ආනන්දයට අභියෝගයක් වූ ජෝස්ප්වරුන්ට ජය

433

අද (14) අවසන් වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග අතුරෙන් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය, සාන්ත සර්වේසස් විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය.

එසේම එම තරග තුනම දෙවන දිනයට පැවැත්වූ තරග වූ අතර ඒ සියල්ලම පූර්ණ ප්‍රතිඵලයක් සහිතව අවසන් වීම කැපී පෙනින. එහි දී රෙවාන් කෙලී හා මිරංග වික්‍රමගේ ආනන්ද විද්‍යාලය පරාජය කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලයට සවියක් විය.

මලියදේව විද්‍යාලයේ සුපුන් ද්විත්ව ශතකයකට

කලකට පසුව වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් පිටිය තුළ ද්විත්ව ශතකයක් වාර්තා වූ අද (13) දිනය තුලත් පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම අවසන් වූ අතර තවත් තරග කිහිපයකම ආරම්භය සිදු විය. අද දිනයේ දී ද්විත්ව ශතකයක් ලබා ගත්තේ මලියදේව විද්‍යාලයේ සුපුන් සුමනරත්න (202) විසිනි.

සාන්ත ජෝසප් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස අවසන් වූ මෙම තරගයෙන් සාන්ත ජෝසප් විද්‍යාලය ඉනිමක හා ලකුණු 2ක ජයක් ලබා ගන්නා ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 269ක් ලබා ගත්තේය. එහි දී රෙවාන් කෙලී ලකුණු 75ක් ලබාගෙන ඔවුන්ගේ ජයග්‍රහණයට මාවත විවර කරන විට ජෙහාන් මලියදේව විද්‍යාලයේ සුපුන් ද්විත්ව ශතකයකටඩැනියල් හා ලක්ෂාන් ගමගේ පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 40ක් ලබාගෙන සිය ඉනිමට සවියක් විය.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිමේ ආරම්භය එතරම් සුබදායි නොවූ අතර මිරංග වික්‍රමගේ ආනන්ද දෙවන ඉනිම ලකුණු 123කට සීමා කරමින් දස්කම් දක්වන ලදි.

ආනන්ද විද්‍යාලය – 144 (51.3): ලක්ෂිත අමරසේකර 27, මිරංග වික්‍රමගේ 7/28.

සාන්ත ජෝසප් විද්‍යාලය –  269 (79.2): රෙවාන් කෙලී 75, ජෙහාන් ඩැනියල් 45, ලක්ෂාන් ගමගේ 40, ශිවාන් රාසුල් 26, දමිඳු රේෂාන් 4/69, අසේල සිගේරා 3/70.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම – 123 (39.3): ලහිරු හිරන්‍ය 28, මිරංග වික්‍රමගේ 5/37, දුනිත් වෙල්ලාලගේ 3/33.


 

ධර්මරාජ විද්‍යාලය හා සාන්ත සර්වේසස් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගය මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ දී නිමා වූයේ සාන්ත සර්වේසස් විද්‍යාලයට කඩුලු 10ක ජයක් ලබා දෙමිනි. සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු ලෙස ධර්මරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 98කි. සචින්ත සේනානායක ලකුණු 33යි. ඒ නිසාවෙන් සාන්ත සර්වේසස් විද්‍යාලයට තරගය ජයග්‍රහණය කිරීමට ලබා ගැනීමට නියමිතව තිබුණේ ලකුණු 4කි. එය ඔවුන් පහසුවෙන්ම සපුරා ගත්හ.

ධර්මරාජ විද්‍යාලය – 119 (47): විරාජිත ඇහැළේපොළ 43, සුපුන් කාවින්ද 3/12.

සාන්ත සර්වේසස් විද්‍යාලය  – 214 (81.4): සුපුන් කාවින්ද 26, පුෂ්පික ඩිල්ශාන් 25, උපේන්ද්‍ර වර්ණකුලසුරිය 6/57.

ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම –  98 (59.5): සචින්ත සේනානායක 33, ශසික දුල්ෂාන් 3/17, කේෂර නුවන්ත 2/13.

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිම – 4/0 (2.4)


 

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මාකඳුර මහජන ක්‍රීඩා පිටියේ දී මෙම තරගය අවසන් වූයේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 5ක් ජයක් හිමිකර දෙමිනි.

ඊයේ දිනය අවසන් වන විට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 95ක් ලබාගෙන තිබුණි. පසුව ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 147කට සීමා විය. කවීෂ ජයතිලක 42*යි. බණ්ඩාරනායක විද්‍යාලය සිය දෙවන ඉනිමට ලකුණු 175ක් ලබා ගන්නා ලදි. තිලාන් චතුරංග හා ශෙහාන් ප්‍රනාන්දු වේගවත් අර්ධ ශතක ලබාගෙන ඔවුන්ගේ විද්‍යාලයේ ජය තහවුරු කරන ලදි.

බණ්ඩාරනායක විද්‍යාලය – 174 (53): මාධව තත්සර 40, සහිරු රොෂේන් 30, මහීෂ තීක්ෂණ 5/61, ඉමේෂ් ප්‍රනාන්දු 5/48.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  – 147 (58.3): කවීෂ ජයතිලක 42*, ශනිල්ක නිර්මාල් 41, ප්‍රභාෂ් අල්විස් 3/25, අරෝෂ් වික්‍රමගේ 3/42.

බණ්ඩාරනායක විද්‍යාල දෙවන ඉනිම – 175 (48): දිලීප් සඳරුවන් 40, හසිත් පතිරගේ 36,  මහීෂ තීක්ෂණ 4/73, විහඟ රුවන් 3/28

සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවන ඉනිම –   203/5 (28.4):  ශෙහාන් ප්‍රනාන්දු 56*, තිලාන් චතුරංග 55.

