. සිතාර හපුහින්න හා මනීෂ රූපසිංහ අර්ධ ශතක ලබාගෙන සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 254ක් දක්වා වර්ධනය කර ගත් පසුව සිය පළමු ඉනිම අවසන් කළේය. නාලන්ද විද්‍යාලයේ නායක ලක්ෂිත රසාංජන දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 6ක් දවාලන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය – 254/9d (82.2): සිතාර හපුහින්න 76, මනීෂ රූපසිංහ 51, ශලින් ද මෙල් 40, ලක්ෂිත රසාංජන 6/67.

නාලන්ද විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 31/3 (10):

පළමු දිනයට පැවැත්වූ තරග හෙටත් (22) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<