යොහාන් හා කනිශ්ක සාන්ත ජෝසප් වාස් ජය තහවුරු කරයි

260

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර අවසන් 16 දෙනාගේ වටයේ තරග අද (20) ආරම්භ විය.

එසේම සුහද තරගයක් ලෙස පැවැත්වූ තරගයකින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලය වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හමුවේ කඩුලු  10කින් පරාජය විය. එහි දී කනිශ්ක නානායක්කාර හා යොහාන් පීරිස්ගේ දස්කම් කැපී පෙනින. ඊට අමතරව  අද පැවැත්වූ තරගවල දී ආනන්ද විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය තරගයේ වැඩි වාසිය තමන් සතු කර ගන්නා ලදි.

කමිඳු – ධනංජය සුසංයෝග නිසා රිච්මන්ඩ් විද්‍යාලය දැවැන්ත ජයකට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (20) සිට…

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

ගොඩිගමුව පිටියේ දී නිමා වූ මේ තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් විය. සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් ඊයේ වන විට ලකුණු 81*ක් ලබාගෙන සිටි යොහාන් පීරිස් අද දිනය තුල සිය ශතකය සම්පුර්ණ කර ගත්තේය. හසිඳු ප්‍රමුඛ කඩුලු 4යි.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම අර්ධ ශතකයකින් සවිමත් කිරීමට රිෆාස් මවුරෆ් සමත් වූයේ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 320ට පිළිතුරු ලෙසයි. ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම ලකුණු 207කට සීමා විය. දනංජය පෙරේරා කඩුලු 4යි.

ජනාධිපති විද්‍යාලය – 113 (32.3): ටශික නිර්මාල් 23, අකිල රොශාන් 22, කනිශ්ක නානායක්කාර 6/42.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 320/8d (71.4): යොහාන් පීරිස් 112*, කනිශ්ක නානායක්කාර 55, සොහාන් අනුරුද්ධ 45, හසිඳු ප්‍රමුඛ 4/106.

ජනාධිපති විද්‍යාල  දෙවන ඉනිම –  207 (49.5): රිෆාස් මවුරෆ් 53, රසිත ලක්මාල් 34, ගනිඳු දෙව්මින 36, හිරුන සිගේරා 28, දනංජය පෙරේරා 4/56, කනිෂ්ක නානායක්කාර 3/66.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 6/0 (0.1):


ගුරුකුල විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල පිටියේ දී කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. එහි දී ගුරුකුල පළමු ඉනිම වෙනුවෙන් මලිඳු විදුරංග, කෙමිර නයනතරු, පැතුම් මහේෂ් හා ලික්ෂින පසංග අර්ධ ශතක ලබා ගත්තේ ඔවුන්ගේ පළමු ඉනිම සවිමත් ලකුණු පුවරුවක් වෙත ගෙනයමිනි. කවිඳු මදුක කඩුලු 3යි.

ගුරුකුල විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 353/7 (97): මලිඳු විදුරංග 88*, කෙමිර නයනතරු 65, පැතුම් මහේෂ් 65, ලික්ෂින පසංග 54, නුවන් චානක 23, කවිදු මදුක 3/43

  • අවසන් 16 දෙනාගේ තරග

ආනන්ද විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාල පිටියේ දී ආරම්භ වූ මේ තරගය පළමු දිනයට ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළේ සාන්ත පීතර පළමු ඉනිම අවම ලකුණකට සීමා කිරීමේ අරමුණ ඇතිවයි.

ආනන්ද විද්‍යාලයේ දකුණතින් වේගපන්දු යවන දෙනෙත් ප්‍රමුදිත සාන්ත පීතර පළමු ඉනිමේ කඩුලු 4ක් ලකුණු 34ක් තුල දවා ගනිමින් සාන්ත පීතර විද්‍යාල පිතිකරුවන් අසරණ කළේය. නායක අශෙල් සිගේරා කඩුලු 3යි. සාන්ත පීතර විද්‍යාලය ලබාගත් ලකුණු  128ට පිළිතුරු ලෙස තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් වූයේ තරගයේ පළමු ඉනිමේ වැඩි වාසිය සියතට ගනිමිනි. කනිෂ්ක රන්තිලකගේ ලකුණු 51යි.

සාන්ත පීතර විද්‍යාලය – 128 (44.1): මොහොමඩ් අමීන් 22, දෙනෙත් ප්‍රමුදිත 4/34, අශෙල් සිගේරා 3/14.

ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 169/7 (49): කනිෂ්ක රන්තිලකගේ 51, කවිඳු ගිම්හාන 26, ශමල් හිරුශාන් 25*, මොහොමඩ් අමීන් 3/59.

හතුරුසිංහගේ රහස් සැලසුම

තරග ජය ගත නොහැකිව, අසරණව සිටි දරු පැටවුන් කිහිප දෙනෙකු මහත්වරුන් බවට පත්කළ ගැලවුම්කාරයකුගේ විශ්මිත සේවය සහ ලෝකයම දෑස් දල්වා බලා සිටින ඔහුගේ රහස් සැලසුම හෙළිකිරීම…

සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

අස්ගිරිය පිටියේ පැවැත්වූ මේ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 151ක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වූයේ සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගනිමිනි. කාසියේ වාසිය දිනූ සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 130ක් ලබා ගත්තේය. අශේන් බණ්ඩාර ලකුණු 49යි. එම්. නෙතුමල් කඩුලු 4යි. ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් හසින්ත ජයසුරිය ලකුණු 37ක් ලබා ගත්තේය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 130 (47): අශේන් බණ්ඩාර 49, රවිඳු සංජන 26, එම්. නෙතුමල් 4/43, හසිත බෝයගොඩ 3/24.

ත්‍රිත්ව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 151/9 (46): හසින්ත ජයසුරිය 37, කවික ඩිල්ශාන් 4/50.

පළමු දිනයට පැවැත්වූ තරග හෙටත් (21) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<