නාලන්ද හා ද මැසනඩ් විද්‍යාල පළමු ඉනිම ගොඩ දා ගනී

275

නාලන්ද විද්‍යාලය හා ද මැසනඩ් විද්‍යාලය පිළිවෙළින් මලියදේව විද්‍යාලයට හා  සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එදිරිව පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත් අද (16) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග රැසක්ම පැවැත්විය. පළමු දිනයට පැවැත්වූ තරගවල වැඩි වාසිය දිනා ගැනීමට රාජකීය, සාන්ත පීතර, සාන්ත සිල්වෙස්ටර්, සාන්ත ජෝසප් හා ත්‍රිත්ව විද්‍යාල සමත් විය.

හසිඳු ප්‍රමුඛගේ දස්කම් නිසා ජනාධිපති විදුහලට ජය

අද (15) නිමා වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග අතුරෙන් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා…

මලියදේව විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

සුහද තරගයක් ලෙස පැවැත්වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක මලියදේව විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර පළමු දිනය අවසන් වන විට නාලන්ද විද්‍යාල ලකුණු සටහන 125/4ක් ලෙස දැක්විය.

අද දිනය තුළ නාලන්ද පළමු ඉනිම ලකුණු 259කට සීමා වූයේ පළමු ඉනිමේ ජයග්‍රහණය නාලන්ද විද්‍යාලයට හිමි කර දෙමිනි. චමිඳු විජේසිංහ ලකුණු 72යි. කවීන් බණ්ඩාර ලකුණු 67ක් ලබා ගත්තේ මලියදේව විද්‍යාල දෙවන ඉනිම ලකුණු 168ක් දක්වා ඔසවා තබමිනි.

මලියදේව විද්‍යාලය – 255 (63.1): දුලාජ් රණතුංග 81, බ්‍රයන් කරුණානායක 43, සංජීවන් ප්‍රියදර්ශන 43, කවීන් බණ්ඩාර 29*, චලුක අතපත්තු 27, කවීශ් මදුරප්පෙරුම 4/44, මහිම වීරකෝන් 3/31.

නාලන්ද විද්‍යාලය – 259 (64.1): චමිඳු විජේසිංහ 72, ලක්ෂිත රසාංජන 56, අවිශ්ක පෙරේරා 36, දුලාජ් රණතුංග 3/53.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 168 (46.3): කවීන් බණ්ඩාර 67, දුලාජ් රණතුංග 35, ගයාන් කරුණානායක 23, රවීන් ද සිල්වා 4/30.

නාලන්ද විද්‍යාල දෙවන ඉනිම – 56/2 (7.5):

සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් මෙම තරගයේ, ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 298ට පිළිතුරු ලෙස මැසනොඩ් විද්‍යාලය ඊයේ දිනය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 184ක් ලබාගෙන තිබුණි.

නිම්න ප්‍රනාන්දු හා පසිඳු රාජමුනේන්ද්‍ර අගනා අර්ධ ශතක දෙකක් ලබාගෙන මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම ලකුණු 300ක් දක්‌වා ඔසවා  තබන ලදි. සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් තරුෂ ප්‍රනාන්දු නැවතත් අර්ධ ශතකයක් ලබා ගත්තේය. නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 62යි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 298 (50.5): ජනිෂ්ක පෙරේරා 73, තරුෂ ප්‍රනාන්දු 56, ප්‍රවීන් කුරේ 47, ශනෙල් ප්‍රනාන්දු 41, මලින්ත පිරිස් 35, නුවනිඳු ප්‍රනාන්දු 30, සාලිය ජූඩ් 2/21, මලිත් ප්‍රනාන්දු 2/53, මාරක් මතායස් 2/63.

ද මැසනොඩ් විද්‍යාලය  – 300/9d (77): නිම්න ප්‍රනාන්දු 89, පසිඳු රාජමුනේන්ද්‍ර 58, නදුන් ඩිල්ශාන් 42, මිතිල ගීත් 34, ප්‍රවීන් ජයවික්‍රම 4/98.

සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම – 270 (63.2): තරුෂ ප්‍රනාන්දු 69, නුවනිඳු ප්‍රනාන්දු 62, ප්‍රවීන් කුරේ 33, ජනිෂ්ක පෙරේරා 26, සාලිය ජූඩ් 4/82.

බංගලියන්ගේ වාර්තාගත ඉනිම ශ්‍රී ලංකාව ක්ෂණයකින් උදුරා ගනී

බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් විසින් වැඩිම ලකුණු ලබා ගනිමින් සැමරූ උද්දාමය තරගය නිමා වීමට තවත් පන්දු 20ක් ඉතිරිව තිබිය දී ම විනාශ කර දැමීමට…

පළමු දිනයට පැවැත්වූ තරග

රාජකීය විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගයක් වන මෙය මෙවර 125 වන වරටත් පැවැත්විය. කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලය විසින් දිනා ගත්තේය. කමිල් මිශාරගේ ලකුණු 35 සමඟන් රාජකීය විද්‍යාල පළමු ඉනිම ලකුණු 150කින් අවසන් විය. මොවින් සුබසිංහ කඩුලු 5යි.

පිළිතුරු ඉනිම දියත් කළ වෙස්ලි විද්‍යාලයට සාර්ථක පිතිකරණය නිරත වීමට තෙමාල් බණ්ඩාර ඇතුළු රාජකීය පන්දු යවන්නන් අවසර නොදුනි. පළමු දිනයට තරගය අවසන් වන විට රාජකීය විද්‍යාලය වෙස්ලි විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 86ක් ඉදිරියෙන් සිටියි. මෙම තරගය හෙට  (17) දිනය තුලත් ThePapare.com හරහා සජීවීව විකාශනය කරනු ඇත.

රාජකීය විද්‍යාලය – 150 (38.5): කමිල් මිශාර 35, භාග්‍ය දිසානායක 29, මොවින් සුබසිංහ 5/48, ෂෙනාල් දංගල්ල 3/57.

වෙස්ලි විද්‍යාලය – 104 (40.3): ෂෙනාල් දංගල්ල 34, තෙමාල් බණ්ඩාර 4/18, ලහිරු මදුසංක 3/24.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 40/2 (11):


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යවා සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම ලකුණු 169කට සීමා කළේය. ශැනොන් ප්‍රනාන්දු ලකුණු 58ක් ලබාගෙන සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. දක්ෂ ලෙස පන්දු යැවූ නිම්නක ජයතිලක කඩුලු 6යි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම ලකුණු 137කට සීමා වුයේ මොහොමඩ් අමීන්ගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. පළමු දිනය අවසානයේ වැඩි වාසිය සාන්ත පීතර විද්‍යාලයට.

සාන්ත පීතර විද්‍යාලය – 169 (48.2): ශැනොන් ප්‍රනාන්දු 58, සන්තුෂ් ගුණතිලක 43, නිපුනක ෆොන්සේකා 34, නිම්නක ජයතිලක 6/57.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 137 (37.2): මොහොමඩ් අබ්සාර් 27, මොහොමඩ් අමීන් 5/47, සන්තුෂ් ගුණතිලක 4/36.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 8/0 (4):

ධර්මරාජ විද්‍යාලය හා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සංචාරක සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දුවට පහර දී ලකුණු 141ක් ලබා ගත්තේය. එහි දී අවිඳු හේරත් ලකුණු 50යි. විරාජිත් ඇහැළේපොළ කඩුලු  5යි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ නිම්සර අත්තනගල්ලගේ පන්දු හමුවේ යම් මට්ටමකට හෝ සාර්ථක වූයේ කසුන් ගුණවර්ධන පමණි. අවසානයේ ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම ලකුණු 130කට සීමා විය. දක්ෂ ලෙස පන්දු යැවූ නිම්සර කඩුලු 7යි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 141 (41.1): අවිඳු හේරත් 50, විරාජිත් ඇහැළේපොළ 5/42, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 4/22.

