125 වසරක් ඉපැරණි ශූරතාවය රාජකීයයන්ට

290
Schools U19 Cricket 17th February roundup

රාජකීය – වෙස්ලි ක්‍රිකට් සටනේ ජයග්‍රහණය හිමි කර ගැනීමට රාජකීය විද්‍යාලය අද (17) සමත් විය. රාජකීය විද්‍යාලය ලකුණු 151කින් වෙස්ලි විද්‍යාලය පරාජය කරන විට සාන්ත පීතර විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබා ගන්නා ලදි. මීට අමතරව සාන්ත ජෝසප් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය හා  ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගැනීමට අද සමත් විය.

නාලන්ද හා ද මැසනඩ් විද්‍යාල පළමු ඉනිම ගොඩ දා ගනී

නාලන්ද විද්‍යාලය හා ද මැසනඩ් විද්‍යාලය පිළිවෙළින් මලියදේව විද්‍යාලයට හා සාන්ත සෙබස්තියන් විද්‍යාලයට.

රාජකීය විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගයක් වන මෙය මෙවර 125 වන වරට පැවැත්විය. මෙහි දී රාජකීය විද්‍යාලයට ලකුණු 131ක දැවැන්ත ජයක් හිමි විය. රාජකීය දෙවන ඉනිම ලකුණු 231ක් වන විට අත්හිටුවන ලදි. කමිල් මිශාර හා පසිඳු සූරියබණ්ඩාර අර්ධ ශතක දෙකක් ලබා ගන්නා ලදි. වෙස්ලි දෙවන ඉනිම සුනුවිසුනු කළ ගයාන් ශානක හා තෙමාල් බණ්ඩාර එම ඉනිම ලකුණු 146කට නවතාලන ලදි.

රාජකීය විද්‍යාලය – 150 (38.5): කමිල් මිශාර 35, භාග්‍ය දිසානායක 29, මොවින් සුබසිංහ 5/48, ෂෙනාල් දංගල්ල 3/57.

වෙස්ලි විද්‍යාලය – 104 (40.3): ෂෙනාල් දංගල්ල 34, තෙමාල් බණ්ඩාර 4/18, ලහිරු මදුසංක 3/24.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 231/6 d (52.4): කමිල් මිශාර 80, පසිඳු සූරියබණ්ඩාර 69, තෙවිඳු සේනාරත්න 41, මොහොමඩ් උබයදුල්ලා 3/65, මොවින් සුබසිංහ 3/67.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම – 146 (44): ජනිත් නුවන්ත 26, ගයාන් ශානක 5/44, තෙමාල් බණ්ඩාර 3/35.


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යවා සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම ලකුණු 169කට සීමා කළේය. පළමු දිනය අවසානයේ වැඩි වාසිය සාන්ත පීතර විද්‍යාලයට හිමිවූ අතර අවසානයේ ලකුණු 54ක ජයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. එහි දී ප්‍රබාසර හේරත් හා රන්මිත් ජයසේන ලබාගත් අර්ධ ශතක දෙක හා මොහොමඩ් අමීන් හා සන්තුෂ් ගුණතිලක දැක්වූ දස්කම් කැපීපෙණින.

සාන්ත පීතර විද්‍යාලය – 169 (48.2): ශැනොන් ප්‍රනාන්දු 58, සන්තුෂ් ගුණතිලක 43, නිපුනක ෆොන්සේකා 34, නිම්නක ජයතිලක 6/57.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 137 (37.2): මොහොමඩ් අබ්සාර් 27, මොහොමඩ් අමීන් 5/47, සන්තුෂ් ගුණතිලක 4/36.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 184 (43.3): ප්‍රබාසර හේරත් 62, රන්මිත් ජයසේන 59, කල්හාර සේනාරත්න 4/51, නිම්නක ජයතිලක 4/91.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 162 (55.1): සුනෙර ජයසිංහ 52, තමාශන අබේකෝන් 31, මොහොමඩ් අමීන් 5/76, සන්තුෂ් ගුණතිලක 3/29.

වරාය ක්‍රීඩකයෝ නොතිබූ ජයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 කාණ්ඩයේ අවසන් සතියේ තවත්


ධර්මරාජ විද්‍යාලය හා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

මෙම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සත්කාරක ධර්මරාජ විද්‍යාලය සමත් විය. උපේන්ද්‍ර වර්ණකුලසූරියගේ දක්ෂ පන්දු යැවීම නිසා සාන්ත සිල්වෙස්ටර් දෙවන ඉනිම ලකුණු 128කට සීමා විය.

පිළිතුරු දෙවන ඉනිම දියත් කළ ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් කසුන් ගුණවර්ධන නොදැවී ලකුණු 70*ක් ලබාගෙන එම ජයග්‍රහණය සිය විද්‍යාලයට හිමි කර දීමට අවශ්‍ය මඟ සකසලන ලදි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 141 (41.1): අවිඳු හේරත් 50, විරාජිත් ඇහැළේපොළ 5/42, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 4/22.

ධර්මරාජ විද්‍යාලය – 130 (47.4): කසුන් ගුණවර්ධන 40, ඉසුරු දයානන්ද 33, නිම්සර අත්තනගල්ල 7/40.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල දෙවන ඉනිම – 128 (38.5): අවිඳු හේරත් 36, උපේන්ද්‍ර වර්ණකුලසූරිය  6/47, රැක්මාල් දිසානායක 3/38

ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම – 142/4 (24.5): කසුන් ගුණවර්ධන 70*, බවන්ත උඩන්ගමුව 28.