පළමු දිනයට පැවැත්වූ තරග

සාන්තුවරයන්ගේ සටනට සාඩම්බර අනුග්‍රාහකත්වය Dialog සමාගමෙන්

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර 84 වැනි වරටත් පැවැත්වෙන “සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් සටන” ලබන…


 

ඉසිපතන විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර පළමු දිනය නිමා වන විට ඉසිපතන ඉනිම 34/2ක් ලෙස දැක්විය. පළමු ඉනිම ක්‍රීඩා කළ වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් සඳුන් ප්‍රනාන්දු හා අවිඳු ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 94ක් හා 65ක් ලබා ගන්නා ලදි. සනෝජ් දර්ශික ලකුණු 65යි. අවසානයේ ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 321ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි.

වේල්ස් කුමර විද්‍යාලය – 321/7d (77): සඳුන් ප්‍රනාන්දු 94, අවිඳු ප්‍රනාන්දු  65, සනෝජ් දර්ශික 65, සවිඳු පිරිස් 39*, මදුශංක සඳරුවන් 3/89.

ඉසිපතන විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 34/2 (16): සංජුල අබේවික්‍රම 24*, අවිඳු ප්‍රනාන්දු 2/08.


 

තර්ස්ටන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් මහානාම විද්‍යාලය සත්කාරක තර්ස්ටන් විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට අවසර දුන්නේය. ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණකට දැවී ගියත් නායක නිපුන් ලක්ෂාන් ලකුණු ලබාගෙන තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම සෑහීමකට පත්විය හැකි මට්ටමකට රැගෙන එන ලදි.

හෂාන් සංදීප කඩුලු 5යි. පළමු දිනයට තරගය නවතාලන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන මහානාම විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 85යි. නොදැවී ක්‍රීඩා කරන පවන් රත්නායක ලකුණු 23*යි.

තර්ස්ටන් විද්‍යාලය – 164 (61): නිපුන් ලක්ෂාන් 87, හෂාන් සංදීප 5/84, හේෂාන් හෙට්ටිආරච්චි 4/36

මහානාම විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 85/3 (24): දුෂාන් මෙන්ඩිස් 42, පවන් රත්නායක 23*

ලොයෙලා – ක්‍රිස්තුරාජ මිතුරන් ප්‍රථම මහා සංග්‍රාමයට සූදානමින්

පාසල් ක්‍රිකට් පිටියට මහා වසන්තය කැන්දමින් බෝපිටිය ලොයෙලා විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර ප්‍රථම වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 16 සහ 17 දෙදින පුරා කදිරානේ දී පැවැත්වේ. මේ වර්ෂයේ මෙරට ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු වාර්ෂික මහා ක්‍රිකට් තරගය වෙන්නේ ද මෙයයි.


 

සාන්ත මරියා විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

උපාලි ගුණරත්න පිටියේ දී කාසියේ වාසිය දිනාගත් ජනාධිපති විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 201ක් ලබා ගත්තේය. ඉරංග හෂාන් ශතකයක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම සවිමත් කළේය. සංජය ජයමාල් සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් කඩුලු 6ක් දවාලන ලදි. සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම සුනුවිසුනු කිරීමට ප්‍රමුඛත්වය ගත්තේ හසිඳු ප්‍රමුඛ විසිනි. ඔහු කඩුලු 5ක් දවාලන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට ජනාධිපති විද්‍යාලය වැඩි වාසිය තමන් සතු කරගත්තේය.

ජනාධිපති විද්‍යාලය – 201 (43): ඉරංග හෂාන් 102, තනුල චමෝද් 28, සංජය ජයමාල් 6/55, සුපුන් කුමාර 4/67.

සාන්ත මරියා විද්‍යාලය – 143 (41): සුපුන් කුමාර 45, සජීව ජයමාල් 36, හසිඳු ප්‍රමුඛ 5/30.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 67/3 (13):


 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනාගත් සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. පසිඳු උෂෙට්ටි හා අවීෂ කේෂාන් සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම ලකුණු 96කට සීමා කරවන ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කරන මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් ලසිත් කෘෘස්පුල්ලේ අගනා ශතකයක් ලබාගෙන සිය විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කළේය. නොදැවී ක්‍රීඩා කරන චතුර අනුරාධ ලකණු 31*යි.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 96 (37): රශ්මික මෙවන් 19, පසිඳු උෂෙට්ටි 4/15, අවීෂ කේෂාන් 4/54

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 260/5 (56): ලසිත් කෘෘස්පුල්ලේ 129, අශේන් ප්‍රනාන්දු 37, චතුර අනුරාධ 31*.


 

ඩී. එස් සේනානායක විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සංචාරක ඩී. එස් සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දී සිය පළමු ඉනිමට ලකුණු 160ක් ලබා ගන්නා ලදි. චමත් බණ්ඩාර ලකුණු 33ක් ලබා ගන්න විට ෂෙහාන් ජීවන්ත කඩුලු 4ක් දවාලන ලදි. පළමු දිනයට තරගය නවතාලන විට මොරටු මහා විද්‍යාල ලකුණු පුවරුව  89/5 ලෙස දැක්විණි. තරගය මොරටු මහා විද්‍යාල පිටියේ දී පැවැත්විණි.

ඩී. එස් සේනානායක විද්‍යාලය –  160 (61.1): චමත් බණ්ඩාර 33, ෂෙහාන් ජීවන්ත 4/31, රෂාන් කවිෂ්ක 3/55, නදීත් ඉෂේන්ද්‍ර 2/18.

මොරටු මහා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 89/5 (33): ශේසඳ නිශේන්ද්‍ර 28, මුදිත ලක්ෂාන් 3/33.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ල හෙටත් (15) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<