ධර්මරාජ විද්‍යාලය – 130 (47.4): කසුන් ගුණවර්ධන 40, ඉසුරු දයානන්ද 33, නිම්සර අත්තනගල්ල 7/40.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 2/0 (1):


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

කාසියේ වාසිය දිනූ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 194කට සීමා කළේය. සාන්ත ජෝසප් මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණකට දැවී යන විට සිය විද්‍යාලයට අර්ධ ශතකයකින් සවියක් වීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය.

සාන්ත බෙනඩික්ට් කණ්ඩායම් උප නායක පෘතුවි ජෙගරාජසිංහම් ලකුණු 27ක් තුළ කඩුලු 5ක් දවා ගන්නා ලදි. පළමු දිනයට තරගය නිමා වන විට සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම 107/6ක් ලෙස දැක්විය.

සාන්ත ජෝසප් විද්‍යාලය – 194 (56.1): දුනිත් වෙල්ලාලගේ 50*, ලක්ෂාන් ගමගේ 30, ජෙහාන් ඩැනියල් 27, පෘතුවි ජෙගරාජසිංහම් 5/27.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 107/6 (41): ඩිලාන් චතුරංග 36, රයන් ෆ්ලෙසින්ග්ර් 31, අශේන් ඩැනියල් 2/18, මිරංග වික්‍රමගේ 2/24, දුනිත් වෙල්ලාලගේ 2/24.

ආයුබෝ වේවා මහරජාණෙනි…

ඒ‍ ජා‍ත්‍ය‍න්‍ත‍ර‍ ක්‍රී‍ඩ‍ක‍ය‍න්‍ ඔ‍හු‍ව‍ හැ‍ඳි‍න්‍වූ‍ සුරතල් නා‍ම‍ය‍යි‍. සු‍දු‍ ඇ‍ඳු‍මෙ‍න්‍ සැ‍ර‍සු‍න‍, තරමක් තරබාරු සිරුරකින් හෙබි ඔ‍හු‍ දෙ‍ස‍ මොහොතක් බලා‍ සි‍ටී‍මේ‍ දී‍ ඒ‍ සු‍ර‍ත‍ල්‍ නාම‍යෙ‍හි‍ ව‍ර‍ද‍ක්‍ ඇ‍ත්‍තේ‍…

ත්‍රිත්ව විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

අස්ගිරිය පිටියේ දී කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. පළමු දිනය අවසන් වන විට සාන්ත තෝමස් විද්‍යාල ලකුණු සටහන 65/4ක් ලෙස දැක්විය. ත්‍රිත්ව විද්‍යාලයේ පුබුදු බණ්ඩාර හා අශාන් ලොකු පිටිය අර්ධ ශතක දෙකක් ලබා ගත්හ.

ත්‍රිත්ව විද්‍යාලය – 243 (69.5): පුබුදු බණ්ඩාර 76, අශාන් ලොකුපිටිය 72*, අභිෂේක් ආනන්දකුමාර 33, මොහොමඩ් අෂාම් 3/57, පවිත් රත්නායක 3/59.

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 65/4 (22):


ඉසිපතන විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ඉසිපතන විද්‍යාලයට අවසර දුන්නේය. 55 වන සහෝදරයින්ගේ පාසල් ක්‍රිකට් ගැටුමට පෙර පැවතී මේ තරගය එක්තරා ආකාරයකින් පුහුණු තරගයක් ලෙසත් හැඳින්වීමට හැකිය.

ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 180ක් රැස්කර ගත්තේය. ලේශාන් අමරසිංහගේ වටිනා ශතකය නොතිබුනා නම් ඉසිපතනය අසීරු අඩියක පසුවීමට තිබුණි. තරගය පළමු දිනයට නවතා දමන විට තර්ස්ටන් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 90යි.

ඉසිපතන විද්‍යාලය – 180 (60.2): ලෙශාන් අමරසිංහ 106, සිසිර වීරසිංහ 3/38, යොහාන් ලියනගේ 3/54.

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 90/6 (26): සිසිර වීරසිංහ 35.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ල හෙටත් (17) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<