ක්‍රිකට් වසන්තය පසුපසින් එන මහා ක්‍රිකට් තරග වසන්තය – Sports මසාලා 021

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයේදී ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබාගන්නට සමත් වුණා. ඒ ගැන මහජනතාවගෙන් විමසපු අපි, එළඹෙන මහා ක්‍රිකට් තරග වසන්තය ගැනත් ඔවුන්ගෙන් විමසන්න අමතක කළේ නැහැ.


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

කාසියේ වාසිය දිනූ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 194කට සීමා කළේය. සාන්ත බෙනඩික්ට් කණ්ඩායම් උප නායක පෘතුවි ජෙගරාජසිංහම් ලකුණු 27ක් තුළ කඩුලු 5ක් දවා ගන්නා ලදි.

පළමු දිනයට තරගය නිමා වන විට සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම 107/6ක් ලෙස දැක්විය. කවීෂ ජයතිලක එම ඉනිම ලකුණු 183ක් දක්වා රැගෙන ගියත් ඔවුන්ට පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි විය.  නිපුන් සුමණසිංහ අගනා ශතකයක් ලබාගෙන සාන්ත ජෝසප් ඉනිම සවිමත් කරන ලදි. මහීෂ තීක්ෂණ කඩුලු 4යි.

සාන්ත ජෝසප් විද්‍යාලය – 194 (56.1): දුනිත් වෙල්ලාලගේ 50*, ලක්ෂාන් ගමගේ 30, ජෙහාන් ඩැනියල් 27, පෘතුවි ජෙගරාජසිංහම් 5/27.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 183 (59.3): කවීෂ ජයතිලක 51*, ඩිලාන් චතුරංග 36, රයන් ෆෙලෙසිගර්  31, මිරංග වික්‍රමගේ 4/42, දුනිත් වෙල්ලාලගේ 3/52.

සාන්ත ජෝසප්  විද්‍යාල දෙවන ඉනිම – 201/6d (60): නිපුන් සුමණසිංහ 100*, ජෙහාන් ඩැනියල් 41, මහීෂ තීක්ෂණ 4/92.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවන ඉනිම – 45/1 (17): රයන් ෆෙලෙසිගර් 26*.

මේ චන්දිමාල්ගේ හෝරාව ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් හෝ නරකින් වාර්තා තබන්නට සූරයන් බව මීට පෙර ලිපියකින් අප සටහනක් තැබූ බව ඔබට මතක යැයි සිතමු. මෙම ලිපිය සකසන්නට


ත්‍රිත්ව විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

අස්ගිරිය පිටියේ දී සත්කාරක ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මේ තරගයේ මන්තිල විජේරත්න සාන්ත තෝමස් පළමු ඉනිම අර්ධ ශතකයක් එක් කළේය. ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිමට පුබුදු බණ්ඩාර හා හසින්ත විජේසූරිය අර්ධ ශතක දෙකක් එක් කිරීමට සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලය – 243 (69.5): පුබුදු බණ්ඩාර 76, අශාන් ලොකුපිටිය 72*, අභිෂේක් ආනන්දකුමාර 33, මොහොමඩ් අෂාම් 3/57, පවිත් රත්නායක 3/59.

සාන්ත තෝමස් විද්‍යාලය – 176/8d (63): මන්තිල විජේරත්න 56, කිශාන් මුණසිංහ 30, විමුක්ති නෙතුමල් 3/50.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 179/7d (44.5): පුබුදු බණ්ඩාර 68, හසින්ත ජයසූරිය 53.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 49/2 (8):


ඉසිපතන විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ඉසිපතන විද්‍යාලයට අවසර දුන්නේය. 55 වන සහෝදරයින්ගේ පාසල් ක්‍රිකට් ගැටුමට පෙර පැවතී මේ තරගය එක්තරා ආකාරයකින් පුහුණු තරගයක් ලෙසත් හැඳින්වීමට හැකිය.

තරගය පළමු දිනයට නවතා දමන විට තර්ස්ටන් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 90යි. තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් තෙනෙත් ප්‍රබුද්ධ හා යොහාන් ලියනගේ අර්ධ ශතක ලබා ගත්හ. අනූප හේරත් කඩුලු 5යි. ඉසිපතන විද්‍යාල දෙවන ඉනිමට ලකුණු 51ක් එකතු කිරීමට අශේන් ගුණවර්ධන සමත් විය.

ඉසිපතන විද්‍යාලය – 180 (60.2): ලෙශාන් අමරසිංහ 106, සිසිර වීරසිංහ 3/38, යොහාන් ලියනගේ 3/54.

තර්ස්ටන් විද්‍යාලය – 241 (71): තෙනෙත් ප්‍රබුද්ධ 85, යොහාන් ලියනගේ 52, සිසිර වීරසිංහ  35, අනූප හේරත් 5/57.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම – 135 (46): අශේන් ගුණවර්ධන 51, ශාලක බණ්ඩාර 3/22, යොහාන් ලියනගේ 3/40.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම – 6/1 (2):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<