කමිඳු – ධනංජය සුසංයෝග නිසා රිච්මන්ඩ් විද්‍යාලය දැවැන්ත ජයකට

747

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (20) සිට ආරම්භ වෙනු ඇත. අද (19) පැවැත්වූ තරගවල දී ධනංජය ලක්ෂාන්, කමිඳු මෙන්ඩිස් හා අවිඳු තීක්ෂණගේ දස්කම් නිසාවෙන් රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 235ක දැවැන්ත ජයක් හිමි විය.

පාසල් ක්‍රිකට් උන්මාදයේ සොඳුරුතම පෙළහැර දැක්ම

ශ්‍රී ලාංකිකයින් වඩාත්ම උද්යෝගයෙන් සමරන ක්‍රීඩාව වන්නේ අවිවාදයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව යි……

මලියදේව විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

මලියදේව විද්‍යාල පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරකයින් පළමුව පන්දුවට පහර දෙන ලදි. එහි දී මුදිත ප්‍රේමදාස නොදැවී ලකුණු 59*ක් ලබාගෙන මලියදේව පළමු ඉනිම ලකුණු 110ක් දක්වා රැගෙන ගියේ අවිඳු තීක්ෂණගේ පන්දු හමුවේ හොඳින් මුහුණ දෙමිනි. දක්ෂ ලෙස පන්දු යැවූ අවිඳු කඩුලු 7ක් දවාලන ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ධනංජය ලක්ෂාන් හා කමිඳු මෙන්ඩිස් අගනා ශතක දෙකක් ලබා ගත්හ. කමිඳුගේ සහෝදරයා වන සඳුන් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබාගත් අතර ආධිත්‍යය සිරිවර්ධන ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. ඒත් සමඟින් රිච්මන්ඩ් පළමු ඉනිම ලකුණු 510ක් ලෙස සනිටුහන් වූ අතර අනතුරුව ඔවුන් සිය ඉනිම අත්හිටුවන ලදි.

දැඩි පීඩනයක් යටතේ පිටියට පිවිසි මලියදේව විද්‍යාල දෙවන ඉනිම ලකුණු 165කට සීමා කළ දිළුම් සුධීර හා අවිඳු ඇතුළු රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 235ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය.

මලියදේව විද්‍යාලය – 110 (35.5): මුදික ප්‍රේමදාස 59*, අවිඳු තීක්ෂණ 7/42, සඳුන් මෙන්ඩිස් 2/39  & 165 (49.3) දුලාජ් රණතුංග 59, සුපුන් සුමණරත්න 21, දිළුම් සුධීර 5/66, අවිඳු තීක්ෂණ 3/35

රිච්මන්ඩ් විද්‍යාලය – 510/8d (84.4): ධනංජය ලක්ෂාන් 154, කමිඳු මෙන්ඩිස් 124, සඳුන් මෙන්ඩිස් 52*, ආධිත්‍යය සිරිවර්ධන 51, දුවින් කලන්සූරිය 38, දිළුම් සුධීර 36, කවීන් බණ්ඩාර 3/84, දුලාජ් රණතුංග 3/88.


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

ගොඩිගමුව පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ජනාධිපති විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 113ක් ලබා ගන්නා ලදි. එවන් අවම ලකුණකට ඔවුන්ගේ ඉනිම සීමා කිරීමට කනිශ්ක නානායක්කාර සමත් විය. පළමු දිනය අවසන් වන විට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත්තේ කඩුලු 7ක් දැවී ලකුණු 274ක් ලබා ගනිමිනි. නොදැවී ක්‍රීඩා කරන යොහාන් පීරිස් ලකුණු 81*යි.

ජනාධිපති විද්‍යාලය – 113 (32.3): ටශිත නිර්මාල් 23, අකිල රොශාන් 22, කනිශ්ක නානායක්කාර 6/42.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 274/7 (60): යොහාන් පීරිස් 81*, කනිශ්ක නානායක්කාර 55, සොහාන් අනුරුද්ධ 45, දනංජය පෙරේරා 21, හසිඳු ප්‍රමුඛ 4/41.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<